[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සංඝ ශෝභන ගුණ සුපූජිත නියංගොඩ විජිතසිරි අනුනාහිමියෝ

සංඝ ශෝභන ගුණ සුපූජිත නියංගොඩ විජිතසිරි අනුනාහිමියෝ

අද්‍යතන සම්බුද්ධ ශාසනාම්භරයේ සුදිලෙන පහන් තාරකාවක් බඳු වූ මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ අනුනායක, ගිරිහාගම ශ්‍රී සුමංගලාරාමාධිපති, යක්කල වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ කුලපති, සාහිත්‍යචක්‍රවර්තී, මහාසද්ධම්මජෝතිකධජ, ආචාර්ය නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ෂිත විජිතසිරි අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ නොවැම්බර් මස විසි හය වන දින ස්වකීය පුණ්‍යවන්ත ජීවන ගමනේ සැත්තෑ හය වන වියට පා තබති.

සිරිමල්වත්තේ ආනන්ද මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ආශිර්වාදයෙන් වර්ෂ 1976 දී මල්වතු මහාවිහාරයේ කර්මාචාර්ය පදවියකට ද, 1986 දී කාරක සංඝසභික පදවියකට ද පත් වූ නියංගොඩ විජිතසිරි අනුනාහිමිපාණන් වහන්සේගේ උභය ලෝක ශාසනික මෙහෙවර පිළිබඳ ප්‍රසාදයට පත් අතිපූජ්‍ය රඹුක්වැල්ලේ විපස්සි මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් 1990 වර්ෂයේ දී මල්වතු පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පදවිය ද 1993 වර්ෂයේ දී මහා ලේඛකාධිකාරී පදවිය ද ජ්‍යෙෂ්ඨ කාරක සංඝසභික පදවිය ද පිරිනමන ලදි. මෙලෙස ගෘහස්ථ ප්‍රව්‍රජිත චිත්තාරාධනය ලබමින් ලෝක ශාසනික අර්ථචර්යාවෙහි පිළිපන් නාහිමිපාණන් වහන්සේගේ මහරු මෙහෙවර කෙරෙහි ප්‍රසාදයට පත් මල්වතු මහාවිහාර පාර්ශ්වයේ විංශත්වර්ගික කාරක මහා සංඝ සභාව මගින් 2004 වර්ෂයේ දී අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල අනුනාහිමිපාණන් වහන්සේ මහානායක පදවියට පත් වීමෙන් පුරප්පාඩු වූ අනුනායක පදවිය පුද දෙන ලදි.

නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ වියත්, විශාරද, බහුශ්‍රැත, ධර්මධර, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි හැසිරෙන සංඝශෝභන ගුණයන්ගෙන් පරිපූර්ණ වූ මහා යතීන්ද්‍රයන් වහන්සේ නමකි.

බෞද්ධ විශ්වවිද්‍යාල තුනකින් සම්මාන ආචාර්ය උපාධි ද, පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවන මඟින් ස්ථවිර වංශාලංකාර ශාසන කීර්ති ශ්‍රී ගෞරව නාමය ද, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය මඟින් සාහිත්‍යචක්‍රවර්තී ගෞරවෝපාධිය ද ලැබූහ.

තමන් අභිමුඛයට පැමිණෙන කා හට වුවත් අනතිමානීව සහ සමානාත්මතාවයෙන් සත්කාර සංග්‍රහ සිදු කිරීම අනුනාහිමිපාණන් වහන්සේගේ ගුණාංගයකි. සංඝරාජවරයකු සේ වැඩ සිටින නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ හට එකී මෙහෙවර නොකඩ කොට සිදු කරනු පිණිස විංශත් ශතවර්ශාධික කාලයක් ආයු ආරෝග්‍යාදී සම්පත් සකලාභිවෘද්ධි සාධනය වේවා යි ප්‍රාර්ථනා කොට සිටිමු.

ඉල් පුර පසළොස්වක

නොවැම්බර් 26 ඉරිදා අ.භා.
03.58 න් පුර පසළොස්වක ලබා 27 සඳුදා අ.භා. 02.51 න් ගෙවේ. 26 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 26

Second Quarterඅව අටවක

දෙසැම්බර් 05

Full Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]