[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

දෙවනපෑතිස් නිරිඳු කරවටක් දියට බැස මහා බෝධි ශාඛාව හිසින් ගත් පුදබිම සංඝමිත්තා විහාරය

දඹකොළ පටුන ප්‍රසිද්ධ බෞද්ධ සිද්ධස්ථානයක් ලෙසිනි. යාපනය දිස්ත්‍රික්කයේ යාපනය නගරයට කි.මී.20ක් දුරින් හා කන්කසන්තුරයට කි.මී. 10ක් දුරින් මෙම පුදබිම පිහිටා තිබේ. යාපනය දිස්ත්‍රික්කයේ උතුරු කෙළවරෙහි පිහිටි දඹකොළ පටුන පිළිබඳ ව මහාවංසයේ සඳහන් ලෙස ක්‍රි.පූ. 250 සිදු වූ මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකා ගමනයෙන් වසරකට පසු ඔහුගේ සොහොයුරිය වන සංඝමිත්තා මහරහත් තෙරණිය ප්‍රමුඛ පිරිස බුද්ධගයාවේ සිට වැඩමවා ගෙන ආ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රැගෙන නැව් මඟින් වැඩම වූයේ මෙම ස්ථානයට බව ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් ය. ජම්බුකෝලපට්ටන යන නාමයෙන් ද ප්‍රකට එම වරායට සංඝමිත්තා තෙරණිය සහ එම භික්ෂුණීන් වහන්සේ නැව් මඟින් පැමිණෙන බව දැනගත් දෙවනපෑතිස් රජු සිය රාජ අමාත්‍ය පිරිස ද සමඟින් මිහිඳු මහ රහතන් වහන්සේ ද, මහා සංඝයා වහන්සේ ද දඹකොළ පටුන පිහිටි එම වරායට පැමිණි බව සඳහන් ය. ඈත මුහුදේ ජය ශ්‍රී මහා බෝධි දක්ෂිණ ශාඛාව රැගෙන පැමිණෙන දුටු දේවානම් පියතිස්ස රජු කරවටක් මුහුදට බැස ජය ශ්‍රී මහා බෝධි ශාඛාව සහිත එම පාත්‍රය හිසින් ගත් බව ද සඳහන් ය. සමස්තයක් ලෙසින් සලකන කල්හි මහා බෝධි ශාඛාව ලංකාවට වැඩම කරවීමේ මෙම ඓතිහාසික සිද්ධිය අප රටේ ලිඛිත ව දක්නට ලැබීම සුවිශේෂ වාර්තාවක් වන්නේ ය. ඒ වගේ ම දීපවංසය, මහාවංසය, සමන්තපාසාදිකා, සිංහල බෝධිවංසය සහ පාලි බෝධිවංසය යන ග්‍රන්ථයන් හි ද බෝධි රෝපණය පිළිබඳ සඳහන් ව ඇත. මෙම සුවිශේෂී අවස්ථාවට ගෞරව දැක්වීම සඳහා සංඝමිත්තා විහාරය ඉදි කළේ ය.


පොසොන් අමාවක

ජුනි 24 අඟහරුවාදා අ.භා. 07.03 අමාවක ලබා 25 බදාදා
අ.භා. 04.06න් ගෙවේ.
25 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුනි 25

First Quarterපුර අටවක

ජුලි 02  

Full Moonපසළොස්වක

ජුලි 10

Second Quarterඅව අටවක

ජුලි 18 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]