UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ඉල් පෝදා පින්කම්

කතරගම කිරිවෙහෙර

කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ ඉල් පෝදා දවස පුරා පින්කම් රැසක් ඌව විශ්වවිද්‍යාලයේ කුලපති රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකෙරේ.එදින උදෑසන උපාසක උපාසිකාවන් අටසිල් සමාදන් කරවීම මල් පහන් කිරි ආහාර පූජාව ශබ්ද පූජා මධ්‍යයේ ෂඩ්වර්ණ බෞද්ධ කොඩි 300 ක් කිරිවෙහෙර චෛත්‍යය වටා පැළදවීමේ කප්රුක් පූජාව පැවැත්වේ.

භාවනා වැඩසටහන චෛත්‍ය මලුවේ පැවැත්වේ. උදේ ධර්‍මදේශනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති වෙන්නවත්තේ රතනජෝති හිමියන් විසින් දුටුගැමුණු ධර්‍මශාලාවේදී පැවැත්වේ. සවස කිරිවෙහෙර මහාසේන සිල් සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ සිට උපාසක උපාසිකාවන්ගේ සාදු නාදයෙන් අෂ්ඨපල බෝධීන් වහන්සේ වෙතට ගොස් මල් පහන් පූජාකර බෝධීන්වහන්සේ සුවඳ පැණින් නෑවීම සිදු කිරීමෙන් අනතුරුව බෝධිපූජාව පවත්වනු ලබන්නේ අෂ්ඨඵල බෝධි තේවාව භාර කිරිවෙහෙර රාජමහා විහාරවාසී මිද්දෙණියේ උදිත හිමියන් විසිනි.

කිරිවෙහෙර 3 වන මලුව සමීපයේ පහන් දස දහසක ආලෝක පූජාව පැවැත්වෙන අතර සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්‍මදේශනාව පසුදා පහන්වන තුරු විහාරස්ථ ධම¡¡ශාලාවේ පැවැත්වේ. කලුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක කතරගම බෞද්ධ සංගමය ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය මහාසේන සිල් සමිතිය හා විහාරස්ථ දායක සභාව එම පින්කම් සංවිධානය කර ඇත.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදාන පින්කම

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ ඉල්පුර පෝදා තරුණ සීල සමාදාන වැඩසටහන මෙසේ ය. පෝදා පෙරවරු 6 – 7 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත උඩදුම්බර ලංකානන්ද හිමි, 8 – 9 භාවනාව මෙහෙයවීම පණ්ඩිත හිඟුරේ පඤ්ඤාසේකර හිමි, 9 – 10 විශේෂ දේශනය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් ඒ. සේනාධීර මහතා, 10 – 11.15 පරෝපකාර සංග්‍රහය, අනුශාසනාව හා බුද්ධ පූජාව, ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.30 – 1 පිරිත් හා තෙරුවන් ගුණ ඇලහැර විජිතවංස හිමි, 1 – 2 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2 – 3 ධර්ම දේශනාව ත්‍රිපිටකාචාර්ය මිරගහවත්තේ පඤ්ඤාසිරි හිමි, 3 – 4 ධර්ම දේශනාව ශාස්ත්‍රපති දොඩන්දූවේ සිරිකර නාහිමි, 4.15 – 5 ධම්මපදය පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5 – 6 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මා හිමි, 6 – 6.30 බෝධි පූජාව මෙහෙයවීම ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මා හිමි.


වැල්ලවත්තේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී ඉල් පුර පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේ ය.

එදින පෙරවරු 6 – 7 සීල සමාදානය අනුශාසනාව මහරගම මහින්ද හිමි, 7 බුද්ධ පූජාව, 8 – 9 දහම් දෙසුම කොටපොල අමරකිත්ති හිමි, 9 – 10 රූපවාහිනී දහම් දෙසුම 10 – 11 දේශනය නුවන නයනජිත් කුමාර මහතා 11 බුද්ධ පූජාව පස්වරු 12.30 – 1 පිරිත් සජ්ඣායනය 2.30 – 3 භාවනා වැඩසටහන මෙහෙයවීම ගාමිණී පි‍්‍රයන්ත මහතා 3 – 4 දහම් දෙසුම මාවරලේ භද්දිය හිමි, 4 – 5 දහම් දෙසුම අගලකඩ සිරිසුමනහිමි, 5 බුද්ධ වන්දනාව.


