UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

සැබෑ ප්‍රතිකාරය රෝගයට නොව රෝග නිධානයටයි

බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි එක දෙවියෙක් උන්වහන්සේගෙන් අසන ලද ප්‍රශ්නයක් සංයුක්ත නිකායේ සඳහන් වන්නේ මෙසේ ය.

අන්තෝ ජටා බහි ජටා - ජටාය ජටිතා පජා
තං තං ගෝතම පුච්ඡාමි - කෝ ඉමං විජටයේ ජටං

ගෞතමයන් වහන්ස, ඇතුළතත් අවුල් ය, පිටතත් අවුල් ය, සත්ත්වයා අවුලෙන් වෙළී සිටී. කවරෙක් නම් මේ අවුල නිරවුල් කරන්නේදැයි ඔබවහන්සේගෙන් විචාරමි' යි ඔහු ප්‍රකාශ කරයි. එයින් පැහැදිලි වන එක කරුණක් නම් බුද්ධ කාලයට පෙර සිටම මිනිසුන් තුළ ගැටලු පැවතුණ බවයි. ගැට ගැසුණු තැන් ගැටලු ලෙස දැකිය හැකි නම්, ගැටලු පිළිබඳ අවබෝධය පහසු කරවයි. අප දන්නා තරමින් විවිධ ගැට තිබේ. ඇතැම් ගැට පහසුවෙන් ලිහා ගත හැකි වුවද සමහර ගැට ලිහා ගැනීම අපහසු ය. කොතරම් අපහසු වුව ද ගැටයේ ස්වභාවය වටහා ගත් අයෙකුට ඒ ගැටය ලිහා ගැනීම පහසු කරවයි. යම් දෙයක් හෝ යම් සිදුවීමක් නැත්නම්, යම් පුද්ගලයෙක් පිළිබඳව නිශ්චිත වැටහීමක්, අවබෝධයක් ඇතිකර ගත නොහැකි ව සිතිවිලි සමුදායක් පහළ වූ විට, සිතේ අවුල් සහගත බවක් ඇති වේ. සරලවම මෙවැනි අවස්ථාවක් ගැටලුවක් ලෙස දැක්විය හැක. ළදරු හා ළමා අවදියේ දකින හැමදේම ගැටලුකාරී ය. ඔවුන් ඒවා අන් අයගෙන් ප්‍රශ්න කරයි. දරුවන්ගේ ගැටලු හඳුනාගත යුත්තේ ඔවුනට සමීපවම සිටින මව්පියන් විසිනි.

ඉතිරිය»

 

අධි පොසොන් අමාවක පෝය


අධි පොසොන් අමාවක පෝය ජුනි 13 වනදා බදාදා පූර්ව භාග 4.35 ට ලබයි. 14 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 01.13 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ජුනි 13 බදාදා ය.

 

මීළඟ පෝය ජුනි 20 බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූනි 13

First Quarterපුර අටවක

ජූනි 20

Full Moonපසෙලාස්වක

ජූනි 27

Second Quarterඅව අටවක

ජූලි 06


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]