මිත්තානිසංස සූත්‍රය
ගල්කිස්ස
උසස් බාලිකා විද්‍යාලයේ
සහකාර විදුහල්පති
ශාස්ත්‍රපති
බුස්දුල්ලේ සිරිධම්ම හිමි
මිත්තානිසංස සූත්‍රයේ උත්පත්තිය පිළිබඳ සැලකීමේ දී බරණැස් රජුගේ චන්ද්‍ර නම්
අගමෙහෙසියට පුතෙකු ප්‍රාර්ථනා කළේ ය. ඇගේ සීල ගුණය නිසා ශක්‍ර දේවේන්ද්‍රයා විසින්
දෙව්ලොව වාසය කළ බෝසතුන්ට ඇගේ කුසෙහි පිළිසිඳ ගන්නා ලෙස ආයාචනා කළේ ය.
බෝසතුන් කුසේ පිළිසිඳ ගත්තේ ය. දස මසකට පසු උපන් දිනයෙහි වර්ෂාවක් ඇතිවීම නිසා ද,
රජුගේ ද ඇමැතියන්ගේ ද රටවැස්සන්ගේ ද හදවත් තුළ අප්‍රමාණ සෙනෙහසක් උපදවමින් උපත
ලැබීම නිසා තේමිය යන නම තබන ලදී.
තේමිය කුමාරයා ළදරු වියේ දිනක් රජතුමාගේ උකුළෙහි හිස තබා සිටිය දී රජතුමා චර
පුරුෂයන්ට වැරැදිකරුවන්ට එරෙහිව දඬුවම් නියම කළේය. මෙය අසා සිටි තේමිය කුමාරයා තමා
පෙර භවයක රාජ සම්පත් විඳීමේ දී සිදුකළ දඬුවම් නිසා නිරයේ ඉපදී අප්‍රමාණව දුක් විඳි
බව සිහි කළේය. එනිසා ගිහි ජීවිතයෙන් බැහැර වන්නේ කෙසේ දැයි කල්පනා කළේය. එම
අවස්ථාවේ දී පෙර අත් බවයක මවක් වූ වර්තමානයේ එම අසල ගසක වාසය කළ දේවතාවෙකු පැමිණ
අන්ධයෙකු, බිහිරෙකු, කොරෙකු සේ කටයුතු කරන ලෙස දන්වා සිටියේ ය. තේමිය කුමාරයා එම
උපදේශය පිළිපැද්දේ ය. බරණැස් රජතුමා නිමිත්ත පාඨකයන් ගෙන්වා තමාට උපදින්නේ පින්වන්ත
කුමරෙකු යැයි කළ අනාවැකිත් ඉපදුණ දිනයන්හි කළ අනාවැකිත් බොරු වන්නේ කුමක් නිසාදැයි
විමසී ය. නිමිත්ත පාඨකයෝ එම අනාවැකි කිසිවක් බොරු නොවන බව නැවතත් ප්‍රකාශ කළහ.
ඔවුන්ගේ අදහස් අනුව තේමිය කුමාරයා අන්ධ ගොලු බිහිරෙකු නොවන බව නිවැරැදිව දැන ගැනීමට
විවිධ දේ කළහ. එහෙත් එය දැන ගැනීමට නොහැකි විය. කාලයාගේ ඇවෑමෙන් චන්ද්‍රවතී දේවිය
රජතුමාගෙන් පුත් කුමරාට රාජ්‍ය පවරන ලෙස ඉල්ලා සිටියා ය. නමුත් රජතුමා එකඟ නොවී ය.
අවාසනයේ දී දේවියගේ දැඩි ඉල්ලීම නිසා සතියකට රාජ්‍ය පැවරීමට එකඟ විය . දිනපතාම
දේවිය තේමිය කුමාරයා සමීපයට ගොස් විවිධ දේ කියමින් ඔහු අංග විකලයෙකු නොවන බව සනාථ
කර ගැනීමට උත්සාහ කළා ය. නමුත් එය අසාර්ථක විය. සයවන දිනයේ දී රජතුමා සුනන්ද නම්
සෙනෙවියා ගෙන්වා කුමාරයා ගෙන ගොස් අමු සොහොනේ වලක් සකස්කොට එහි දමා හිසට පහර දී
පස්වලින් යට කොට සොහොනක් බැඳ පැමිණෙන ලෙස දැන්වූයේ ය. සුනන්ද සෙනෙවියා ද රජතුමාගේ
උපදෙස් පරිදි සත්වන දිනයේ දේවිය අඬද්දී ම කුමාරයා රැගෙන ගියේ ය. ශක්‍ර දේවේන්ද්‍රයා
තේමිය කුමාරයා නිවසින් පිටත් කළ බවත් ඔහුගේ අදහස අද සම්පූර්ණ වන බවත් දැන විශ්වකර්ම
දිව්‍ය පුත්‍රයා ලවා අමු සොහොනක් මවන ලද්දේ ය.
සුනන්ද සෙනෙවියා එහි වලක් හාරන විට තේමිය කුමාරයාට දිව්‍ය සළු අන්දවන ලදී. තේමිය
කුමාරයා සොහොන හාරන සුනන්ද සෙනෙවියා ඉදිරියට ගොස් කුමක් කරන්නේදැයි විමසුවේ ය. ඇස්
කන් නොපෙනෙන ගොලු තේමිය කුමාරයා වල දැමීමටයි ප්‍රකාශ කළේ ය. තේමිය කුමාරයාගේ ඇස්
කන් පෙනෙන බවත් කතා කළ හැකි බවත් ප්‍රකාශ කළේ ය. එහෙත් ඔහු වටපිට නොබලාම වල හාරන්නට
විය. නැවතත් තේමිය කුමාරයා සුනන්ද අමතා ඉදිරිය බලන ලෙස පැවසුවේය . ඔහු ඉදිරිය බලන
විට තමා ඉදිරියේ දේව ලීලාවෙන් පසුවන තේමිය කුමාරයා දැක ඔබ කවරෙක්දැයි ඇසුවේය. යමෙක්
ගසක සෙවනෙහි හඳින්නේ ද, නිදන්නේ ද එහි අත්තක් බිඳින්නේ නැත. මිතුරන් ද්‍රෝහි කරන්නා
පව් කරන්නෙකි.
රජු ගසක් බඳු ය. මම ඒ ගසෙහි අත්තක් වැනි ය. රියදුරු ඔබ ඒ ගසෙහි සෙවනට පැමිණි
මිනිසෙක් වැනිය. වනයෙහි මා වළ දමන්නට උත්සාහ ගන්නා ඔබ අධර්මයක් කරන්නේ ය.
මෙම ලිපියෙහි ඉතිරි කොටස පොසොන් පුර අටවක ජුනි 20 පෝදා පත්‍රයේ පළවේ. |