UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 
 

 

මහ ජනතා පූජෝපහාර මධ්‍යයේ අසිරිමත් සම්බුදු සිරිපා ශෛලමය අනුරුව සහ අනුබුදු මිහිඳු මා හිමි ප්‍රතිමා වහන්සේ මිහින්තලා පුදබිමට වැඩම කරවති

අසිරිමත් සම්බුදු සිරිපා ශෛලමය අනුරුව සහ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ දැවමය ප්‍රතිමා වහන්සේ නිර්මාණය මහා වංශයට නව එකතුවක් ලෙසින් අනාගත දායාදයක් බවට පත්වන අගනා උතුම් පූජනීය සද් කාර්යයක් බව මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ පැවසූහ. කොළඹ ලේක්හවුස් මන්දිරය අබියස සිට මිහින්තලා පුදබිම දක්වා ජුනි 06 දින වැඩම වූ මෙම සම්බුදු සිරිපා ශෛලමය අනුරුව සහ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ දැවමය ප්‍රතිමා වහන්සේ රැගත් රිය පෙරහර ආරම්භ කිරීමේ පුණ්‍යෙීත්සවයට සහභාගිවෙමින් ධම්මරතන නා හිමියෝ මෙසේ පැවැසූහ. ලේක්හවුස් ආයතනයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ මැතිතුමන් කරඬු වහන්සේ වැඩමවා භික්ෂූන් වහන්සේ වෙත ආගමික වතාවත් සඳහා ආරාධනා කිරීමෙන් පසු කොටහේන සාම විහාරාධිපති මාදම්පිටියේ විමලවංශ හිමියෝ පැමිණ සිටි පිරිස පංචශීලයේ පිහිටුවූහ. මෙම ආගමික අවස්ථාවට හුණුපිටිය ගංගාරාමයේ මහා සංඝයා වහන්සේලා ද වැඩම කර සිටි අතර, සෙත් පිරිත් සජ්ඣායනයෙන් පසු ධම්මරතන නා හිමියන් විසින් මෙම පුණ්‍ය කටයුත්ත පිළිබඳව අනුශාසනාවක් පවත්වමින් තවදුරටත් මෙසේ ද පැවැසූහ.

ඉතිරිය»

 

අධි පොසොන් අමාවක පෝය


අධි පොසොන් අමාවක පෝය ජුනි 13 වනදා බදාදා පූර්ව භාග 4.35 ට ලබයි. 14 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 01.13 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ජුනි 13 බදාදා ය.

 

මීළඟ පෝය ජුනි 20 බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූනි 13

First Quarterපුර අටවක

ජූනි 20

Full Moonපසෙලාස්වක

ජූනි 27

Second Quarterඅව අටවක

ජූලි 06


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]