UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කඨින පින්කම්

කැලණි රජමහා විහාරයේ කඨින පින්කම

කැලණි රජමහා විහාරයේ කඨින පින්කම විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් හා විහාරස්ථ ශීල භාවනා සමිතියේ සභාපති සාමවිනිසුරු එම්.ඒ. හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් 38 වැනි වරටත් ඉල් පොහෝ දින පැවැත්වේ.

මෙවර කඨින චීවරය හිමිදිරි පාන්දර 4.30 ට පෙරහරකින් වැඩමවනු ලබන්නේ කැලණිය යටාලතිස්ස මාවතේ පදිංචි ප්‍රසන්න මීගොඩ මහතාගේ නිවසේ සිටය. පෙරවරු. 6.00 ට කඨින චීවරය සඟසතුකර පූජා කෙරේ. දාවල 25 නමකට අධික මහසඟරුවන වෙත සපිරිකර සංඝගත දක්‍ෂිණාවකි. කප්රුක මෙවර පූජා කරනු ලබන්නේ ශීල භාවනා සමිතියේ උවසු උවැසියන් විසින් ය. සවස මහ සඟරුවන වෙත ගිලන්පස පූජාවෙන් අනතුරුව රාත්‍රී 7.30 සිට 08.30 දක්වා කඨිනානිශංස ධර්ම දේශනාව පවත්වනු ලැබේ.


අනුරාධපුර බෞද්ධ මණ්ඩලයේ කඨින චීවර පූජාව

අනුරාධපුර බෞද්ධ මණ්ඩල සංඝාවාසයේ වස් විසූ භික්‍ෂූන් වහන්සේලා වෙත කඨින චීවර පූජාව ඉල් පෝදා පිරිනැමීමට නියමිතය.

පෙර පොහෙය දින මැදියම් රැයේ විශේෂ මණ්ඩපයක තැනූ අත් යන්ත්‍රයක් උපයෝගි කරගෙන පහන් දල්වා සෙත් පිරිත් දේශනා කොට, පංචතූර්ය මධ්‍යයෙහි කඨින වස්ත්‍රය විවීම ආරම්භ කෙරේ. එදින අලුයම වියන ලද එම වස්ත්‍රය සේදීම කඩ කැපීම, එක්කොට මැසීම, පඬු පෙවීම, කප් බින්දු තැබීම, ඇතිරීම ආදී කරුණු එකම දිනකදී සිදු කිරීමෙන් සකස්කර ගන්නා එම කඨින චීවරය එදින දවල් විසිපස් නමකට අධික මහා සංඝරත්නය විෂයයෙහි පවත්වන අටපිරිකර සහිත මහා සාංඝික දානයේ දී පූජා කිරීමට කටයුතු යොදා ඇත. බණ භාවනා වැඩසටහන් ද එම ඉල් පොහොය දින යෙදී සිරිත් පරිදි සිදු කිරීමට බෞද්ධ මණ්ඩලය පියවර ගෙන ඇත.


අනුරාධපුර නව සංඝමිත්තාරාමය

අනුරාධපුරය පැරැණි නගරය අරිප්පු පාරේ නව සංඝමිත්තාරාමයේ කඨින පින්කම නොවැම්බර් 1 සහ 2 යන දිනවලදී සිදු කැරේ. එම පින්කම ඉංගිරියේ විජයන්ති දමිතා භික්‍ෂුණීන් වහන්සේගේ මෙහෙයවීමෙන් එම පින්කම් මාලාව පැවැත්වේ. 2 වන දා පස්වරු 2 ට ඝණ්ඨාර කුළුණට මුල්ගල් තැබීම උතුරුමැද පළාතේ ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා ඇතුළු ආරාධිත අමුත්තන් විසින් සිදු කැරේ.


ශ්‍රී නාථ දේවාල විහාරය

මහනුවර ශ්‍රී නාථ දේවාල විහාරස්ථානයේ දී කඨින පින්කම නොවැම්බර් 1, 2 දිනයන්හි පැවැත්වේ. විහාරාධිපති අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහෝපාධ්‍ය ගොමගොඩ රතනසාර නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් එම පින්කම පැවැත්වේ.

ඉල්පුර පසළොස්වක පෝය
ඉල්පුර පසළොස්වක පෝය නොවැම්බර් මස 2 වනදා සඳුදා පූර්වභාග 1.52 ට ලබයි. 3 වනදා අඟහරුවාදා පූර්වභාග 00.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 2 වන දා සඳුදාය.

මීළඟ පෝය නොවැම්බර් 9 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 02

Second Quarterඅව අටවක

නොවැම්බර් 09

New Moonඅමාවක

නොවැම්බර් 16

First Quarterපුර අටවක

නොවැම්බර් 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]