[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මීගහකිවුලේ සුගතවංස නාහිමිපාණෝ අපවත් වෙති

මීගහකිවුලේ සුගතවංස නාහිමිපාණෝ අපවත් වෙති

මාවරාගල ආරණ්‍ය සේනාසනාධිපති ඤාණාභිවංස සද්ධර්ම කීර්ති ශ්‍රී, කම්මට්ඨානාචාර්ය, සද්ධර්මවාගීශ්වර, ධර්මවිශාරද විචිත්‍රභාණී, නැඟෙනහිර පළාතේ ප්‍රධාන සංඝනායක, බ/ශ්‍රී ඥානප්‍රදීප පරිවේණාධ්‍යක්‍ෂ මීගහකිවුලේ සුගතවංස නාහිමිපාණන් වහන්සේ අපවත් වී වදාළහ.

දාන, සීල, භාවනා ආදී අත්‍යුදාර ගුණවලින් දිවිමඟ සරසා ගත් වෛද්‍යාචාර්ය දිසානායක මුදියන්සේලාගේ තිසාහාමි සහ දිසානායක මුදියන්සේලාගේ උක්කුමැණිකා දෙපළ අප කථානායකයාණන් වහන්සේගේ දෙමාපියෝ වූහ. 1940 ඔක්තෝබර් 20 වැනි දින පවුලේ හයවැනි දරුවා ලෙස අප කථානායකයාණන් වහන්සේ මෙලොව එළිය දුටුවහ.හෙතෙම මූලික හා ද්වීතියික අධ්‍යාපනය මීගහකිවුල රජයේ පාසලෙන් ලබා ගත්තේ ය.

1967 ඔක්තෝබර් මස විසිවැනි (20) දින වැලිමඩ ඥානවංශ මහතෙරුන් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් උතුම් ප්‍රවෘජ්‍යාවට පත්වූහ.

1968 වර්ෂයේ ජුලිමස පළමු දින අම්බලම්ගොඩ මාදම්පාගොඩ උදකුක්ඛේප සීමාමාලකයේ දී උපසම්පදාව ලබා ගත්හ.

1972 දී මොනරාගල ගුරුහෙළ ග්‍රාමයේ දායක පින්වතකුගේ ආරාධනයෙන් එහි වැඩම කර ගල්ලෙනක වස් සමාදන් වූහ. දායකයින්ගේ උපකාරයෙන් එම ස්ථානය ආරණ්‍ය සේනාසනයක් බවට පත් කළහ.

අප කථානායකයාණන් වහන්සේගේ අනුශාසනා හා නිවැරැදි මඟපෙන්වීම් මත ගොඩනැගුණු විහාරස්ථාන පවත්වා ගෙන යාමට මෙන් ම සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය හා චිරපැවැත්ම සඳහා කුලදරුවන් දෙසිය හැත්තෑහයක් (276)ප්‍රවෘජ්‍යා භූමියට පත් කළහ. ඒ අතුරින් වර්තමානයේ සියනමක් (100) වැඩ සිටිති.

අමරපුර මහා නිකායේ අමරපුර පාර්ශ්වයේ ශ්‍රී සුමංගල කාරක සංඝ සභාතුමූ අප කථානායකයාණන් වහන්සේගේ උදාර ශාසනික සේවය අගයා ශාසනවංශාලංකාර සංඝසෝභන යන ගෞරව නාම සහිත සම්මාන නායක ධුරයත්, ඤාණාභිවංස සද්ධර්ම කීර්ති ශ්‍රී යන ගෞරව නාම සහිත නැඟෙනහිර පළාතේ ප්‍රධාන සංඝ නායක ධුරයත්, සද්ධර්ම වාගීශ්වර ධර්ම විශාරද විචිත්‍රභාණී ඇගයීමේ සම්මානයත් ලබා දුන්හ.

මාවරාගල ආරණ්‍ය සේනාසනාධිපති අප කථානායකයාණන් වහන්සේ ක්‍රි.ව. 2009 වර්ෂයේ දරුණු රෝගී තත්ත්වයකට පත් වුවත් පූර්ව පුණ්‍ය මහිමය නිසා එතැන් පටන් වසර දාහතරක (14)කාලයක් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ හා දායක පින්වතුන්ගේ ඇප උපස්ථාන ලබමින් භාවනාවෙන් ම කල්ගෙවූහ. සුජීවත්ව සිටි සමය පුරාම සිවුවනක් පිරිස වෙත ම අවවාද අනුශාසනා හා නිසි මාර්ගෝපදේශ ලබා දුන්හ.

සිල්වත්ව, ගුණවත්ව, අල්පේච්ඡ හා සැහැල්ලු ජීවිතයක් ගත කරමින් වැඩ සිට වර්ෂ අසූ තුනක් ආයු වළදා (83) ලොව සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය බව පසක් කරමින් 2023 නොවැම්බර් මස 15 වැනි දින මනා සිහි නුවණින් යුක්තව අපවත් වී වදාළහ. අප කථානායකයාණන් වහන්සේට ජාති ජරා ව්‍යාධියෙන් තොර උතුම් නිර්වාණ සම්පත්තිය ලබා ගැනීමට අප කළ පින් අනුමෝදන් වේවා’යි ප්‍රාර්ථනා කරමු.

ඉල් පුර පසළොස්වක

නොවැම්බර් 26 ඉරිදා අ.භා.
03.58 න් පුර පසළොස්වක ලබා 27 සඳුදා අ.භා. 02.51 න් ගෙවේ. 26 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 26

Second Quarterඅව අටවක

දෙසැම්බර් 05

Full Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]