ජීවිතයේ අංක එක උපන් බිමයි දැන උගත් දෙයින් රටට සේවයක් කරන්න
ආචාර්ය බෝදාගම
චන්දිම නාහිමි
කැලණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය ලොව පුරා ගෞරවය දිනූ
මහා විද්‍යස්ථානයකි. මනරම් පුණ්‍ය භූමියකි. දශක ගණනකට පෙර වල්බිහි වූ බිමක, සොර
සතුරන් නවාතැන් පලක් කර ගත් තැනෙක, නයි පොළොං ඈ විෂකුරු සර්පයින් මුදාහරින්නට වෙන්
කර ගත් බිමක ඉදිකළ සිත් සදන, සිත් නිවන මේ පුණ්‍යස්ථානයේ නියමුවාණෝ ආචාර්ය බෝදාගම
චන්දිම නාහිමිපාණන් වහන්සේ යි. ලොව පුරා ශ්‍රී සද්ධර්මය ප්‍රචලිත කරන්නට උන්වහන්සේ
නිති ඇප කැප වෙති. උන්වහන්සේගේ සරණ ලැබූ අසරණයෝ ද බොහෝ වෙති. බෝදාගම චන්දිම නා
හිමියන්ගේ හැටඅට වැනි ජන්ම දිනය, එළඹෙන නවම් මාසයේ තුන්වැනි දිනට යෙදී තිබේ. මේ
සටහන ගෙවුණු පින්බර දිවි ගමන තුළ සිදුකළ ශාසනික සේවය අගයනු පිණිස උන්වහන්සේ සමඟ කළ
සාකච්ඡාවකිනි.
ඉන්දියවේ නාලන්දා විශ්ව විද්‍යාලය කියන්නේ ලෝකයට උගතුන් දායාද කළ විශිෂ්ට
විද්‍යායතනයක්. බුද්ධ ධර්මය, වෛද්‍ය විද්‍යාව, නක්ෂත්රය ආදී සෑම විෂයය
ක්ෂේත්රයකින් ම සම්පූර්ණ වූ ආයතනයක්. මානෙල්වත්ත නාගානන්දයට මුල්ගල තියන්නට කලින්
මම නාලන්දාව ගැන සම්පූර්ණ පර්යේෂණයක් කළා.
නගරයේ කෙළවරක ඉදිව තිබූ නාලන්දාව එදා ගැල් කරුවන්ගේ ද විවේකාශ්රමයක් වුණා. ඔවුන්ට
විවේක ගන්න, රැය පහන් කරන්න වෙන තැනක් තිබුණේ නෑ. ඉතින් නාලන්දා බිමට එන කෙනා ඉන්
පිටතට එන්නේ ශ්‍රී සද්ධර්මය ගැන අපූර්වතම අවබෝධයකින්. මම නාගානන්ද විද්‍යස්ථානය
නිර්මාණය කළේ ඒ සැලසුමට අනුවයි.
1986 වසරේ දී අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය නිම කිරීමෙන් පස්සෙ මම
මැලේසියාවට යන්නේ භාවනා කරන්න. කිරින්දේ ධම්මානන්ද නායක හාමුදුරුවන්ගේ සෙවණේ මම
ධර්ම ප්රචාරක කටයුතු පුහුණු වුණා. පන්සලේ වැඩිම දායක පිරිස චීන ජාතිකයින්. චීන
භාෂාව ඉගෙන ගෙන මේ අයට බණ කියන්න කියලා නායක හාමුදුරුවෝ මට මඟ පෙන්වූවා. චීන භාෂාව
ඉගෙන ගන්න මම තායිවාන රාජ්‍ය විශ්වවිද්‍යාලයට ඇතුළත් වන්නේ ඒ පසුබිමට අනුවයි.
ථෙරවාදී සම්බුදු දහම ගැන ඒ වන විට ඒ අයට අවබෝධයක් තිබුණේ නෑ. මම භාවනා පන්ති පවත්වන
අතරේ ථෙරවාදී සම්බුදු දහම ගැන ඒ අයට පැහැදිලි කර දුන්නා. ඉතින් මා සමඟ විශාල
පිරිසක් සම්බන්ධ වුණා.
මා මුලින් ම සම්බන්ධ වුණේ එක්සත් සමූහ අධ්‍යාපන ආයතනයේ අනුශාසක ලෙසයි. එය බෞද්ධ
පොත් මුද්‍රණය කරන තැනක්. ඒ වන විට පොත් මුද්‍රණය වුණේ චීන භාෂාවෙන් පමණයි.
මිනිස්සු ඕනෑ තරම් මුදල් දෙනවා.
