ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ වෙසක් පුර අටවක පෝ දා 2026 අප්‍රේල් 24 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
අවිහිංසාවාදයේ සහ සාමයේ පණිවිඩය ලොවට ගෙන යමින් අමෙරිකාවේ ප්‍රාන්ත හරහා දින 110ක් කිලෝමීටර් 3700ක් පමණ පාද චාරිකාවේ යෙදුණු වියට්නාමයේ පඤ්ඤාකර හිමියන් ප්‍රමුඛ මහා සඟරුවන මහනුවර අස්ගිරිය ශ්‍රී විජය සුන්දරාරාම විහාරාධිකාරී, අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඇලන් හි ගෝතම බුද්ධ විහාරයේ විහාරාධිපති, ආචාර්ය මේල්පිටියේ විමලකිත්ති හිමිගේ ආරාධනයකට අනුව මෙරටට වැඩම කළේ පසුගිය 21 වැනි දා ය. චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය යන සම්බුදු වදන සමාජගත කිරීමේ අරමුණින් ඇරඹි මේ සාම පා ගමන ධුතාංගයකි. බුද්ධ චීවරය වෙනුවෙන් කැපවී සිටින භික්ෂූන් වහන්සේ නිහඬව පාද චාරිකාවේ යෙදීම මෙයින් සිදු වේ. පසුගිය 21 වැනි දා උදෑසන මෙරටට වැඩම කළ පඤ්ඤාකර හිමියන් ඇතුළු මහා සඟරුවන අත්තනගල්ල රාජමහා විහාරයට වැඩම කළ අතර, එහිදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පඤ්ඤාකර හිමියෝ මෙලෙස අදහස් දැක්වූහ. “පාර දෙපස සිටින ජනතාවට අප ආචාර කළත් ශබ්ද නඟන්නේ නෑ. අපේ ස්වාමීන් වහන්සේ හුස්ම සහ පියවර කෙරෙහි සිහියෙන් යුතුවයි ගමන් කරන්නේ. අප ජනතාව සමඟ කතා කරන්නේ දහවල් දානය ලබා ගන්නා ස්ථානයේ දී හෝ රාත්‍රියේ දී විවේක ගන්නා ස්ථානයේ දී පමණයි. එමනිසා මේ සාම පා ගමනේ පණිවිඩය නිසි ලෙස සමාජගත වීමට නම් සෑම අඩියක් පාසාම අපි පසුපස නො එන ලෙස මම සිවිල් ජනතාවගෙන්, යූටියුබ්, ටික්ටොක් සහ මාධ්‍ය ආයතනවලින් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අප වටා විශාල පිරිසක් එකතු වුණොත් අවුල්සහගත තත්වයක් ඇති වෙන්න පුළුවන්. අපට සහාය දැක්වීමට වතුර බෝතලයක්, රසකැවිලි වගේ දෙයක් පූජා කිරීමට කැමැත්තෙන් සිටින බව මම දන්නවා. ඒවා පූජා කිරීමේදීත් සිහියෙන් කළ යුතුයි. කරුණාකර එකිනෙකා තල්ලු කර ගන්න එපා. ස්වාමීන් වහන්සේ සහ ආලෝක ඇල්ලීමට උත්සාහ කරන්න එපා. පාර දෙපස විශාල පිරිසක් සිටින විට අපට ගමන් කිරීමට ඉඩ මදි වෙන්න පුළුවන්. ගෞරවනීය ලෙසත්, කල්පනාකාරී ලෙසත් කටයුතු කරමින් පින් රැස් කර ගන්නා ලෙස මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.“
අප්‍රේල් 23 බ්‍රහපතින්දා අ.භා. 08.55න් පුර අටවක ලබා 24 සිකුරාදා අ.භා. 07.28න් ගෙවේ. 24 සිකුරාදා සිල්
පුර අටවක
අප්‍රේල් 24
පසළොස්වක
මැයි 01
අව අටවක
මැයි 09
අමාවක
මැයි 16
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]