[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

හැම මොහොතකම පින් කරන්න

හැම මොහොතකම පින් කරන්න

ලංකාවේ මෙන් ම ලෝකයේ බොහෝ බෞද්ධ විහාරස්ථාන ඇසුරු කරමින් පසුගිය මාසය පුරාවට කඨින පින්කම් පැවැත්විණි. බොහෝ පිරිසක් එම කඨින පින්කම්වලට සමගාමී ව ධර්ම දේශනා, බෝධි පූජා, අටවිසි පූජා, පිරිත් දේශනා වැනි බොහෝ පින්කම් සංවිධානය කරමින් කුසල් දහම් රැස්කර ගත්හ.

වස් තුන් මාසයේ මෙන් ම චීවර මාසයේ තවත් පිරිසක් භික්ෂූන් වහන්සේට සිවුපසයෙන් උපස්ථාන කරමින් කටයුතු කළහ. තවත් පිරිසක් සිල් සමාදන් වී ප්‍රතිපත්ති ගරුක ව ජීවිතය ගෙවීමට උත්සාහ ගත්හ. තවත් පිරිසක් ඒ මහා පින්කම් බලා සතුටු සිතින් පින් අනුමෝදන් වූහ. තවත් පිරිසක් පින්කම් දැක ගරහමින් මුහුණු පොතේ මෙන් ම තැන්තැන්වල විවේචනය කරමින් පව් සිදු කර ගත්හ.

අදින් මෙවර කඨිනය හමාර වෙනු ඇත. එහෙත් ඔබ පින්කම් හමාර කරන්න නොසිතන්න.

මෙම පසුගිය සිව් මාසය පුරාවට යම් ප්‍රතිපත්ති පූජාවක හෝ ආමිෂ පූජාවක නිරත වී සිටියේ නම් එය ඉදිරියටත් කරගෙන යෑමට අදිෂ්ඨාන කර ගන්න.

මේ බුද්ධ ශාසනය තුළ වැඩිපුරම සෝවන්, සකදාගාමී, අනාගාමී, අරහත් යන සතර මග, සතර ඵලයන්ට පත්වී ඇත්තේ වස්කාලය තුළයි. ඔබට වස්කාලය තුළ ජීවිතයේ සිල්වත්කමින් හෝ ගුණවත්කමින් කිසියම් හෝ වෙනසක් වීමට හැකියාවක් නොලැබුණේ නම් ඉදිරියට හෝ යම් තරමකින් හෝ වෙනස් වීමට සිතට ගන්න.

කඨිනය හමාර වුවත් පින්කම් හමාර නොකිරීමට වගබලා ගන්න.

ඉල් පුර පසළොස්වක

නොවැම්බර් 26 ඉරිදා අ.භා.
03.58 න් පුර පසළොස්වක ලබා 27 සඳුදා අ.භා. 02.51 න් ගෙවේ. 26 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 26

Second Quarterඅව අටවක

දෙසැම්බර් 05

Full Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]