ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ පොසොන් අමාවක පෝදා 2025 ජුනි 25 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
මේ ජීවිතයට තිබෙන අති මිහිරි දෙයක් තමා කෝප නො වීම, ක්‍රෝධ නො කිරීම, අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළා. “අසවලා මට බැන්නේ ය. ගැහුවේ ය. මා සතු දේ පැහැර ගත්තේ ය කියලා. එයම දිගින් දිගට සිතද්දී ඔහුගේ සිතින් හට ගන්නා තරහා, ක්‍රෝධය, වෛරය සන්සිඳීමට පත් වෙන්නේ නෑ” කියලා. සමහර අවස්ථාවක කෙනෙක් අපේ යහපත වෙනුවෙන් දෙයක් කීවත් අපට හිතෙන්නේ. ‘අනේ බැන්නා’ කියලා. මේ දේවල් නැවත, නැවත මෙනෙහි කරද්දී අපිටත් තේරෙන්නේ නෑ හිතේ වෛරය පිහිටනවා කියලා. බද්ධ වෛරය කියන්නේ, වෛරයට හිත බැඳෙනවා කියන එකයි. බැඳුණට පස්සේ සර්පයා තුඹසේ ඉන්නවා වගේ. හොයන්න බෑ. හැබැයි අවස්ථානුකූල ව මතු වෙනවා. මේවා හඳුනා නොගත්තොත් අපට ජීවත් වෙන්න වෙන්නේ අකුසල් එක්කයි. අකුසලයට කුසලයක් උපද්දවන්න බෑ. සමහරු වෛර බඳිනවා පුංචි දේට. සමහරු වෛර බඳිනවා ලොකු ලොකු දේට. පුංචි වේවා, විශාල වේවා යමක් කෙරෙහි හිතක ඇතිවෙන වෛරය නම් යහපත පිණිස නොපවතින දෙයක් ම යි. බුදුරජාණන් වහන්සේ වදාරනවා ක්‍රෝධයට උපමාවක්. ඒ තමා විස මුල් ඇති, මිහිරි අග ඇති දෙයක් බව. ගහක මුලෙන් තමා ඒ ගහ වැඩීම පිණිස සියලු සාරය උරාගන්නේ. ඒ ගසේ කඳ, කොළ, පොතු, මල්, ගෙඩි සියල්ලට ම ඒ සාරය උපකාරකයි. ඒ වගේ කෙනෙක් තුළ ක්‍රෝධය නමැති විස මුල් ඇදලා නම් එයාගේ ක්‍රියාවේ, වචනයේ, සිතුවිලිවල තියෙන්නේ ක්‍රෝධය, පලිගැනීම නමැති අමිහිරි අග. ඒ කියන්නේ එයා සතුටට පත් වෙන්නේ පලිඅරන්. පලිගන්නේ කොහොමද? එකට එක කිරීමෙන්. සමහර වෙලාවට පුංචි දේටත් මේ හිතේ වෛරය පිහිටනවා. කවුරුහරි අපිට සැර වචනයක් කියනවා. මෙන්න කතා නොකර ඉන්නවා. ගස්සගෙන යනවා. රවනවා. මූණ පුම්බ ගන්නවා. කතා කරද්දී ඇහෙන්නේ නෑ වගේ යනවා. මේ විදියට ප්‍රතිප්‍රහාර දීලා සතුටට පත්වෙනවා. සමහර වෙලාවට මීට වඩා භයානක විදියට වෛරය පිහිටුවා ගන්නවා. මේ හිතක හටගන්න වෛරය ගොඩාක් දුර යන එකක්. සසර පුරුද්දක් විදියට භවයක් භවයක් ගානේ පස්සෙන් එනවා.
ජුනි 24 අඟහරුවාදා අ.භා. 07.03 අමාවක ලබා 25 බදාදා අ.භා. 04.06න් ගෙවේ. 25 බදාදා සිල්
අමාවක
ජුනි 25
පුර අටවක
ජුලි 02
පසළොස්වක
ජුලි 10
අව අටවක
ජුලි 18
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]