ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ වෙසක් පුර අටවක පෝ දා 2026 අප්‍රේල් 24 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
සත්‍යය යනු කුමක්ද? - 01
බෞද්ධ දාර්ශනික ඉගැන්වීම් අතර ‘සත්‍යය’ යන සංකල්පය තරම් බුහුමනට පත් වූ වෙනත් වදනක් නොමැත. ලොව බුදුවරු පහළ වනුයේ අවිද්‍යාන්‍ධකාරයෙහි ගැලී, ලොව සැබෑ තතු වටහා ගැනීමට අසමත් වූ සත්වයන්ට ලොව සැබෑ තතු අවබෝධ කරලීමට ය. සිද්ධාර්ථ මහ බෝසතාණෝ සතර පෙරනිමිති දැකීම් වශයෙන් පෙන්වා දෙනුයේ ලොව සැබෑ තතු පළමුවරට දුටු අවස්ථාව යි. ජරා, මහලු, ව්‍යාධි (ලෙඩ රෝගවලට මුහුණපෑම) සහ මරණ (ජීවිතයේ අවසානය වන මරණය) යන අවස්ථාවලට පත්වූවෝ මින් පෙර දැක නො සිටියහ. මෙහිදී ලොව සැබෑ තතු දුටු බෝසතාණෝ මිනිසා ජීවිත කාලය පුරාවට ජාත්‍යාදී දුකට පත් වීම නිසා විඳීන දුකෙන් මුදා ගැනීමේ මාර්ගයක් කල්පනා කළහ. ඒ අනුව ලොව සැබෑ තතු සෙවීමේ (සත්‍ය ගවේෂණය) අරමුණින් උන්වහන්සේ පැවිදි රූපය තෝරාගෙන, ඒ ඔස්සේ ආර්ය පර්යේෂණය ආරම්භ කළ බවත්, එම පර්යේෂණ ක්‍රමවේදයෙන් ලොව සැබෑ තතු අවබෝධ කර ගත් ආකාරය පිළිබඳවත් අරිය පරියේසන සූත්‍රයේ සඳහන් වේ. සත්‍යය යනු කුමක් ද? යන්නත්, එම සත්‍යය වටහා ගැනීමට කුසල ගවේෂණයෙහි යෙදුණු බවත් (කිං කුසල ගවේසි) අරිය පරියේසන සූත්‍රයෙන් පැහැදිලි ය. ආලාරකාලාම හා උද්දකරාමපුත්‍ර වැනි ගුරුන් වෙත ගොස් ඔවුන් වෙතින් උගත් දෙයින් සැබෑ, සදාතනික සත්‍යය එහි නො වන බව උන්වහන්සේ පසක් කරගත්හ. පසුව උන්වහන්සේ අනුපමේය දුෂ්කර ප්‍රතිපදාවක් අනුගමනය කොට, මධ්‍යම ප්‍රතිපදාව ඔස්සේ සිත වැඩීමෙන් ලොව සැබෑ යථාර්ථය වටහා ගනිමින් තුන් ලොවට ම මහෝත්තම වූ සේක. ඒ සත්‍යය අවබෝධ කරලීමේ සන්තුෂ්ටිය බුදුරදුන් විසින් ම උදානයක් ලෙසින් ප්‍රකාශ කොට වදාළේ එහෙයිනි. පස්වග තවුසන් මූලික කර ගෙන පළමු වරට ලොවට සත්‍යය පෙන්වා දෙමින් දම්සක් පැවතුම් සූත්‍රය වදාළ අතර, එහිදී බුදුරදුන් සත්‍යය සතරක් සොයා ගත් බවත්, ලොව පවත්නා යථාර්ථය ලෙස මෙම සිව්සස් දහම වදාළහ. මෙතැන් සිට පන්සාළිස් වසක් දේශිත සම්බුද්ධ දේශනාව තුළ අන්තර්ගත දහම් කරුණු අතර, සත්‍යයෙහි පමණක් ඇති වටිනාකම සඳහන් කර තිබෙන අවස්ථා කිහිපයක් මෙසේ ය.
අප්‍රේල් 23 බ්‍රහපතින්දා අ.භා. 08.55න් පුර අටවක ලබා 24 සිකුරාදා අ.භා. 07.28න් ගෙවේ. 24 සිකුරාදා සිල්
පුර අටවක
අප්‍රේල් 24
පසළොස්වක
මැයි 01
අව අටවක
මැයි 09
අමාවක
මැයි 16
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]