UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

නාගීස් සුළි කුණාටුවෙන් විපතටපත් ප්‍රදේශයෙන්....

සසුන් කෙත සරු කළ ‘සමාධි මෙත්තා’ ගම්මානය

තායිවානයේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ලංකා ධර්මචක්‍ර ළමා පදනමේ සභාපති ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ සමාජ මෙහෙවරේ ප්‍රතිඵලයක් වශයෙන් මියැන්මාරය හා ශ්‍රී ලංකාව අතර ශාසනික සබඳතාවන්හි නවෝදයක් ඇතිවී තිබේ. මෙරට දහම් පාසල් සහ විහාරස්ථාන වලට අවශ්‍ය දහම් පොත් ලක්ෂ ගණනක් නොමිලයේ ලබා දුන් බෝදාගම චන්දිම නාහිමියෝ ඉකුත් කාලයේදී සුනාමියෙන් ගේ දොර අහිමි වූ දකුණේ වැසියන් වෙනුවෙන් තනා දුන් නිවාස ප්‍රමාණය දහස් ගණනකි. වව්නියාවේ සහන ගම්මානවල දිවි ගෙවන දෙමළ ජනතාව වෙනුවෙන්ද බෝදාගම නාහිමියන් කෝටි ගණනක් වටිනා ආධාර පිරිනැමූහ. මෙරට සසුන රකින්නට මියැන්මාරයෙන් සාමණේර හිමිවරුන් සියයක් ලැබෙන්නේ ද බෝදාගම චන්දිම නාහිමියන් ගේ සමාජ සේවය මෙරටින් නොනැවතී ජාත්‍යන්තරයට ගමන් කළ බැවිනි. බුරුමය හෙවත් මියැන්මාරය හරහා 2008 මැයි මාසයේදී හමාගිය නාර්ගීස් සුළි සුළගෙන් එරට ජනතාවට බොහෝ දේ අහිමි විය. දහස් ගණන් වැසියෝ උන්හිටි තැන් අහිමිව අසරණ වූවෝය. එම සිද්ධිය පිළිබඳ සිය ශෝකය පළ කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙරටේ සිටින මියැන්මාර් තානාපති නිලධාරීන් හමුවිය. ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයා විමසුවේ මියැන්මාරය වෙනුවෙන් ශ්‍රී ලංකාවට කළ හැකි දේ පිළිබඳවය. ඒ වන විට නාර්ගීස් කුණාටුවෙන් පසු ඇමරිකාව ඇතුළු රටවල් රැසක් මියැන්මාරයට ආධාර කිරීමට ඉදිරිපත් වුවද එරට හමුදා ආණ්ඩුව එම ආධාර ප්‍රතික්ෂේප කළේය. ඊට හේතුව වූයේ පිටස්තර පුද්ගලයන් තම රටේ කටයුතුවලට අත දැමීම ගැන ඔවුන් තුල ඇති අකැමැත්තය. කෙසේ නමුදු බුදු දහමෙන් බැඳුණු ශ්‍රී ලංකාවේ සහ මියැන්මාරයේ දිගුකාලීන මිතුදම නිසා ජනාධිපතිතුමාගේ යෝජනාව මියැන්මාරය අහක දැමුවේ නැත. ජනාධිපතිතුමා වෙනුවෙන් එම වැඩ පිළිවෙළෙහි සම්බන්ධීකාරකයා වූයේ ජාත්‍යන්තර බෞද්ධ කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය බෝදාගම චන්දිම නායක හාමුදුරුවන්ය.

ඉතිරිය»

ඉල්පුර පසළොස්වක පෝය
ඉල්පුර පසළොස්වක පෝය නොවැම්බර් මස 2 වනදා සඳුදා පූර්වභාග 1.52 ට ලබයි. 3 වනදා අඟහරුවාදා පූර්වභාග 00.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 2 වන දා සඳුදාය.

මීළඟ පෝය නොවැම්බර් 9 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 02

Second Quarterඅව අටවක

නොවැම්බර් 09

New Moonඅමාවක

නොවැම්බර් 16

First Quarterපුර අටවක

නොවැම්බර් 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]