[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

අකුසල් දුරැර තිසරණයෙහි පිහිටමු

“යේ කේචි බුද්ධං සරණං ගතා සේ - න තේ ගමිස්සන්ති අපායං” (යමෙක් බුදුරජාණන් වහන්සේ සරණ යනවා නම් ඔහු අපායේ නොයයි කියා ධර්මයේ සඳහන් වෙනවා.) බෞද්ධයන් සියලු දෙනා ම “බුද්ධං සරණං ගච්ඡාමි” කියා “මම බුදුන් සරණ යමි.” යි කියූ අයයි. එනමුදු කාලයක පටන් මියයන බොහෝ දෙනා පේ‍්‍රත ලෝක, නාග ලෝක, තිරිසන් ලෝකවලත් ඉපිද ඇති වග නම් අපට සිතෙනවා. එනම්, කටින් කියූ පමණින් සරණ නොලැබෙන බව නොවේද මෙහි අදහස. ඒ වගේම අද අපි මේ මනුෂ්‍ය ලෝකයේ ජීවත් වුණාට මරණින් මත්තේ කවුරු වේවි ද කියලා කියන්න බැරි අනතුරක් අපේ ජීවිතවල තිබෙනවා. එයට හේතුව, අපි සතර අපායට වැටෙන ස්වභාවයේ ඉන්න අනියත ගති ඇති අය නිසයි. ඇසිපිය හෙළන මොහොතෙන්, සතර අපායට ගෙන යන අකුසල් අපේ සිතේ හට ගන්නා බව හිතට එබී බැලුවොත් පෙනෙයි. ඒ තරමට මේ අකුසල් ජීවිතය අභ්‍යන්තරයට කිඳා බැසලාමයි තිබෙන්නේ. ඒ විතරක් නොවේ, අපේම කර්මයෙනුත් හොඳට බැට කන්න වෙනවා. සසර පුරුදුත් එමටයි. මෝඩකම නිසා කෙළවරක් නැතුව වළවල්වල වැටෙනවා නේද? ඒ මදිවට අමනුෂ්‍ය ප්‍රශ්න. හදි හූනියං කරනවා. නොනවත්වාම ජරා මරණ දුකෙන් වෙලිලා ඉන්නේ. පින් බලයකුත් හරියට නෑ. සක්කාය දිට්ඨිය නිසා පටලැවිලා ඉන්නේ. ලෙහාගන්න කොනක්, පොටක් හොයාගන්න බැරුව ඉන්නේ. අවිද්‍යාව කියන අඳුරේ ගිලිලයි ඉන්නේ. අධර්ම රාගය, විෂම ලෝභය, මිථ්‍යාදෘෂ්ටිය බලවත් වෙලා තියෙන්නේ. කෙලෙස් වරුසාවෙන් නිතර තෙමිලා ඉන්නේ. හැම තැන ම අධර්මය පැතිරිලා. ඉතින් මේ වගේ මහා භයානක තත්වයක අපේ ජීවිත තිබෙන්නේ. අපි අසරණයි. මේ අසරණකමෙන් මිදෙන්න සරණ පිහිටන හැටි ඔබට මේ ලිපියෙන් දැනගන්නට ලැබේවි. ශක්තිමත් ගොඩනැඟිල්ලක පදනම තමයි එහි අත්තිවාරම. ඒ වගේ මේ ධර්ම මාර්ගයේ අත්තිවාරම තමයි ‘සරණ’ කියලා කියන්නේ. සරණක් අවැසි නම් පළමුවෙන් ම අපේ අසරණකම ගැන හොඳට තේරුම් ගන්නම ඕනෙ. බුද්ධ කාලයේ සිටි මිනිසුන්ගේ පින් බලය නිසා වචනයෙන් කියූ පමණින් සරණ පිහිටියා. අද අපි ගිරව් වගේ “මම බුදුන් සරණ යමි” කියා දහස් වර කීවත් සරණ පිහිටන්නේ නෑ.


වෙසක් පුර අටවක

අප්‍රේල් 23 බ්‍රහපතින්දා අ.භා. 08.55න් පුර අටවක ලබා 24 සිකුරාදා අ.භා. 07.28න් ගෙවේ.
 24 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 24  

Full Moonපසළොස්වක

‍මැයි 01 

Second Quarterඅව අටවක

‍‍‍මැයි 09   

Full Moonඅමාවක

මැයි 16


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]