නිවස බොදු පුවත්බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)

by Test User
November 5, 2025 12:00 pm 0 comment

නිට්ටඹුව යටියන ශ්‍රී ජයවර්ධනාරම විහාරස්ථානයෙ අටවිසි බුද්ධ මන්දිරයක් සඟසතු කිරීම

නිට්ටඹුව යටියන ශ්‍රී ජයවර්ධනාරම විහාරස්ථානයේ රුපියල් ලක්ෂ 50ක පමණ මුදලක් වැයකර ඉදිකරන ලද දර්ශනීය අටවිසි බුද්ධ මන්දිරයක් සඟසතු කිරීම ඓතිහාසික අත්තනගල්ල රාජමහා විහාරාධිපති මහෝපාධ්‍යාය ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 17 වැනි දින සිදු කෙරුණි.

යටියන ශ්‍රී ජයවර්ධනාරාම විහාරාධිකාරී රන්පොකුණගම මහා විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති ගුණගලාවේ සිරිනන්ද හිමිපාණන්ගේ මඟපෙන්වීම යටතේ වතුපිටිවල සජිත් ලක්සිරි ජයවර්ධන මහතා සහ ප්‍රියංකා දිල්රුක්ෂි ධනංසූරිය මහත්මිය මේ සඳහා මූල්‍ය දායකත්වය දක්වා තිබේ.

මෙම අවස්ථාවට ප්‍රදේශයේ විහාරාධිපති හා විහාරාධිකාරී හිමිවරු වන කනන්විල සෝරත හිමි, බෝපැත්තේ ධම්මකිත්ති හිමි, අමිතිරිගල පාලිතධම්ම හිමි, අලවල සමිත හිමි, කිරම නාරද හිමි යන මහ සඟරුවන ඇතුළු ස්වාමීන් වහන්සේ, විහාරස්ථ දායක දායිකාවන් විශාල පිරිසක් ද සහභාගි වූහ.

අත්තනගල්ල සමූහ – උපාලි විජිත කුමාර

 

කිරිගරුඬ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ දසනමක් බෙදා දීමේ පුණ්‍ය කර්මයක

කිරිගරුඬ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ දසනමක් අත්තනගල්ල ශාසනාරක්ෂක බලමණ්ඩලය තුළ පිහිටි විහාරස්ථාන 10කට බෙදා දීමේ පුණ්‍ය කර්මයක් ඓතිහාසික අත්තනගල්ල රාජමහා විහාරස්ථානයේ දී ඉකුත් 16 වැනි දා විහාරාධිපති මහෝපාධ්‍යාය ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමිපාණන් වහන්සේ විසින් සිදුකරනු ලැබූහ. අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ බෞද්ධ මධ්‍යස්ථානයක වැඩ සිටින සුසිලා භික්ෂුණීන් වහන්සේ මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ පරිත්‍යාග කිරීම සඳහා මූල්‍ය දායකත්වය ලබා දුන්හ.

 

හග්ගල්ල ශ්‍රී නාගවනාරාම පුරාණ විහාරස්ථානයේ වාර්ෂික කඨින මහා පින්කම

අත්තනගල්ල, හග්ගල්ල ශ්‍රී නාගවනාරාම පුරාණ විහාරස්ථානයේ වාර්ෂික කඨින මහා පින්කම පසු ගිය 18, 19 දෙදින උත්කර්ෂවත් ලෙස පැවැත්විය, ශාස්ත්‍රපති, පණ්ඩිත රත්මලේ සුධම්ම හිමියන්ගේ අනුශාසනා පරිදි, අග්ගමහාපණ්ඩිත ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ පින්කමේ 18 දින සවස 05ට ආශිර්වාද බෝධි පූජා පින්කම අස්ගිරි මහ පිරිවෙන් ආචාර්ය රාජකීය පණ්ඩ්ත සුමන ස්වාමීන් වහන්සේ මෙහෙය වූ අතර එදින ධර්ම දේශනා පින්කම දේශනා කරනු ලැබුවේ ශ්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඕමල්පේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ විසිනි.

 

You may also like

Leave a Comment