ඉන්දියාව, බංග්ලාදේශය ආදී බොහෝ රටවලට මේ කාලය වන විට බෞද්ධ පොත පතේ දැඩි
අවශ්‍යතාවක් මතු වී තිබුණා. මගේ යෝජනාව වුණේ අනෙක් භාෂාවන්ගෙන් ද ධර්ම ග්රන්ථ
ප්‍රකාශයට පත් කරමින් මේ සද් කාර්යය ව්‍යාප්ත කිරීම යහපත් බවයි. එහෙත් එහි වගකීම
දරන්නේ කවුද කියන ගැටලුව නිසා සභාපති තුමා ඊට එකඟ වූයේ නෑ. ඒත් සියල්ල මා බාර ගන්නා
බව කීවා ම ඔහු සාධු කාර දුන්නා.
අද භාෂා තිහකින් බෞද්ධ පොත් මුද්‍රණය කරනවා. ලොව පුරා මධ්‍යස්ථාන දස දහසකටත් වැඩි
ප්‍රමාණයකට නොමිලයේ පොත් බෙදා හරිනවා. විශාල පිරිසක් ඒ ධර්මය කියවා ජීවිතයට
ප්‍රායෝගික කර ගනිමින් ඉන්නේ.
කිරින්දේ ධම්මානන්ද හාමුදුරුවෝ, වල්පොල රාහුල හාමුදුරුවෝ වැනි ධර්ම විනයධර මහා
වියතුන්ගේ වටිනා, දුර්ලභ ධර්ම ග්රන්ථ සොයා ගෙන පරිවර්තනය කර මුද්‍රණය කිරීමයි
ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ.
මේ උතුම් ධර්ම ප්රචාරයේ දී මගේ මව්බිම අමතක කළේ නෑ. ත්‍රිපිටකය පොත් මුද්‍රණය කර
ලංකාව පුරා පිරිවෙන්, පන්සල්වලට නොමිලයේ බෙදා දුන්නා. මේ දිනවල භූතානයට ත්‍රිපිටක
ග්රන්ථ මුද්‍රණය කරනවා. ඒ රජුගේ ඉල්ලීමකට අනුව. අවුරුදු හයසියයකින් ඒ රටේ
ත්‍රිපිටකය ලියැවී නෑ. ලී පතුරුවල සටහන් පමණයි තිබෙන්නේ.
මරාටි, දෙමළ ඇතුළු භාෂා නමයකින් කළ ධර්ම ග්රන්ථ ඉන්දියාවට යවා තිබෙනවා. ටිබෙටයත්
ප්‍රධානයි. බටහිර රටවලටත් පොත් බෙදා හරිනවා.
අපි අන්තර්ජාලයට මුදාහරින ධර්ම කරුණු අරාබි රටවල පවා පරිශීලනය කරනවා. ඔවුන්ගේ ජීවිත
ගැටලු විසඳා ගෙන එවන විද්‍යුත් ලිපි ප්‍රමාණය විශාලයි.
උනන්දුව, උත්සාහය තිබෙනවා නම් මුළු ලොවට ම මේ අමා දහම ගෙන යන්න පුළුවන්. මගේ සම්පත
තමයි මගේ දායකයෝ. මට සල්ලි නෑ. ඒත් මම කියන්නේ මොනවාද? දායකයෝ ඉතාමත් ශ්‍රද්ධාවෙන්
ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙනවා.
බුරුමයේ නාගීස් කුණාටුව අවස්ථාවේ සිදුවුණ විනාශය බොහොම විශාලයි. අසරණ වූ අයට නිවාස
දෙදහසක් සාදා දුන්නා. බහාලුම් පනහක බඩු භාණ්ඩ යවලා ඒ මිනිසුන්ට උදවු කළා. ඒ
අවස්ථාවේ කාටවත් එහි යන්න දුන්නේ නෑ. ඒත් ආගමික සම්පත්තිය නිසා මට යන්න දුන්නා.
බුද්ධ පුත්‍රයන් වහන්සේ ලෙස අපි අනුන්ට උදව් කරන්න ඕනෑ. මිල මුදල් අවශ්‍ය නෑ.
නිවැරැදි මඟ යනවා නම් උදව් කරන්න බෞද්ධ දායක දායිකාවන් ඕනෑ තරම් ඉන්නවා.
