[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

පොලොන්නරුව ගල් විහාරය

පොලොන්නරුවේ මහා පරාක්‍රමබාහු රජතුමා විසින් 12 වැනි සියවසේ දී පමණ කරවන ලද උත්තරාරාමය අද ගල් විහාරය ලෙස හැඳීන්වේ. ගල් විහාරය පොලොන්නරුවේ පිහිටි පුරාණ පිළිම ගෙයකි. මේ විහාර සංකීර්ණය දිගින් යාර 56ක් පමණ වන සෑම අතකට ම බෑවුම් වූ පර්වතයක් කපා පිළියෙළ කරන ලද පිළිම කිහිපයකින් සමන්විත ශ්‍රේෂ්ඨ නිර්මාණයකි. විශිෂ්ට ශිලා බුදු පිළිම රාශියක්‌ මෙහි පෙනෙන්නට තිබූ නිසා 20 වැනි සියවසේ දී උත්තරාරාම පිළිමගෙය ගල් විහාරය නමින් මහජනතාව අතර ප්‍රචලිත වන්නට ඇති බව මහැදුරු ආරියලගමුවයන්ගේ අදහසයි. (ලගමුව 1999 (142) චූලවංශයට අනුව මෙය මහා පරාක්‍රමබාහු රජු විසින් ඉදිකරවූ බව පැහැදිලිව ම සඳහන්ව ඇත. පොලොන්නරු යුගයේ මූර්ති කලා ශිල්පීන්ගේ දක්‍ෂතාව පෙන්වන කැඩපතක්‌ බඳු ගල් විහාරයේ විශාල කළු ගල් කුලකින් නිර්මිත බුද්ධ ප්‍රතිමා සතරකි. එනම් බුද්ධ ප්‍රතිමා වහන්සේ, හිටි පිළිම වහන්සේ, පිළිම ගෙයක්‌ තුළ ඇති කුඩා හිඳී බුදු පිළිම වහන්සේ සහ විශාල එළිමහන් හිඳී බුදු පිළිම වහන්සේ ය. ගල් විහාරයේ පළමුව ඉදිකොට ඇත්තේ විජ්ජාධර ගුහා, නිස්සින්න පටිමා ගුහා සහ නිපන්න පටිමා ලෙනයි. පොලොන්නරු යුගයේ දී මීට හිටි පිළිමයක් සහිතව තවත් ලෙනක් ඉදිකොට ඇත. එමෙන්ම තුන් පැත්තකින් ගඩොල් බිත්ති බැඳ ඇති ගුහා සහ ගල් පර්වතය හාරා පිළියෙළ කළ ලෙන් ද දක්නට ලැබේ. මෙය නිර්මාණය කිරීමට හාරා පිළියෙළ කළ ලෙන සඳහා අඩි 17ක් පමණ ද, අනෙකුත් ප්‍රතිමා සඳහා  අඩි 15ක් පමණ ද ගලෙහි මුහුණත කපා ඇත.


වෙසක් පුර අටවක

අප්‍රේල් 23 බ්‍රහපතින්දා අ.භා. 08.55න් පුර අටවක ලබා 24 සිකුරාදා අ.භා. 07.28න් ගෙවේ.
 24 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 24  

Full Moonපසළොස්වක

‍මැයි 01 

Second Quarterඅව අටවක

‍‍‍මැයි 09   

Full Moonඅමාවක

මැයි 16


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]