ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ පොසොන් අමාවක පෝදා 2025 ජුනි 25 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
පණ්ඩුකාභය රජ බවට පත්වීමෙන් පසුව තමාට රජකම ලබා ගැනීමට උදව් උපකාර කළ කාලවේල යක්ෂයාට නුවරින් නැඟෙනහිර දිසාවේ දෙවොලක් ද, චිත්ත රාජ යක්ෂයාට දෙවොලක් ද ඉදිකර දුන් බව සඳහන් වේ ක්‍රි.පූ. 03වැනි ශත වර්ෂයේ බුදු දහම ලංකාවට හඳුන්වා දෙන තෙක් සංවිදිත ආගම් නොතිබූ බව පැහැදිලි කරුණකි. ලංකාවේ ප්‍රාග් බෞද්ධ ඇදහිලි හා විශ්වාස පිළිබඳ ව තොරතුරු අපට හමුවන්නේ මහාවංශයේ සඳහන් පණ්ඩුකාභය රාජ්‍ය සමය පිළිබඳ ව ඇති කතාවෙනි. හියුසියැං නම් චීන දේශාටක භික්ෂුව සඳහන් කර ඇත්තේ “පෙර ලක්දිව සිංහලයන් නොදැහැමි ඇදහිලිවලට පුරුදුව සිටි බවයි. ඒ ඇදහිලි අතර, යක්ෂ වන්දනාව, මළවුන් පිදීම, වෘක්ෂ වන්දනාව, බ්‍රාහ්මණ ආගම, ජෛන ආගම හා ලිංග වන්දනාව යනාදිය වැදගත් වේ. පණ්ඩුකාභය රජ බවට පත්වීමෙන් පසුව තමාට රජකම ලබා ගැනීමට උදව් උපකාර කළ කාලවේල යක්ෂයාට නුවරින් නැඟෙනහිර දිසාවේ දෙවොලක් ද, චිත්ත රාජ යක්ෂයාට අභය වැව යටි කොට දෙවොලක් ද ඉදිකර දුන් බව සඳහන් වේ. මීට අමතර ව චේතිය හා මහේජ යන යක්ෂයන්ට ද වාසස්ථාන ඉදිකර දුන් බව මහාවංශයේ සඳහන් වේ. මෙයින් පැහැදිලි වන්නේ ඔවුන්ගේ අභාවයෙන් පසුව ඔවුන්ට කළ සැලකීම වශයෙන් මෙම පූජනීය ස්ථාන පිහිට වූ බවයි. මෙයින් පැහැදිලි වන තවත් කරුණක් නම් යක්ෂ වන්දනාව තුළ මළවුන් පිදීම යන සංකල්පය ද තිබෙන්නට ඇති බවයි. ඉහත කී යක්ෂයන්ට අමතර ව ජුතින්දර නම් යක්ෂයකුට දෙවොලක් ඉදිකර දුන් බව සඳහන් වන අතර, ඔහු වළවා මුඛීගේ ස්වාමියා බවත් සඳහන් වේ. මේ අනුව ප්‍රාග් බෞද්ධ ලංකාවේ යක්ෂ ආගම පැවැති බව පැහැදිලි වේ. ප්‍රාග් බෞද්ධ ලංකාව තුළ ආගමික ඇදහිලි පිළිබඳ ව විමසීමේ දී මෙරට ජනතාව වෘක්ෂ වන්දනාවට යොමුව තිබෙන්නට ඇතැයි විශ්වාස කළ හැකි සාධක මහාවංශයේ සඳහන් වන්නා වූ තොරතුරුවලින් ඉදිරිපත් කළ හැකි ය. එකල සිටි ජනයා වෘක්ෂයන්ට වන්දනා මාන කිරීමේ දී ඒවාට අධිපති දෙවියන් ගැන සලකා හෝ ඒවායින් ලැබෙන්නා වූ ඵල ප්‍රයෝජන සලකා එවැනි වන්දනාමානයන්ට යොමු වන්නට ඇතැයි විශ්වාස කළ හැකි ය. පණ්ඩුකාභය රජතුමා විසින් වෛශ්‍රවණ හා ව්‍යාධ දේව යන දෙවියන්ට වෘක්ෂයන් වෙන් කර දුන් බව වංශකතා තුළ සඳහන් වේ. එහිදී වෛශ්‍රවණ නම් පුද්ගලයාට නුග ගසකුත්, ව්‍යාධ දේවට තල් ගසකුත් වෙන් කොට දී තිබේ. ව්‍යාධ දේව යනු අසනීපවලට අධිපති දෙවියා ලෙස ගයිගර් පඬිවරයා ප්‍රකාශ කරන අතර මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පෙන්වා දෙන්නේ ඔහු දඩයමට අධිපති දෙවියා ලෙසටයි.
ජුනි 24 අඟහරුවාදා අ.භා. 07.03 අමාවක ලබා 25 බදාදා අ.භා. 04.06න් ගෙවේ. 25 බදාදා සිල්
අමාවක
ජුනි 25
පුර අටවක
ජුලි 02
පසළොස්වක
ජුලි 10
අව අටවක
ජුලි 18
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]