දඩගමුව රාජමහා විහාරය

පොසොන් අමාවක

ජුනි 24 අඟහරුවාදා අ.භා. 07.03 අමාවක ලබා 25 බදාදා
අ.භා. 04.06න් ගෙවේ.
25 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුනි 25

First Quarterපුර අටවක

ජුලි 02  

Full Moonපසළොස්වක

ජුලි 10

Second Quarterඅව අටවක

ජුලි 18 

ශ්‍රී ලංකාවේ ප්‍රාග් බෞද්ධ ඇදහිලි හා විශ්වාස

පණ්ඩුකාභය රජ බවට පත්වීමෙන් පසුව තමාට රජකම ලබා ගැනීමට උදව් උපකාර කළ කාලවේල යක්ෂයාට නුවරින් නැඟෙනහිර දිසාවේ දෙවොලක් ද, චිත්ත රාජ යක්ෂයාට දෙවොලක් ද ඉදිකර දුන් බව සඳහන් වේ ක්‍රි.පූ. 03වැනි ශත වර්ෂයේ බුදු දහම ලංකාවට හඳුන්වා දෙන තෙක් සංවිදිත ආගම් නොතිබූ බව පැහැදිලි කරුණකි. ලංකාවේ ප්‍රාග් බෞද්ධ ඇදහිලි හා විශ්වාස පිළිබඳ ව තොරතුරු අපට හමුවන්නේ මහාවංශයේ සඳහන් පණ්ඩුකාභය රාජ්‍ය සමය පිළිබඳ ව ඇති කතාවෙනි. හියුසියැං නම් චීන දේශාටක භික්ෂුව සඳහන් කර ඇත්තේ “පෙර ලක්දිව සිංහලයන් නොදැහැමි ඇදහිලිවලට පුරුදුව සිටි බවයි. ඒ ඇදහිලි අතර, යක්ෂ වන්දනාව, මළවුන් පිදීම, වෘක්ෂ වන්දනාව, බ්‍රාහ්මණ ආගම, ජෛන ආගම හා ලිංග වන්දනාව යනාදිය වැදගත් වේ. පණ්ඩුකාභය රජ බවට පත්වීමෙන් පසුව තමාට රජකම ලබා ගැනීමට උදව් උපකාර කළ කාලවේල යක්ෂයාට නුවරින් නැඟෙනහිර දිසාවේ දෙවොලක් ද, චිත්ත රාජ යක්ෂයාට අභය වැව යටි කොට දෙවොලක් ද ඉදිකර දුන් බව සඳහන් වේ. මීට අමතර ව චේතිය හා මහේජ යන යක්ෂයන්ට ද වාසස්ථාන ඉදිකර දුන් බව මහාවංශයේ සඳහන් වේ. මෙයින් පැහැදිලි වන්නේ ඔවුන්ගේ අභාවයෙන් පසුව ඔවුන්ට කළ සැලකීම වශයෙන් මෙම පූජනීය ස්ථාන පිහිට වූ බවයි. මෙයින් පැහැදිලි වන තවත් කරුණක් නම් යක්ෂ වන්දනාව තුළ මළවුන් පිදීම යන සංකල්පය ද තිබෙන්නට ඇති බවයි. ඉහත කී යක්ෂයන්ට අමතර ව ජුතින්දර නම් යක්ෂයකුට දෙවොලක් ඉදිකර දුන් බව සඳහන් වන අතර, ඔහු වළවා මුඛීගේ ස්වාමියා බවත් සඳහන් වේ. මේ අනුව ප්‍රාග් බෞද්ධ ලංකාවේ යක්ෂ ආගම පැවැති බව පැහැදිලි වේ. ප්‍රාග් බෞද්ධ ලංකාව තුළ ආගමික ඇදහිලි පිළිබඳ ව විමසීමේ දී මෙරට ජනතාව වෘක්ෂ වන්දනාවට යොමුව තිබෙන්නට ඇතැයි විශ්වාස කළ හැකි සාධක මහාවංශයේ සඳහන් වන්නා වූ තොරතුරුවලින් ඉදිරිපත් කළ හැකි ය. එකල සිටි ජනයා වෘක්ෂයන්ට වන්දනා මාන කිරීමේ දී ඒවාට අධිපති දෙවියන් ගැන සලකා හෝ ඒවායින් ලැබෙන්නා වූ ඵල ප්‍රයෝජන සලකා එවැනි වන්දනාමානයන්ට යොමු වන්නට ඇතැයි විශ්වාස කළ හැකි ය.

