[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

දැන කළයුතු කඨින චීවර පූජාව

මේ ගෙවෙමින් පවතින්නේ අවුරුද්දකට වතාවක් බෞද්ධ ඔබ අප හැම දෙනාට ම උදාවන කඨින පින්කම් සිදු කෙරෙන චීවර මාසයයි. මේ වර්ෂයේ ඉල්පුර පසළොස්වක පොහෝ දිනයෙන් පසු එම අවස්ථාව අප හැම දෙනාට ම අහිමි වෙනවා. නැවත මෙම චිවර මාසය උදාවන්නේ ලබන වර්ෂයේ එනම් බුදුවසින් 2568 වප් පුර පොහෝ දිනයේ සිටයි. ඉතින් දැන් අප විසින් විමසා බැලිය යුත්තේ අංග සම්පුර්ණ කඨින පින්කමක් අප සිදු කර ගත්තා ද කියන එක ගැන යි. ඒ මොකද? කඨින චීවරයක් පූජා කරන දායක පක්ෂයටත් කඨින චීවරය ලබන උපසම්පන්න සුදුසු භික්ෂූන් වහන්සේටත් කියන දෙපක්ෂයට ම එකව වර පින් සිදුවන මහා ආනිසංශ දායක එකම පින්කම කඨින පින්කම වීම නිස යි.බුදුරජාණන් වහන්සේ මේ කඨින චීවරයක් භික්ෂූන් වහන්සේට අනුදැන වදාළේ උන්වහන්සේට පහසුවෙන් කිසිදු ශාරීරික අපහසුතාවකින් තොරව සිවුරු පරිහරණය කිරීමට අවස්ථාව සලසා දිය යුතු බවට පැහැදිලිව උන්වහන්සේ විසින්ම ප්‍රත්‍යක්ෂ කර ගැනීම නිසයි. එය කා අතරත් ප්‍රකට කරුණක්. ඉතින් එහෙම නම් භික්ෂූන් වහන්සේ වස් වසවා ගන්නේ සැදැහැති දායක පිරිස් එකතු වෙලා සාමූහික ව වස්තුන් මාසය තුළ සිවුපසයෙන් උපස්ථාන කරලා ඒ අය කැමැති නම් කඨින චීවරයකුත් පූජා කර ශාසනයේ බරපතළම පින්කම කර ගන්නට යි. එහිදී මේ නියමයන් තුළින් බුදුරජාණන් වහන්සේ දායක පිරිස් තළා පෙළා එවැනි කටයුතු කිරීමට කෙසේවත් විධිවිධාන සලස්වා නැහැ. දායකයන් වස් කාලයේ වැඩ සිටීමට කුටියක් පිළියෙළ කර නුදුන්නත් විනයෙන් අනුදැන වදාළ ස්ථානයක භික්ෂූන් වහන්සේ ආරාධනා නැතිව හෝ වස් විසීම සිදු කළ යුතු බවටත් නියම කර වදාළා. මෙයින් පැහැදලි වන්නේ බුදුරජාණන් වහන්සේ හැම විටම දායක පක්ෂය මොනම ආකාරයකින්වත් අපහසුතාවකට පත් නොවන ආකාරයෙන් භික්ෂූන් වහන්සේ වස් විසීම සිදු කළ යුතු බව පෙන්වා දී තිබෙනවා කියන කරුණ යි.ඉතින් ඊළඟට වැදගත් වන්නේ පෙර වස් විසූ භික්ෂූන් වහන්සේට මේ කඨින චීවර පූජාව කෙසේ කළ යුතු ද කියන මේ කාරණය යි.


ඉල් පුර පසළොස්වක

නොවැම්බර් 26 ඉරිදා අ.භා.
03.58 න් පුර පසළොස්වක ලබා 27 සඳුදා අ.භා. 02.51 න් ගෙවේ. 26 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 26

Second Quarterඅව අටවක

දෙසැම්බර් 05

Full Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 19


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]