[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ඔවා සිප් දෙන ඇදුරු සිත

ඔවා සිප් දෙන ඇදුරු සිත

ගුරුවරයා යනු ඉගැන්වීමට ම පමණක් සීමා නොවූ කෙනෙකි. ඔහු ගුරු භූමිකාව තුළ දී ආවරණය කරනු ලබන පැතිකඩ රාශියකි. ගුරුවරයා පිළිබඳ කතා කරන විට අපට සිහියට නැගෙනුයේ අපේ මුල්ම ගුරුවරුන් දෙපළ ය. ඒ අපේ අම්මා සහ තාත්තා ය. ඔවුන් දෙපළ සම්බුද්ධ දේශනාව තුළ සඳහන් කර ඇත්තේ ද පූර්ව ආචාර්යවරුන් ලෙස ය.

ඈත අතීතය දෙස බලන විට බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය සමයේදීත් ප්‍රකට ආචාර්යවරුන් සිටි බව අපි දනිමු. ඒ අතර එදා ප්‍රසිද්ධ ආචාර්යවරයකුව සිටි දිසාපාමොක් ඇදුරුතුමන් සඳහන් කළ හැකි ය.

එදා අධ්‍යාපනය හැදෑරූ බොහෝ ශිෂ්‍යයන් දිසාපාමොක් ඇදුරුතුමන්ගේ සිත් දිනාගෙන සිටියහ. ඒ අතර අහිංසක කුමරු ද සිහිපත් කිරීමට පුළුවන.

ගුරුවරයාගේ සිත් දිනාගෙන කටයුතු කිරීමට සෑම ශිෂ්‍යයකුට ම නොහැකි ය. ශිෂ්‍යයන්ගේ සිත් ගන්නා වූ ගුරුවරයකු නම් ඔහු ලොව දුර්ලභ ය.

මෙලෙස ඉපදුණු දා පටන් අපට ගුරුවරුන් හමුවන බොහෝ අවස්ථා ද ඇත. ඒ අතර පාසල බාහිර පන්ති හා විෂය බාහිර ක්‍රියාකාරකම් මෙන් ම දහම් පාසල ද සඳහන් කළ හැකි ය. ගුරුවරයකු ලෙස කටයුතු කිරීමට හැම කෙනකුට ම හැකියාවක් නොමැති අතර ඒ වෙනුවෙන් මහා දැනුම් සම්භාරයක් ද තමා සතු ව තිබිය යුතු ය. ගුරුවරයා ලෙස ඉටු කරනුයේ අසීමිත වූ කැපකිරීමකි. අසීමිත වූ සේවයකි.

ගුරුවරයා වෙනුවෙන් සැලකිය යුතු ආකාර ද කරුණු පහක් ඔස්සේ සිඟාලෝවාද සූත්‍ර දේශනාව තුළ දී බුදුරදුන් පෙන්වා දී ඇත. ගුරුවරයා නිතැතින් ම ආදර්ශවත් චරිතයක් ද විය යුතු ය. එසේ නොමැති වුවහොත් අනෙකාට අවවාදයක් හෝ උපදේශයක් ලබා දීමට ගුරුවරයාට නොහැකි ය.

ගුරුවරයා මෙලෙස තම ශිෂ්‍යයන් වෙත තමන් ලද දැනුම දායාද කරනුයේ බොහෝ බලාපොරොත්තු ඇතිව ය. මෙවන් වටිනා සේවයක් සිදු කරනු ලබන ගුරුවරුන් සැමරීම ගුරු දිනයට පමණක් සීමා නොකළ යුතු ය.

නිසි මාර්ගය පෙන්වූ ගුරුවරුන් සැමදා ගුරුබුහුමනට මෙන් ම වන්දනාවට පාත්‍ර විය යුතු ය. ඒ, ඔබ අද ඉන්නා තැනට යන්නට අවශ්‍ය දැනුම හා ශිල්පය ඔවුන් එදා ඔබට අඩුවක් නොමැති ව ලබා දුන් නිසාවෙනි.

දුරුතු පුර පසළොස්වක

 ජනවාරි 13 සඳුදා පූ.භා. 05.05 පුර පසළොස්වක ලබා 14 අඟහරුවාදා පූ.භා. 03.59න් ගෙවේ.
13 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 13

Second Quarterඅව අටවක

ජනවාරි 21

Full Moonඅමාවක

ජනවාරි 29

First Quarterපුර අටවක

පෙබරවාරි 05

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]