කුප්පියාවත්තේ ශ්‍රී ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්තේ ශ්‍රී ජයශේඛරාරාම මහ විහාරස්ථානයේ දී ඉල් පුර පොහෝ දා විහාරාධිපති හල්පිට හේවාගම් දෙකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ සංවිධානයකත්වයෙන් සීල, භාවනා, ධර්මදේශනා පින්කම් මාලාවක් දවස පුරා පැවැත්වේ. එදින පෙරවරු 6.00 –6.30 සීල සමාදානය හා කෙටි අනුශාසනාව මෙහෙයවීම ජයශේඛරාරාමාධිකාරී ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි, 7.00 – 7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම තලල්ලේ සිරි මහින්ද නාහිමි, 8 – 9 රජවත්තේ වප්ප හිමි මෙහෙයවන භාවනා වැඩසටහන, 9.15 - 10.15 ධර්ම දේශනාව ගැට්ටුවානේ සුමේධ හිමි, 10.15 – 11.00 සම්බුද්ධ පූජාව මෙහෙයවීම තලල්ලේ සිරිමහින්ද නා හිමි, 12.30 – 12.45 සෙත් පිරිත් සජ්ඣායනාව විමලදාස පෙරේරා උපාසක මහතාගේ ප්‍රධානත්වයෙන්, 1.00 – 2.00 විහාරස්ථ උපාසක උපාසිකා සමිති මාසික රැස්වීම 02.15 – 3.00 භාවනා වැඩසටහන මෙහෙයවීම තලල්ලේ සිරිමහින්ද නාහිමි, 3.30 – 4.30 දහම් දෙසුම සේරුනුවර බෝධිතිස්ස හිමි, 4.30 – 5.30 දහම් දෙසුම ගැට්ටුවානේ සුමේධ හිමි, 6.00 ට සිල් පවාරණය සිරිමහින්ද නා හිමි මෙහෙයවයි. 7.00 – 7.30 සම්බුද්ධ පූජාව මෙහෙයවීම තලල්ලේ ධම්මදේව හිමි, 7.45 – 8.45 ධර්මදේශනාව කැලණි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ කොළඹ මාලිගාකන්දේ විද්‍යොදය පිරිවනේ ආචාර්ය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අළුබෝමුල්ලේ ධම්මාලංකාර හිමි.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන පින්කම

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන ඉල් පෝදා වැඩසටහන මෙසේ ය.

පෝදා පෙරවරු 6 – 7 සිල් සමාදන් කරවීම අනුශාසනාව හා බුද්ධ පූජාව, ශාස්ත්‍රපති පණ්ඩිත රජවැල්ලේ සුභූති හිමි, 8 – 9 භාවනාව මෙහෙයවීම ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි, 9 – 10 ධර්ම දේශනාව මහරගම ජනාධිපති විද්‍යාලයේ ආචාර්ය කිරම රාහුල හිමි, 10 – 11 අභිධර්ම කතාව, පියදාස මුතුගම මහතා, 11 – 11.15 බුද්ධ පූජාව, අගලවත්තේ සුමිත්ත හිමි, බංගලිදේශයේ සද්ධානන්ද හිමි, පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.30 – 1 පිරිත් හා තෙරුවන් ගුණ ගල්කිස්සේ සෝමානන්ද හිමි, බියගම කමලධම්ම හිමි, 1- 2 ධර්ම සාකච්ඡාව, ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 2 - 3 කුකුල්පනේ සුදස්සී හිමි, 3 – 4 ධර්ම දේශනාව, දියතලාවේ පියදස්සී හිමි, 04.15 – 5 ධර්ම දේශනාව, අතුරුගිරිය සම්මා සමාධි ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානාධිපති ඇඹිලිපිටියේ ආනන්ද හිමි, 5 – 6 ධම්මපදය, ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 6 – 6.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි.


