[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සසුන් කෙත සිරිවද්දන වැලිතර අමරනන්ද අනු නා හිමියෝ

සසුන් කෙත සිරිවද්දන වැලිතර අමරනන්ද අනු නා හිමියෝ

අහුන්ගල්ල, මරදාන ශ්‍රී පුලිනතලාරාමාධිපති, අමරපුර මහ නිකායේ චූලගණ්ඨි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ අනුනායක, ශාසනකීර්ති ශ්‍රී ධර්මවිශාරද පණ්ඩිත විචිත්‍රභාණී වැලිතර අමරනන්ද අනු නා හිමිගේ 65 වැනි ජන්ම දිනය 2023-11-26 දිනට යෙදී ඇත.

දනියෙල් ද සිල්වා, හා එල්. සිසිලින් නෝනා ද සිල්වා යන ශ්‍රද්ධාවන්ත මව්පියන්ට දාව මෙලොව එළිය දුටහ.

පැවිදි දිවියේ ඇති වටිනාකමට ඇති ආශාව නිසා 1973 මැයි 22 දින නායක පන්සලේ දී වලගෙදර අමරවංස අනු නා හිමියන්ගේ ශිෂ්‍යයකු ලෙස පැවිදි දිවියට පත්වූහ.

කොස්ගොඩ සරණංකර මහ නා හිමියන්ගෙන් ධර්මවිනය හා පාලි භාෂාවත්, කොස්ගොඩ මංගල නා හිමියන්ගෙන් පිරිත් හා ආගමික කටයුතුත් හොඳීන් ඉගෙන ගත් අප නාහිමියෝ 1978 ජූලි 09 වැනි දා වතුරේගම ඤාණෝභාස මහ නා හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් උපසම්පදා භුමියට පත්වූහ.

අහුන්ගල්ල මරදාන පුලිනතලාරාම පන්සල අලංකෘත විහාරස්ථානයක් බවට පත් කිරීම හා දෙමහල් සංඝාවාසය සහිත දාන ශාලාව, නව ධාතු මන්දිරය සහිත දෙමහල් ධර්මශාලා මන්දිරය, පුස්තකාලය, බෝධි ප්‍රාකාරය , වාහල්කඩ, සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ආදි විහාරාංග ඉදිකරමින් අංග සම්පූර්ණ රමණීය විහාරස්ථානයක් බවට පත් කිරීමේ යෝධ කර්තව්‍යයන් සිදු කර ඇත. දහම් අධ්‍යාපනය හා ශිෂ්‍යත්ව ක්‍රම ලබා දීම, රටට බලපාන ව්‍යසනවල දී පුරෝගාමි සමාජ සංවිධාන සමග එක්වී මහජනතාවට සේවය කිරීම අප නාහිමියන්ගේ ජීවිතයේ ප්‍රමුඛ කාර්යය වී ඇත. රටට ම සෙත් පතමින් දිනපතා ගුවන්විදුලි නාලිකාවකින් සෙත් කවි ගායනා කිරීම පුර්ව පුණ්‍යමහිමයේ ලක්ෂණ කියාපාන්නකි.

උන්වහන්සේගේ ආගමික හා සාමාජීය සේවාවන් ගැන සතුටු වුණු විවිධ ආයතන හා සංවිධාන නාහිමියන්ට ගරු නාම සම්මුති හා පදවි තානාන්තර පිරිනමා ඇති අතර, ඒ අතරින් අමරපුර චූළගණ්ඨි නිකායේ අනුනායක පදවිය ලැබීම මහඟුතර අවස්ථාවකි.

නාහිමියන්ගේ සෙවණැල්ල සේ කටයුතු කරන ප්‍රධාන ශිෂ්‍ය වෛද්‍යාචාර්ය ලීලාගම අමරකිත්ති හිමියන් විශේෂයෙන් පෙන්වා දෙනුයේ නාහිමියන්ගේ සෑම කටයුත්තක ම ප්‍රමුඛත්වයෙන් කටයුතු කරන නිසාවෙනි. විශාල සිසු පිරිසක් බුදුසසුනට බිහිකර ඇති අප නාහිමියන් ඉතා නිරහංකාර චාම් ගති ලක්ෂණයෙන් යුතු අතර සැමට සිනාමුසු මුහුණින් සිටිති. උන්වහන්සේගේ ජන්ම දිනය මුල්කර ගත් ආගමික සමාජීය පින්කම් මාලාවක් දායක පින්වතුන් හා සිසු දරුවන් සංවිධානය කර ඇත. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය හා දෙවියන්ගේ ආරක්ෂාව අප නාහිමියන්ට නිතැතින් ම ලැබේවා යැයි ප්‍රාර්ථනය කරමි.

ඉල් පුර පසළොස්වක

නොවැම්බර් 26 ඉරිදා අ.භා.
03.58 න් පුර පසළොස්වක ලබා 27 සඳුදා අ.භා. 02.51 න් ගෙවේ. 26 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 26

Second Quarterඅව අටවක

දෙසැම්බර් 05

Full Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]