UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 


කොළඹ 07 ශ්‍රී සම්බෝධි මහා විහාරයේ කඨින පින්කම මෙවරද අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති හා බෞද්ධයා රූපවාහිනී නාලිකාවේ සභාපති දරණාගම කුසලධම්ම නාහිමියන්ගේ මෙහෙයවීමෙන් මහා විහාර වංශික සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නාහිමියන් වහන්සේ හා සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති නියංගොඩ විජිතසිරි අනුනාහිමියන් ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පින්කමේදී සියක් නමකට අධික මහා සංඝරත්නය පහන් වනතුරු පිරිත් දේශනාවක් පැවැත්වූ අතර පසුදින උදෑසන නාවික හමුදාපති වයිස් අද්මිරාල් තිසර සමරසිංහ මහතාගේ දායකත්වයෙන් උදෑසන ශතාධික මහා සංඝරත්නය විෂයෙහි සඟසතු මහා දානයක් පිරිනමන ලදී. එම පින්කම සඳහා හිටපු අගවිනිසුරු සරත් එන්.සිල්වා , ආරක්‍ෂකඅමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ , වයිස් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ , පොලිස්පති ජයන්ත වික්‍රමරත්න, දිලිත් ජයවීර, වේගුපිටිය , වෛද්‍ය ලෝහිත සමරවික්‍රම මහත්වරු ආදී දායක සභාවේ විශාල පිරිසක් සහභාගිවී සිටියහ. පින්තූරයේ දැක්වෙන්නේ සම්බෝධි විහාර මැදුරේ සියක් නමක් මහා සඟරුවන පිරිත් දේශනා කළ අයුර ැ හා සධාතුක කරඩුව අලිඇතුන් සහිත දර්ශනීය පෙරහරකින් කොළඹ 07 හෝටන් පෙදෙස් පදිංචි වෛද්‍ය ලෝහිත සමරවික්‍රම මහතාගේ නිවසේ සිට වැඩම කරවාගෙන පිරිත් මණ්ඩපයේ තැන්පත් කළ අයුරුය.

මාබිම හෙයියන්තුඩුව තායි ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ කඨින පින්කම සහ තායි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකළ අභිනව විහාර මන්දිරයේ වෝෆා නම් අංගය ඔසවා තැබීමේ උත්සවය ඉකුත් දා සිදු කැරිණි. එහිදී තායිලන්තයේ වට්ප්‍රා පතොම්වේදී රජ මහා විහාරාධිපති ප්‍රාධම්ම පරියත්තිවේදී නාහිමියන්ගේ සහභාගිත්වයෙන් පැවැති එම පුණ්‍යෙීත්සවයේදී ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී රතනපාල බුද්ධරක්ඛිත මහ නාහිමියන් සහ තායිලන්තයේ නාහිමියන් සහභාගි වූ අවස්ථාව. තායි ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධිපති රාස්සගල සීවලී හිමියෝද ඡායාරූපයේ වෙති.

කොළඹ කොටුව සම්බුද්ධාලෝක විහාරයේ මෙවර කඨින පින්කම ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති බන්දුල පද්මකුමාර මහතා ප්‍රධාන ලේක්හවුස් බෞද්ධ සංගමයේ දායකත්වයෙන් සිදු කැරිණි. එහිදී සම්බුද්ධාලෝක විහාරාධිපති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර හිමියන් වෙත ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති බන්දුල පද්මකුමාර මහතා විසින් කඨින වස්ත්‍රය පූජා කළ අවස්ථාව. සමාගමේ සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහතා ඇතුළු ලේක්හවුස් බෞද්ධ සංගමයේ සාමාජික සාමාජිකාවෝද, විහාරස්ථ දායක දායිකාවෝද එම අවස්ථාවට සහභාගි වූහ. ඒ සදහා ආයතනයේ සියලු සේවක සේවිකාවෝ අනුග්‍රහය දැක්වූහ.
ඡායාරූපය - ආනන්ද මුරමුදලි

 ‘ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින් ගේ සංගමය’ එකොළොස් වන වරටත් සංවිධානය කළ ‘ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’ නැරඹීම සඳහා දස ලක්ෂයකටත් අධික ජනකායක් පසුගිය දින කිහිපය තුළ කොළඹ ‘බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව‘ වෙත පැමිණි අතර ඔවුන්ගේ විශේෂ අවධානය යොමුවූ කුටියක් ලෙසට ‘සී/ස.සරසවි පොත් ප්‍රකාශකයින්ගේ ‘ ප්‍රදර්ශන කුටිය දැක්විය හැකිය. මෙහිදී එහි පැමිණි කාම්බෝජ ජාතික භික්ෂූන් වහන්සේ පිරිසකට ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ප්‍රදර්ශනය කෙරුණු ‘ඉබේ කැරකෙන ලෝක ගෝලය’ පිළිබඳව ප්‍රකට විද්‍යා ලේඛකයෙකු හා තාරකා විද්‍යාඥයෙකු වන අනුර සී.පෙරේරා මහතා විසින් කර ැණු විස්තර කර දුන් අයුරු.

අගලවත්ත ඉත්තෑපාන පදිංචි විජිතා රාජපාලි කරුණාරත්න හා ධර්මවික්‍රම කරුණාරත්න යුවල සතුව තිබූ අඩි 6 1/2ක් දිග, අඟල් 22ක් වට ප්‍රමාණයෙන් යුත් කිලෝග්‍රෑම් 238 ක් බර ඇත්දල යුගළක් මහනුවර ශ්‍රී දළඳා මාළිගාවට පූජා කරන ලදී. එහි නීත්‍යානුකූල ලියකියවිලි - මහනුවර කීර්ති ශ්‍රී පොත්ගුල් විහාරාධිපති යටිනුවර සුමන, අරංගල විද්‍යාලයේ ආචාර්ය දූල්වල රතනසාර හිමිවරුන් විසින් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වෙත බාරදුන් අයුරු. සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ අනුනායක ඉත්තෑපානේ ධම්මාලංකාර අනු නාහිමියන් ඇතුළු මහා සංඝ රත්නයද, ඇත්දල පූජා කළ කරුණාරත්න යුවළද මෙහි වෙති.
ඡායාරූපය - උදේනි රාජපක්‍ෂ

 

ඉල්පුර පසළොස්වක පෝය
ඉල්පුර පසළොස්වක පෝය නොවැම්බර් මස 2 වනදා සඳුදා පූර්වභාග 1.52 ට ලබයි. 3 වනදා අඟහරුවාදා පූර්වභාග 00.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 2 වන දා සඳුදාය.

මීළඟ පෝය නොවැම්බර් 9 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 02

Second Quarterඅව අටවක

නොවැම්බර් 09

New Moonඅමාවක

නොවැම්බර් 16

First Quarterපුර අටවක

නොවැම්බර් 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]