ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ දුරුතු පුර පසළොස්වක පෝදා 2025 ජනවාරි 13 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
කාලය ගෙවී යන්නේ හීයක වේගයෙනි. වසරක් ගෙවී ගොස් තවත් වසරක් ආවා යනු මිනිසාගේ ආයු කාලය වසරකින් අඩුවීමකි. ආයු කාලය අඩු වූවා යනු මරණයට සමීප වීමකි. ජීවිතය පිළිබඳ ව බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම ද එය ම වන්නේ ය. සං. නිකාය අච්චෙන්ති සූත්‍රයේ දී බුදු හිමියෝ මෙසේ දේශනා කරති. “අච්චෙන්ති කාලා හරයන්ති රත්තියෝ වයෝ ගුණා අනුපුබ්බං ජහන්ති” දිවා රාත්‍රී ගෙවී යයි. මිනිසාගේ ආයු කාලය ද එසේ ගෙවී යයි. එබැවින් ඉක්මනින් එළඹෙන මරණය ගැන සිතා කුසල් දහම්හි යෙදෙන්න. කුසලයෙහි යෙදීම වසරකට පමණක් සීමා වූවක් නොවිය යුතු ය. එය ජීවිත කාලයට ම ය. පින් කුසල් ජීවිතයට අත්‍යවශ්‍ය ශක්තියකි. සැප බලාපොරොත්තු වන අය පින් කුසල් තම ජීවිතයට සමීප කර ගත යුතු ය. සැප යනු පින් කුසල්වලට ව්‍යවහාර කරන යෙදුමක් බැවිනි. ‘සුඛස්ස පුඤ්ඤස්ස අධිවචනං’ යනු එහි බුදු වදනයි. ප්‍රාර්ථනාවක් සිදු කළ පමණින් එම ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් ම ඉටු වේ ද? නැත. අධිෂ්ඨානය, උත්සාහය සහිත මනා වැඩපිළිවෙළක් ඊට අවශ්‍යය. බෝධිසත්ව ආදර්ශය තුළින් එය මනාව තහවුරු වේ. ලොව්තුරා බුද්ධත්වයට පත් වූ බුදුරජාණන් වහන්සේ ඊට බොහෝ කාලයකට පෙර ප්‍රාර්ථනාවක් කළහ. ‘බුද්ධෝහං බෝධයිස්සාමි’“මම බුදු බව අවබෝධ කරමි. බුදු බව ලබා ලෝකයාට ඒ අවබෝධය ලබා දෙමි.” උන්වහන්සේ ප්‍රාර්ථනාවෙන් පමණක් නැවතුණේ නැත. බෝසත්තුමා සසර ඉතා දීර්ඝ කාලයක් පාරමිතා ධර්ම ඇතුළු ව බුද්ධ කාරක ධර්මයන් සම්පූර්ණ කොට බුද්ධත්වයට පත් වූහ. බෝසත්තුමාට තමන් වහන්සේගේ ප්‍රාර්ථනාව ඉටු කර ගැනීම සඳහා අධිෂ්ඨානය, දැඩි කැපවීම, උත්සාහය යනාදී ගුණාංග සපුරා ගන්නට සිදු විය. එහි අවසාන ප්‍රතිඵලය බුද්ධත්වය යි.
ජනවාරි 13 සඳුදා පූ.භා. 05.05 පුර පසළොස්වක ලබා 14 අඟහරුවාදා පූ.භා. 03.59න් ගෙවේ. 13 සඳුදා සිල්
පසළොස්වක
ජනවාරි 13
අව අටවක
ජනවාරි 21
අමාවක
ජනවාරි 29
පුර අටවක
පෙබරවාරි 05
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]