UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහ ජනතා පූජෝපහාර මධ්‍යයේ අසිරිමත් සම්බුදු සිරිපා ශෛලමය අනුරුව සහ අනුබුදු මිහිඳු මා හිමි ප්‍රතිමා වහන්සේ මිහින්තලා පුදබිමට වැඩම කරවති

අසිරිමත් සම්බුදු සිරිපා ශෛලමය අනුරුව සහ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ දැවමය ප්‍රතිමා වහන්සේ නිර්මාණය මහා වංශයට නව එකතුවක් ලෙසින් අනාගත දායාදයක් බවට පත්වන අගනා උතුම් පූජනීය සද් කාර්යයක් බව මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ පැවසූහ. කොළඹ ලේක්හවුස් මන්දිරය අබියස සිට මිහින්තලා පුදබිම දක්වා ජුනි 06 දින වැඩම වූ මෙම සම්බුදු සිරිපා ශෛලමය අනුරුව සහ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ දැවමය ප්‍රතිමා වහන්සේ රැගත් රිය පෙරහර ආරම්භ කිරීමේ පුණ්‍යෙීත්සවයට සහභාගිවෙමින් ධම්මරතන නා හිමියෝ මෙසේ පැවැසූහ. ලේක්හවුස් ආයතනයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ මැතිතුමන් කරඬු වහන්සේ වැඩමවා භික්ෂූන් වහන්සේ වෙත ආගමික වතාවත් සඳහා ආරාධනා කිරීමෙන් පසු කොටහේන සාම විහාරාධිපති මාදම්පිටියේ විමලවංශ හිමියෝ පැමිණ සිටි පිරිස පංචශීලයේ පිහිටුවූහ.

ඉතිරිය»

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ වාර්ෂික උපසම්පදා විනය කර්මය ජුනි 15,16,17 දිනවල දී

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ වාර්ෂික උපසම්පදා විනය කර්මය බලපිටිය, වැලිතර මහා කප්පින වලව්ව සීමාමාලක විහාරස්ථ ‘මහා මංගල’ බද්ධ සීමාමාලකයේ දී ජුනි 15,16,17 දිනවල දී සිදු කෙරේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සැබෑ ප්‍රතිකාරය රෝගයට නොව රෝග නිධානයටයි

බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි එක දෙවියෙක් උන්වහන්සේගෙන් අසන ලද ප්‍රශ්නයක් සංයුක්ත නිකායේ සඳහන් වන්නේ මෙසේ ය.

අන්තෝ ජටා බහි ජටා - ජටාය ජටිතා පජා
තං තං ගෝතම පුච්ඡාමි - කෝ ඉමං විජටයේ ජටං

ගෞතමයන් වහන්ස, ඇතුළතත් අවුල් ය, පිටතත් අවුල් ය, සත්ත්වයා අවුලෙන් වෙළී සිටී. කවරෙක් නම් මේ අවුල නිරවුල් කරන්නේදැයි ඔබවහන්සේගෙන් විචාරමි' යි ඔහු ප්‍රකාශ කරයි. එයින් පැහැදිලි වන එක කරුණක් නම් බුද්ධ කාලයට පෙර සිටම මිනිසුන් තුළ ගැටලු පැවතුණ බවයි. ගැට ගැසුණු තැන් ගැටලු ලෙස දැකිය හැකි නම්, ගැටලු පිළිබඳ අවබෝධය පහසු කරවයි. අප දන්නා තරමින් විවිධ ගැට තිබේ. ඇතැම් ගැට පහසුවෙන් ලිහා ගත හැකි වුවද සමහර ගැට ලිහා ගැනීම අපහසු ය. කොතරම් අපහසු වුව ද ගැටයේ ස්වභාවය වටහා ගත් අයෙකුට ඒ ගැටය ලිහා ගැනීම පහසු කරවයි. යම් දෙයක් හෝ යම් සිදුවීමක් නැත්නම්, යම් පුද්ගලයෙක් පිළිබඳව නිශ්චිත වැටහීමක්, අවබෝධයක් ඇතිකර ගත නොහැකි ව සිතිවිලි සමුදායක් පහළ වූ විට, සිතේ අවුල් සහගත බවක් ඇති වේ. සරලවම මෙවැනි අවස්ථාවක් ගැටලුවක් ලෙස දැක්විය හැක. ළදරු හා ළමා අවදියේ දකින හැමදේම ගැටලුකාරී ය.

ඉතිරිය»

හැටපස්වැනි ජන්ම දිනය සමරන පල්ලේගම හේමරතන නා හිමි

කැලණිය විශ්ව විද්‍යාලයෙන් පුරාවිද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් ලබා සිටි හේමරතන නා හිමියෝ අනුරාධපුර ජේතවනාරාමාධිකාරී ලෙස සිටිමින් ම සංස්කෘතික ත්‍රිකෝණයේ, ජේතවනාරාම ව්‍යාපෘතියේ සහකාර අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් නිහඬ මෙහෙවරක් සිදු කළ ශ්‍රේෂ්ඨ හිමි නමකි. අනුරාධපුර රුවන්වැලි මහා චෛත්‍යරාමාධිකාරී, ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ, රජරට නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක, ප්‍රවීන ගීතරචක, ශාස්ත්‍රවේදී පල්ලේගම සිරිසුමන රතනපාල හේමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 65 වැනි ජන්ම දිනය නිමිත්තෙනි.

රුවන් වැලි බිමේ පායන දිනිදාන
පහන් හැඟුම් මතු කරවන සුරිදාන
දහම් ගුණ සුවඳ පතුරන කිවිදාන
චිරන් ජයතු පල්ලේගම සමිදාන

ඉතිරිය»

බුදුරදුන්ට වානරයෙකුගෙන් පූජාවක්

 

අධි පොසොන් අමාවක පෝය


අධි පොසොන් අමාවක පෝය ජුනි 13 වනදා බදාදා පූර්ව භාග 4.35 ට ලබයි. 14 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 01.13 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ජුනි 13 බදාදා ය.

 

මීළඟ පෝය ජුනි 20 බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූනි 13

First Quarterපුර අටවක

ජූනි 20

Full Moonපසෙලාස්වක

ජූනි 27

Second Quarterඅව අටවක

ජූලි 06


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]