ලංකාවේ සුනාමි ව්‍යසනය සිදු වූ අවස්ථාවේ නිවාස දහස් ගණනක් සාදා දුන්නා. එක්කෝටි
හැටලක්ෂයක වියදමින් දහම් පාසල් පොත් මුද්‍රණය කොට බෞද්ධ දරු දැරියන්ට පරිත්‍යාග
කළා. 1998 මුලින් ම ධර්ම චක්‍ර ළමා පදනම ආරම්භ කළේ යුද්ධයෙන් අසරණ වූ දරුවන්
වෙනුවෙන්. ඒ පදනම හරහා පන්සල්, පිරිවෙන්, දුෂ්කර ගම්මානවලට කළ මෙහෙවර මිල කරන්න බෑ
කියලයි මිට හිතෙන්නේ.
අද මහා විද්‍යාස්ථානයක් ඉදිවී තිබෙන මේ මනරම් භූමිය මම බාර ගත්තේ මහා කැලෑවක්
ලෙසයි. ඒ වන විට විහාරාධිපති ධුරය දැරුවේ කණ්ඩක්කුලමේ ධම්මකිත්ති හාමුදුරුවෝ.
උන්වහන්සේ මෙය ගොඩනඟන්න බොහෝ මහන්සි වුණා. ඒත් ගෝලයෝ වැළැක්වූවා. පස් ටික කපලා
විනාශ කළා. මත්වතුර ජාවාරම් කරන අයට තෝතැන්නක් වුණා.
කිරින්දේ ධම්මානන්ද හාමුදුරුවන්ගේ ඉල්ලීමට අනුව මේ භූමියට පා තැබූ මොහොතේ ම මෙහි
නාලන්දාවක් කරනවා කියලා මම හිතුවා.
ඒ වනවිට අක්කර තිස් හයක් පමණ වූ භූමියට වටේ තිබූ ඉඩම් මිල දී ගත්තා. මාස 08ක් ඩෝසර්
කළා. මේ වසර 40ක් අත නොගැසූ බිමක්.
විද්‍යස්ථානයට මුල් ගල් තබන්නේ 2006 වසරේ දී යි. ස්වාමීන් වහන්සේ දහසක් වැඩමවලා
බෝධීන් වහන්සේ අභියස දානමය පින්කමක් කළා. 2009 වසරේ ලංකාව පුරා විසිරී සිටින දස
සිල් මාතාවන් ගෙන්වා පිරිකර පූජා කළා. උන්වහන්සේ මුහුණ දී සිටින අසරණ තත්ත්වය අනුව
මම හිතුවේ භික්ෂුණී අධ්‍යාපන ආයතනයක් ගොඩනඟන්නට ඕනෑ කියලයි. ඒ අනුවයි බුද්ධ
ශ්‍රාවිකා අධ්‍යාපන ආයතනය පිහිටුවන්නේ.
ඒ අනුව කුඩා දසසිල් මාතාවන්ට නොමිලයේ අධ්‍යාපනය ඇරඹුවා. දානය, සිවුරුපිරිකර,
නවාතැන් පහසුකම් සියල්ල නොමිලයේ.
විශ්වවිද්‍යාලයට වෙන ම තෝරා ගන්නවා. දසසිල් මාතාවකට උපාධිය සම්පූර්ණ කිරීමට අවුරුදු
හතරකට ලක්ෂ තිහක පමණ මුදලක් අපි වියදම් කරනවා. වියට්නාමය, චීනය, බංග්ලාදේශය,
ඉන්දියාව ආදී විදේශ රටවල දසසිල් මාතාවන්ටත් නොමිලයේ අධ්‍යාපනය ලබා දෙනවා. මම හිතනවා
අනාගතයේ මේ රටට දසසිල් මාතාවන්ගෙන් සුවිශාල ආගමික සේවාවක් සිදුවෙයි කියලා.
අද ලෝකයේ මිලියන 560ක් පමණ බෞද්ධ ජනතාවක් වෙසෙනවා. මේ අය සමඟ සම්බන්ධතා ඇති කර ගන්න
පුළුවන්. මේ කර්තව්‍යයට උදව් කරනවා නම් මීට වඩා දස දහස් ගුණයකින් වැඩ කරන්න
පුළුවන්, ලෝකය සමඟ තිබෙන සම්බන්ධතා සමඟ. මා මේ රටට ණය නෑ.
මම කියන්නේ මේ රටේ අසරණ මිනිසුන්ගේ බදු මුදල්වලින් ඉගෙන ගෙන පිටරට ගියාට, සැප
වින්දට ප්‍රශ්නයක් නෑ. ඒත් මේ අහිංසක මිනිසුන්ටත් මොනවා හෝ දෙයක් කරනවා නම් මේ අය
ගොඩනඟන්න පුළුවන්. අංක එක වෙන්න ඕනෑ තමන් උපන් රට. උපන් බිමට ණය වෙන්න එපා කියලයි
මම කියන්නේ.
රමණී සුබසිංහ
|