මාතර සිරිමංගල පිරිවෙන් විහාරය

පෝදා පෙරවරු 6.00 සීල සමාදානය සහ අනුශාසනාව පණ්ඩිත වලස්ගල පුණ්‍යජි මයුරවංශ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි ආරම්භ ;ව්. 6.30 බුද්ධ පූජා වන්දනාව ශාස්ත්‍රවේදී කුඩාගොඩ ඤාණවංශ හිමි, 8.30 ධර්ම දේශනාව සංකපාලේ පඤ්ඤාතිස්ස හිමි, 10.30 බුද්ධ පූජා වන්දනාව බලංගොඩ ශාන්තසිරි හිමි පස්වරු 1.00 සෙත්පිරිත් සජ්ඣායනාව, 2.00 ධර්ම සාකච්ඡාව ත්‍රිපිටකවේදී වලස්ගල පඤ්ඤාසිරි හිමි, 4.00 ධර්ම දේශනාව හොරපාවිට ධම්මිස්සර හිමි, 5.00 සිල් පවාරණය සහ පුණ්‍යානුමෝදනාව, රාත්‍රී 7.00 ට අටවිසි බුද්ධ වන්දනාව ශාස්ත්‍රවේදී කුඩාගොඩ ඤාණවංශ හිමි.


යමුනා සදහම් ආරාමය

කොළඹ 6 මායා මාවත ශ්‍රී යමුනා සදහම් ආරාමයේ දී සෑම පුර පසළොස්වක පෝදාකම රාත්‍රී 7 –8 දක්වා ධර්ම දේශනාවක් පැවැත්වෙන අතර ඉල් පෝදා එම දහම් දෙසුම කොටපොල අමරකිත්ති හිමියන් විසින් පවත්වනු ලැබේ.


උයන්වත්ත වාලුකාරාම මහා විහාරය

පෝදා පෙරවරු 06.30 සිල් සමාදන් කරවීම කරගොඩ උයන්ගොඩ රතනජෝති මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා, පරිදි ආරම්භ කෙරේ. 7.00 බුද්ධ පූජා වන්දනාව මොරවක ධම්මරතන හිමි, 8.00 ගුවන්විදුලි ධර්ම දේශනාව, 10.30 ට බුද්ධ පූජා වන්දනාව බෙංගමුවේ චන්ද්‍රරතන හිමි, පස්වරු 1.00 පොඩි ස්වාමීන් වහන්සේලා විසින් පවත්වනු ලබන සෙත් පිරිත් සජ්ඣායනාව 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති කැළණියේ අජිත හිමි, 4.00 විශේෂ ධර්ම දේශනාව රොටුඹ සෝමරතන හිමි, 6.00 සිල් පවාරණය, 7.00 අටවිසි බුද්ධ පූජාව ශාස්ත්‍රවේදී බලංගොඩ ශාන්තසිරි හිමි.


ආරෝග්‍ය සේවා සංගමයේ ගිලන් සංග්‍රහය

මාසිකව පැවැත්වෙන ගිලන් සංග්‍රහය පුන් පෝදා පස්වරු 03.30 ට පැවැත්වේ. මාතර මහ රෝහලේ නේවාසික රෝගීන්ට කිරි, බිස්කට් සහ ‘සිත්සුව‘ ධර්ම පත්‍රිකා බෙදාදීම සිදුකෙරේ.


