නිවස බොදු පුවත්බෙරන්නාවේ විමල නා හිමි

බෙරන්නාවේ විමල නා හිමි

by Dharmaratne
November 7, 2025 12:31 pm 0 comment

පාදුක්ක මොරගහතැන්න ශ්‍රී මහා විහාරය සහ ලියන්වල ශ්‍රී සුවිශුද්ධාරාමය යන විහාරස්ථානවල උභය විහාරාධිපති, උඩුමුල්ල ශ්‍රී විමලජෝති පිරිවෙනෙහි හිටපු නියෝජ්‍ය පරිවේණාධිපති ශාස්ත්‍රවේදී බෙරන්නාවේ විමල නා හිමිපාණන් වහන්සේ වෙත කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවෙන් පිරිනමන ශාසනකීර්ති ශී‍්‍ර විනයාචාර්ය යන ගෞරව නාම සහිතව කොළඹ මහා දිසාවේ සීතාවක පුර ප්‍රධාන සංඝනායක ධූරය පිරිනමා ඇත.

ඒ පිළිබඳ සන්නස් පත්‍රය පිරිනැමීම මෙම මස 08 වැනිදා කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ ශ්‍රීමත් මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර නා හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ රාජ මහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේ දී සිදු කරනු ලබයි.

අභිනව නාහිමිපාණන් වහන්සේ පිළිගැනීමේ උත්සවය මෙම 08 වනදා සවස ලියන්වල ශ්‍රී සුවිශුද්ධාරාම විහාරස්ථානයේ සහ පසුදින (09) පස්වරුවේ පාදුක්ක මොරගහතැන්න ශ්‍රී මහා විහාරස්ථානයේ දී සිදු කරනු ලැබේ.

– ප්‍රබෝධනී වැලිකල

You may also like

Leave a Comment