[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

ඉල් පුර පසළොස්වකපොහොය වර්ණනාව

ඉල් මස පුර පසළොස්වක පොහොය දිනය වස්සාන ඍතුවේ අවසාන පොහොය වශයෙන් සැලකිය හැකි ය. එයට අමතරව ශාසනික වූත්, ඓතිහාසික වූත් සුවිශේෂී සිදුවීම් කිහිපයක් මුල් කර ගත් පොහොය දිනයක් වශයෙන් ද හැඳින්විය හැකි ය. එනම්, මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ හමුවේ නියත විවරණ ලැබීම, ප්‍රථම ධර්ම දූත පිරිස වන රහතන් වහන්සේ සැට නම ධර්ම ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ගමන් ආරම්භ කිරීම, බුදුරජාණන් වහන්සේ තුන්බෑ ජටිලයන් දමනය කිරීම සඳහා උරුවෙල් දනව්ව බලා වැඩම කිරීම, පසුවස් පවාරණය කළ යුතු දිනය වීම, චීවර මාසයේ අවසන් පොහොය වීම, අගසව් සැරියුත් මාහිමියන්ගේ පරිනිර්වාණය ආදී සිදුවීම් රාශියක් මූලික වූහ. තව්තිසා දෙව්ලොව වස් විසීමට වැඩ සිටි අප සම්මා සම්බුදු බුදුපියාණන් වහන්සේ වප් පුර පසළොස්වක පොහොය දින සංකස්ස නුවරට වැඩම කළහ. එහිදී දේවාවරෝහණ මහා පූජෝත්සවය දැකීමෙන් හා භාග්‍යවතුන් වහන්සේ හා සැරියුත් මහරහතන් වහන්සේගේ අතර වූ ප්‍රශ්න විසර්ජන සාකච්ඡාව ශ්‍රවණය කිරීමෙන් ප්‍රසාදයට පත් වූ මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ දහසක් පමණ පිරිවර ජනයා සමඟ ගෞතම බුදුපියාණන් වහන්සේ වෙත පැමිණ පැවිදි වූහ. තවද චීවර මාසය අවසානයේ දී වස්සග්ගයෙහි තමන් වහන්සේට ලැබුණූ වස්ත්‍ර දෙකෙන් එක වස්ත්‍රයක් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ගන්ධ කුටියෙහි වියනක් කොට, බැඳ අනෙක් වස්ත්‍රය ඉරා ඒ වියනෙහි කෙළවර වටේට එල්ලා තිබූහ. මේ මහා දර්ශනීය පූජාව සර්වඥතා ඥානයෙන් දැක බුදුරජාණන් වහන්සේ මෛත්‍රෙය බෝධිසත්ත්ව භික්ෂූන් වහන්සේ ආමන්ත්‍රණය කරමින් මේ මහා භද්‍ර කල්පයෙහි ම මෛත්‍රෙය නමින් බුදුවන්නෙහි යැයි නියත විවරණ ලබා දුන්හ.


ඉල් පුර පසළොස්වක

නොවැම්බර් 26 ඉරිදා අ.භා.
03.58 න් පුර පසළොස්වක ලබා 27 සඳුදා අ.භා. 02.51 න් ගෙවේ. 26 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 26

Second Quarterඅව අටවක

දෙසැම්බර් 05

Full Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 19


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]