UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ජාතික විජයග්‍රහණය සමරමින් ඓතිහාසික අනුරාධපුර මහමෙව්නා උයනේ ඉදිකිරීමට නියමිත අධිෂ්ඨාන ස්තූප මහ සෑ රදුන්ට මුල්ගල තැබීම මහ සඟරුවනේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ඉකුත් දා (19) සිදු කැරිණි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම මහා පුණ්‍ය කටයුත්ත මහා සංඝරත්නය ප්‍රමුඛ සර්ව ආගමික නායකයන්ගේ ආශීර්වාදය හා මහ ජනතාවගේ සාධුනද මැද ඇරැඹිණි. එහිදී පැමිණ සිටි පිරිස අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්‍ඛිත මහ නාහිමියන් විසින් පන්සිල්හි පිහිටුවන ලදී. මල්වතු පාර්ශ්වයේ අනුනායක නියන්ගොඩ විජිතසිරි අනුනාහිමියෝ ද, අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන් වෙනුවෙන් රළපනාවේ ධම්මජෝති නාහිමියෝද, මාදුළුවාවේ සෝභිත හිමියෝ ද එහිදී අනුශාසනා පැවැත්වූහ. උතුරුමැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහතා පිළිගැනීමේ කථාව සිදු කළ අතර, ස්තුති පූර්වක පුණ්‍යානුමෝදනාව උතුරු මැද ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා සිදු කළේ ය. වේවැල්දෙණියේ මේධාලංකාර මහ නාහිමියෝ ද ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනු නා හිමියන් ප්‍රධාන පන්සිය නමකට ආසන්න මහා සංඝරත්නය ද එම අවස්ථාවට වැඩමවා සිටියහ. අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, ඒ. එච්.එම්. ෆවුසි, ගීතාංජන ගුණවර්ධන, පණ්ඩු බණ්ඩාරනායක, රෝහණ කුමාර දිසානායක, තිස්ස කරල්ලියද්ද, එස්.එම්. චන්ද්‍රසේන, දුමින්ද දිසානායක, සාලින්ද දිසානායක, වෛද්‍ය රාජිත සේනාරත්න යන මහත්වරු සහ පළාත් සභා මැති ඇමැතිවරු කිහිප දෙනෙක් එම අවස්ථාවට සහභාගි වූහ. එහිදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මහමෙව්නාවේ ඉදි කිරීමට නියමිත චෛත්‍යයේ අනුරුව පරීක්‍ෂා කළ අවස්ථාව.
ඡායාරූපය - සුදත් සිල්වා

ශ්‍රී දළදා මාලිගාවේ කාර්තික මංගල්‍යය ඉල් පුරපෝදා

ශ්‍රී දළදා මාලිගාවේ කාර්තික මංගල්‍යය ඉල් පුර පසළොස්වක පෝය දින පැවැත්වේ. මෙදින සවස කාර්තික මංගල්‍ය පෙරහර ශ්‍රී දළදා මාළිගාවෙන් පිටත්ව මාළිගාචතුරශ්‍රයේ සංචාරය කර ශ්‍රී දළදා මාළිගාවේ මහ වහල්කඩ අබියසින් ගෙවදී.

ඉතිරිය»

ඉල්පුර පසළොස්වක පෝය
ඉල්පුර පසළොස්වක පෝය නොවැම්බර් මස 2 වනදා සඳුදා පූර්වභාග 1.52 ට ලබයි. 3 වනදා අඟහරුවාදා පූර්වභාග 00.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 2 වන දා සඳුදාය.

මීළඟ පෝය නොවැම්බර් 9 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 02

Second Quarterඅව අටවක

නොවැම්බර් 09

New Moonඅමාවක

නොවැම්බර් 16

First Quarterපුර අටවක

නොවැම්බර් 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]