UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී සුමන අභය දාන පුණෝත්සවය

බෝපිටිය ශ්‍රී සුදර්ශනාරාම පුරාණ රජමහා විහාරස්ථානයේ දී මෙම 05 වනදා පස්වරු 3.00 ට ශ්‍රී සුමන අභයදාන පුණෝත්සවය  පැවැත්වේ.එදින මරණයෙන් නිදහස් කරන ලද ගවයින් රැගත් රිය පෙරහර ගිරිඋල්ල නගරයෙන් ප.ව.2.00 ට ආරම්භ වී ප.ව.3.00 පමණ විහාරස්ථානයට ළඟාවීම. පෙරහර පිළිගැනීම ගිරිඋල්ල මහජන බැංකු ශාඛා කාර්යාලීය නිලධාරි මණ්ඩලය මගිනි.උත්සව සභාව විහාරස්ථ සභා ශාලාවේදී ප.ව.4.00 ආරම්භ වේ. මූලාසනය විහාරාධිපති කටුගම්පල හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක හුණුවිල ශ්‍රී සුමනරතන නාහිමියන් විසිනි.

විශේෂ ආරාධිත අමුත්තන් අතර ජනමාධ්‍ය හා තොරතුරු සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා සහ මහාමාර්ග හා මාර්ග සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍ය ටී.බී.ඒකනායක මහතා සහ හිටපු ජලකලමණාකරණ අමාත්‍ය , ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා සහ රජයේ මැති ඇමතිවරු හා පළාත් සභා මන්ත්‍රීවරුන් ද වේ. ප්‍රවීණ ගත්කතුවර, ගීත රචක, නීතිඥ ඩබ්.ඒ.අබේසිංහ මහතා,ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතා ඇතුළු වියතුන්ගේ දෙසුම්ද අගනුවර තරුණ කවි සමාජයේ සභාපති ගාල්ලේ බර්ලින් කිවිඳු සහ කිවිපති නන්දා මීගස්තැන්න කිවිඳියගේ විශේෂ කවි සංවාදයක්ද ගුවන්විදුලි ගායිකා දිමිත්‍රා රත්නායක මහත්මියගේ මියුරු ගායනාද ඇතුළත් වේ. කෝපි කඩේ රංගන ශිල්පීන්ද සහභාගි වීමට නියමිතව ඇත.ගිහිපැවිදි වියත් හරබර දේශන වලින් අනතුරුව ඉතා සුවිශේෂ වූ සම්මාන උපහාර පිරිනැමීමේ අවස්ථාවක්ද සිදුවේ. විශිෂ්ට ගීතය සඳහා ‘දේශශක්ති’ සම්මානය එම ගීතය රචනා කළ මීගහවෙල සුමනශාන්ත හිමියන්ටද එම ගීතය සංගීතය නිර්මාණය කොට ගායනා කළ සුප්‍රකට ගායක නිහාල් නෙල්සන් මහතාට ද මෙදින මෙම විශේෂ සම්මාන පිරිනමනු ලැබේ.

ඉල්පුර පසළොස්වක පෝය
ඉල්පුර පසළොස්වක පෝය නොවැම්බර් මස 2 වනදා සඳුදා පූර්වභාග 1.52 ට ලබයි. 3 වනදා අඟහරුවාදා පූර්වභාග 00.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 2 වන දා සඳුදාය.

මීළඟ පෝය නොවැම්බර් 9 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 02

Second Quarterඅව අටවක

නොවැම්බර් 09

New Moonඅමාවක

නොවැම්බර් 16

First Quarterපුර අටවක

නොවැම්බර් 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]