තලවතුගොඩ - සංඝමිත්තාරාමය

තලවතුගොඩ, වැලිපාර සංඝමිත්තාරාමයෙහි ඉල් පුන් පොහෝ දින අලුයම 05.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක් ද පෙරවරු 6 පස්වරු 6 දක්වා සීල භාවනා, ධර්ම දේශනා වැඩසටහන් ද පැවැත්වේ. පෙරවරු 8 – 9 පානළුවේ සතීමා දසසිල් මාතාව පවත්වන ධර්ම දේශනයක් ද, 9.00 – 9.30 කොට්ටාවේ සුධීරා දසසිල් මාතාව විසින් පවත්වන ධර්ම දේශනය ද 9.30 – 10.00 ගංගා කුමාරි උපාසිකාව පවත්වන දේශනයක් ද 10 – 11 දක්වා කොටගොඩ සුධීර හිමියන් මෙහෙයවන භාවනා වැඩසටහනක් ද 11 දවල් බුද්ධ පූජාවෙන් අනතුරුව පස්වරු 12.30 – 1 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය ද 1 – 3 හිටපු මහා භාරකාර යූ. මාපා මහතා මෙහෙයවන සක්මන් භාවනා වැඩසටහනක් ද 3 – 5 දක්වා වෛද්‍ය සම්පත් නානායක්කාර මහතා මෙහෙයවන ධර්ම සාකච්ඡාවෙන් අනතුරුව 5 – 5.30 දක්වා තුන් සූත්‍ර දේශනය අවසානයේ සිල් පවාරණය සිදු කෙරේ. සවස 06.00 ට ගිලන්පස අටවිසි බුද්ධ පූජාවක් මොරවක ශාන්ත හිමියන් විසින් පවත්වනු ලැබේ.


මාතර සිරි වජිරඤාණ ධර්මායතනය

පෝදා පෙරවරු 06.00 ට සිල් සමාදන් කරවීම සහ අනුශාසනාව ශාස්ත්‍රපති පණ්ඩිත පැලෑනේ සුවිනීත හිමි 07.30 උදෑසන බුද්ධ පූජාව, 08.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත මොදරවානේ සිද්ධත්ථ නාහිමි 09.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත නාහංගොඩ සුධම්ම හිමි, 11.00 ට බුද්ධ පූජාව, පස්වරු 1.00 ට සෙත් පිරිත් දේශනාව ධර්මායතන වාසී පොඩි ස්වාමීන්වහන්සේලා, 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පැලෑනේ සුවිනීත හිමි, 3.30 ධර්ම දේශනාව අතපත්තුකන්දේ ඤාණසාර හිමි, 5.00 ධර්ම දේශනාව පණ්ඩිත රත්මල්කැටියේ සිරිධම්ම හිමි, 6.00 සිල් පවාරණය සහ පුණ්‍යානුමෝදනාව.


කොම්පෙයාහේන

හෝමාගම පනාගොඩ කොම්පෙයාහේන භාවනා මධ්‍යස්ථානයේ දී ඉල් පුර පසළොස්වක පොහොය දින පවත්වනු ලබන ආගමික වැඩසටහන මෙසේ ය. එදින පෙරවරු 06.30 – 07.15 සිල් සමාදන් කිරීම, බුද්ධ වන්දනාව, විහාරාධිපති කළුතර සරද හිමි, 8 – 9.45 භාවනාව මෙහෙයවීම රත්මල්දෙණියේ සරත් ගල්ගමුව මහතා, 10 – 11 ධර්මදේශනය, ගෞරව ශාස්ත්‍රවේදී දෙහිපාගොඩ විජිතනන්ද හිමි, 11 – 1 බුද්ධ වන්දනාව, පස්වරු 1 – 2 පිරිත් ධර්ම දේශනා කිරීම, දායක සභා රැස්වීම. 2 – 3 ධර්මදේශනය, ශාස්ත්‍රපති විටියල ඉන්දසිරි හිමි, 3.15 – 4.15 ධර්මදේශනය ගෞරව ශාස්ත්‍රවේදී, කුඩාකත්නෝරුවේ විනීත හිමි, 4.15 – 5.15 ධර්මදේශනය, කළුතර සරද හිමි, 05.30 – 6.30 බෝධි පූජාව සහ සිල් පවාරණය.

 

ඉල්පුර පසළොස්වක පෝය
ඉල්පුර පසළොස්වක පෝය නොවැම්බර් මස 2 වනදා සඳුදා පූර්වභාග 1.52 ට ලබයි. 3 වනදා අඟහරුවාදා පූර්වභාග 00.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 2 වන දා සඳුදාය.

මීළඟ පෝය නොවැම්බර් 9 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 02

Second Quarterඅව අටවක

නොවැම්බර් 09

New Moonඅමාවක

නොවැම්බර් 16

First Quarterපුර අටවක

නොවැම්බර් 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]