අනුන් දැවීමේ උත්සාහය තමන් ගිනිගොඩකට වැටීමයි

මේ ජීවිතයට තිබෙන අති මිහිරි දෙයක් තමා කෝප නො වීම, ක්‍රෝධ නො කිරීම, අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළා. “අසවලා මට බැන්නේ ය. ගැහුවේ ය. මා සතු දේ පැහැර ගත්තේ ය කියලා. එයම දිගින් දිගට සිතද්දී ඔහුගේ සිතින් හට ගන්නා තරහා, ක්‍රෝධය, වෛරය සන්සිඳීමට පත් වෙන්නේ නෑ” කියලා. සමහර අවස්ථාවක කෙනෙක් අපේ යහපත වෙනුවෙන් දෙයක් කීවත් අපට හිතෙන්නේ. ‘අනේ බැන්නා’ කියලා. මේ දේවල් නැවත, නැවත මෙනෙහි කරද්දී අපිටත් තේරෙන්නේ නෑ හිතේ වෛරය පිහිටනවා කියලා. බද්ධ වෛරය කියන්නේ, වෛරයට හිත බැඳෙනවා කියන එකයි. බැඳුණට පස්සේ සර්පයා තුඹසේ ඉන්නවා වගේ. හොයන්න බෑ. හැබැයි අවස්ථානුකූල ව මතු වෙනවා. මේවා හඳුනා නොගත්තොත් අපට ජීවත් වෙන්න වෙන්නේ අකුසල් එක්කයි. අකුසලයට කුසලයක් උපද්දවන්න බෑ. සමහරු වෛර බඳිනවා පුංචි දේට. සමහරු වෛර බඳිනවා ලොකු ලොකු දේට. පුංචි වේවා, විශාල වේවා යමක් කෙරෙහි හිතක ඇතිවෙන වෛරය නම් යහපත පිණිස නොපවතින දෙයක් ම යි. බුදුරජාණන් වහන්සේ වදාරනවා ක්‍රෝධයට උපමාවක්. ඒ තමා විස මුල් ඇති, මිහිරි අග ඇති දෙයක් බව. ගහක මුලෙන් තමා ඒ ගහ වැඩීම පිණිස සියලු සාරය උරාගන්නේ. ඒ ගසේ කඳ, කොළ, පොතු, මල්, ගෙඩි සියල්ලට ම ඒ සාරය උපකාරකයි. ඒ වගේ කෙනෙක් තුළ ක්‍රෝධය නමැති විස මුල් ඇදලා නම් එයාගේ ක්‍රියාවේ, වචනයේ, සිතුවිලිවල තියෙන්නේ ක්‍රෝධය, පලිගැනීම නමැති අමිහිරි අග. ඒ කියන්නේ එයා සතුටට පත් වෙන්නේ පලිඅරන්. පලිගන්නේ කොහොමද? එකට එක කිරීමෙන්. සමහර වෙලාවට පුංචි දේටත් මේ හිතේ වෛරය පිහිටනවා.

 

ආගම පිළිබඳ සමාජ විද්‍යාත්මක අර්ථකථනය

මුල් අවධිය වන විට මිනිසා හා ලෝකයේ සියල්ල දෙවියන්ගේ නිර්මාණයක් වන බවත්, දෙවියන්ගේ කැමැත්ත පරිදි සියල්ල සිදුවිය යුතු බවත් විශ්වාස කළහ. නමුත් මෙම ප්‍රබල සංකල්පයට ඩාවින් ඉදිරිපත් කළ පරිණාමවාදය මරු පහරක් විය. ඔහුගේ පරිණාමවාදයට අනුව මිනිසා දෙවියන්ගේ නිර්මාණයක් නොවන බවත්, ජීව විද්‍යාත්මක සාධක පදනම් කර ගනිමින් බිහි වූ නිර්මාණයක් බවත් මිනිසා හඳුනා ගත්හ. සමස්ත සමාජය වෙලා ගත් රූක්ෂ වෘක්ෂයක් මෙන් ආගම අද වන විට මුල්බැස ගෙන ඇත. එය වෙසෙසින් පුද්ගල ජීවිතය පමණක් නොව සමාජීය හා සංස්කෘතික අංශයන් කෙරෙහි ද සුවිශේෂී බලපෑමක් කරයි. ආගම පිළිබඳ ව විද්‍යාත්මක ව විචාරයකට බඳුන් කිරීම ඇරඹුණේ 19 වැනි සියවසෙන් පසුව ය. ඊට මත්තෙන් ඒ පිළිබඳ විචාරය කිරීමට හෝ අදහස් දැක්වීමට හෝ පුද්ගලයා මැලි විය. මෙසේ ආගම පිළිබඳ විචාරයට බඳුන් වූ 19 වැනි සියවස වනාහි ඓතිහාසික ම ය වශයෙන් වැදගත් සියවසකි. මෙම යුගයෙහි සිදුවූ සුවිශේෂී සිදුවීම් දෙකක් නිසා ආගම පිළිබඳ නවමු මුහුණුවරකින් විචාරය කිරීමට මිනිසා පටන් ගත්හ. එම කරුණු දෙක නම්, චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදය සොයා ගැනීම හා කාල් මාක්ස්ගේ සමාජ පරිවර්තනය පිළිබඳ ආකල්පය යි. ඉහත දක්වන ලද හේතු දෙක පදනම් කර ගනිමින් එවකට සමාජය තුළ මුල් බැසගත් ආගමික සංකල්ප ප්‍රශ්න කිරීමට මිනිසා පෙළඹුණහ. තත් සමය වන විට දැඩි ව ගොඩනැඟී තිබූ කතෝලික පල්ලියේ බල අධිකාරිය මේ සමඟ දෙදරා ගියේ ය. අතිශයින් අන්තගාමී ආකල්පයන් සහිත ව සමාජයේ පාලනය කළ කිතුණු දේවස්ථාන හා පූජකයන් සමාජය් පාලනය කිරීම, බදු අය කර ගැනීම, දේශපාලන බල අධිකාරියට අත පෙවීම අනිසි ලෙස සිදු කළහ. මාක්ස්ගේ නැඟීසිටීමත් සමඟ මෙම කෲර පාලනයට මිනිසා විරුද්ධ වූ අතර කිතුනු දහම ද දැඩි විවේචනයට ලක් විය.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 


















 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]