[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

කුලියාපිටිය ඇස්සැද්දුම දුරුතු මහා පෙරහර ජනවාරි 31 වැනි දා:

අභිමානවත් ඉතිහාසයක පුනරාගමනය සත්කෝරළයේ මහා සංස්කෘතික මංගල්‍යය

කුලියාපිටිය පුෂ්පදාන සමිතියේ සාමාජිකයෝ 1919 වසරේ අග භාගයේ දී පමණ පන්සලක් සෑදීමට සාකච්ඡා කළහ. ඒ අනුව ඇස්සැද්දුමේ කුඹුරේ පිල්ලෑව බණමඩුවක් සෑදීම සඳහා පරිත්‍යාග කිරීමට ටී.බී. හල්පේ මහතා ඇතුළු ඥාතීන් ඉදිරිපත් වූ අතර ඇස්සැද්දුමේ වලව්වේ කෝරළේ මහතා ද ඒ සඳහා ඉඩම් කොටසක් පරිත්‍යාග කිරීමට ඉදිරිපත් විය. පසුකාලීන ව සැදැහැවතුන් කිහිපදෙනකු ම තම තමන්ගේ ඉඩම් කොටස් පරිත්‍යාග කිරීමෙන් පන්සල් වත්තේ වපසරිය පුළුල් විය. ශාසනාලංකාර විහාරස්ථානයේ අභිවෘද්ධියේ මූලාරම්භය සනිටුහන් කරන වැදගත්ම අවස්ථාව 1926 දී උදා වී ඇත. එවකට තරුණ භික්ෂූන් වහන්සේ නමක් ව සිටි කට්ටමුරිච්චානේ සිරි සුභාරති ස්වාමීන් වහන්සේගේ ඇවතුම් පැවතුම් පිළිබඳ ව, දෙසූ බණ දහම් පිළිබඳ ව මහත් සේ පැහැදුණු දායකයෝ මෙම විහාරස්ථානයේ නැවතීමට උන්වහන්සේට ආරාධනා කළහ. ඒ සමඟ ම ශාසනාලංකාර මහා විහාරයේ තිරසර පැවැත්මේ පටන් ගැන්ම ආරම්භ විය. 1928 පමණ වන විට කුලියාපිටිය ප්‍රදේශයට ගැහැනු ළමයින් සඳහා පාසලක අවශ්‍යතාව මතුවෙමින් තිබුණි. කට්ටමුරිච්චානේ සිරි සුභාරති හිමිපාණන් වහන්සේ විසින් ශ්‍රී ශාසනාලංකාර මහා විහාරයේ දී ප්‍රදේශයේ විසූ වගකිවයුත්තන් ගෙන්වා සාකච්ඡාවක් පවත්වනු ලැබූහ. වර්තමාන සිරි සුභාරති පාසල බිහි වන්නේ ඒ අයුරිනි. එහි පුරෝගාමියා වන්නේ කට්ටමුරිච්චානේ සිරි සුභාරති හිමිපාණෝ ය. මුල දී ඇස්සැද්දුම කනිෂ්ඨ විද්‍යාලය නමින් වූ මෙම විදුහල පසුකලක දී සිරි සුභාරති විද්‍යාලය යනුවෙන් නම් කරන ලද්දේ උන්වහන්සේට කරන ලද උපහාරයක් වශයෙනි. 1969 මැයි මස 30 වැනි දා කට්ටමුරිච්චානේ සිරි සුභාරති නාහිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් පසුව, විහාරාධිපති ධුරයට පත් වූ අතිපූජ්‍ය මහාචාර්ය කබලෑවේ පියභාරති හිමිපාණන් වහන්සේ ද තම ගුරුදේවෝත්තමයාණන් වහන්සේගේ ම අඩිපාරේ යමින් අපේ ඇස්සැද්දුමේ පන්සලටත්, ප්‍රදේශයටත්, රටටත්, පොදුවේ සම්බුද්ධ ශාසනයටත් කළ සුවිශේෂ මෙහෙවර අතිමහත් ය. ඇස්සැද්දුම පන්සල පමණක් නොව විහාරස්ථානයට අනුබද්ධ වී තිබූ තවත් විහාරස්ථාන අටක විහාරාධීපතිත්වය දරමින්, ඒවා වැඩිදියුණු කරමින්, සිල්වත් ගුණවත් සමාජයක් බිහි කර දීමට වෙහෙස ගත් අතර, කුලියාපිටියට නව ප්‍රබෝධයක් උදා කළ කුලියාපිටිය තරුණ බෞද්ධ සංගමය පිහිටු වීමට ද පුරෝගාමී වූහ.

දුරුතු පුර පසළොස්වක

 ජනවාරි 13 සඳුදා පූ.භා. 05.05 පුර පසළොස්වක ලබා 14 අඟහරුවාදා පූ.භා. 03.59න් ගෙවේ.
13 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 13

Second Quarterඅව අටවක

ජනවාරි 21

Full Moonඅමාවක

ජනවාරි 29

First Quarterපුර අටවක

පෙබරවාරි 05


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]