ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ බක් පුර අටවක පෝදා 2025 අප්‍රේල් 05 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
දෙවිනුවර රාජමහා විහාරයේ සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ ඡායාරූපය - නිශ්ශංක විජේරත්න
අප්‍රේල් 04 සිකුරාදා අ.භා. 08.20 පුර අටවක ලබා 05 සෙනසුරාදා අ.භා 07.34න් ගෙවේ. 05 සෙනසුරාදා සිල්
පුර අටවක
අප්‍රේල් 05
පසළොස්වක
අප්‍රේල් 12
අව අටවක
අප්‍රේල් 21
අමාවක
අප්‍රේල් 27
ගෙවාගෙන ආ සසර ගමන බොහෝ දිගු ය. මේ සසර ගමනින් බේරීමට නම් සිත පිරිසුදු කළ යුතු ම ය. පිරිසුදු නොකළ සිත තුළ මහා අනර්ථකාරී වූ සසර ගමන ම සකස් වේ. එය බුදුරජාණන් වහන්සේ මෙසේ පෙන්වා වදාළ සේක. “පින්වත් මහණෙනි, යම් විදිහකින් සමථ විදර්ශනා වශයෙන් දමනය නොකළ විට, වරදින් නොවැළැක්වූ විට, නොරැක ගත් විට, සංවර නොකළවිට, මහා අනර්ථයක් පිණිස හේතුවන විදිහේ යම් දෙයක් ඇත්නම්, පින්වත් මහණෙනි, ඒ මේ සිත තරම් වෙන එකම දෙයක්වත් මා දකින්නේ නෑ.” මෙසේ මහා භයානක අනතුරක රැඳී මිනිස් වග මෙය නොතකා ම සසර ගමනේ යති. මේ සිත සංවර නොවීම පිණිසත්, දමනය නොවීම පිණිසත් පවතින කරුණුවලින් සිත මුදවා ගැනීමෙන් පිළිසරණ සදා ගත හැකි ය. “පින්වත් මහණෙනි, ධ්‍යාන භාවනාවේ යෙදී වාසය කරන භික්ෂුව විසින් කලින් කල නිමිති තුනක් සිහිපත් කළ යුතු යි. කලින් කල සමාධි නිමිත්ත සිහිපත් කළ යුතුයි. කලින් කල වීරිය උපදවන කරුණු සිහිපත් කළ යුතුයි. කලින් කල උපේක්ෂාව ඇතිවන කරුණු සිහිපත් කළ යුතුයි. පින්වත් මහණෙනි, ධ්‍යාන භාවනාවේ යෙදී වාසය කරන භික්ෂුව විසින් ඒකාන්තයෙන් සමාධි නිමිත්ත පමණක් සිහි කරමින් සිටියහොත් ඒ සිත කුසීත බවට වැටීමට ඉඩ තිබෙනවා. පින්වත් මහණෙනි, ධ්‍යාන භාවනාවේ යෙදී වාසය කරන භික්ෂුව විසින් ඒකාන්තයෙන් වීරිය ඇතිවෙන නිමිත්ත පමණක් සිහිකරමින් සිටියහොත් ඒ සිත විසිරීමට වැටෙන්නේ ය යන කරුණට ඉඩ තිබෙනවා. පින්වත් මහණෙනි, යම් කලෙක ධ්‍යාන භාවනාවේ යෙදී වාසය කරන භික්ෂුව කලින් කල සමාධි නිමිත්ත සිහි කරනවා නම්, කලින් කල වීරිය ඇතිවෙන නිමිත්ත සිහි කරනවා නම්, කලින් කල උපේක්ෂා නිමිත්ත සිහි කරනවා නම්, ඒ සිත මෘදුත් වෙනවා. කර්මණ්‍යත් වෙනවා. ප්‍රභාෂ්වරත් වෙනවා. බිඳී යන ස්වභාවයත් නැති වෙනවා. ආශ්‍රවයන් ක්ෂය වීම පිණිස හොඳින් සමාධිමත් වෙනවා.” එසෙ නම් මේ සිත නිතර නිතර බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, මෛත්‍රී භාවනාව ආදී භාවනා අරමුණක් තුළ සමාධි නිමිත්තක් තුළ රැඳවිය යුතු ය.
සසර යනු සත්ත්වයා ජාති, ජරා, මරණ ආදී දුක් වේදනාවන් විඳීමින් යන දිගු ගමනකි. තමාගේ සසර ගමනේ ආරම්භය සම්මා සම්බුදු රජාණන් වහන්සේ හැර, කිසිවකු නො දනියි. මේ ගමනේ දී සත්ත්වයා විසින් සෑම ක්ෂණයක ම කර්ම රැස් කර ගනු ලබන්නේ ය. ඒ කර්මවලට, මේ භවයේ දී පමණක් නොව පිරිනිවන් පෑම දක්වා ම විපාක දීම වැළැක්විය නොහැක. සම්මුති මරණයෙන් කය විනාශ වූ පසු තමන් කළ කර්මවල විපාක ලැබෙන්නේ කාටද යන්න අවබෝධයෙන් ම දැනගත යුතු වේ. එසේ නොමැති නම් විවිධ දෘෂ්ඨීන් ගැනීම නිසා සසර ගමන තවදුරටත් දිගු වනු ඇත. වර්තමාන භවයේ විඤ්ඤාණය ඉපිද ඉපිද බිඳී බිඳී යන්නේ ය. ප්‍රතිසන්ධි විඤ්ඤාණය ද ඉපිද බිඳී යනු ඇත. මේ අයුරින් ම, ඊළඟ භවයේ විඤ්ඤාණය ද ඉපිද, ඉපිද, බිඳී, බිඳී යන අයුරු බුදුරජාණන් වහන්සේ දේශනා කළ හේතුඵල දහමෙහි පැහැදිලි කොට ඇත. විඤ්ඤාණය ඉපිද ඉපිද, බිඳී බිඳී සන්තතියක් ලෙස ගමන් කරන ආකාරයත්, විපාක දීම සඳහා ඇතිවුණු කයෙහි සම්මුති මරණයත් සමඟ ම වෙනත් කයක් හටගෙන ඒ කය හරහා කර්ම ශක්තිය විපාක දෙන ආකාරයත් පිළිබඳ මේ ලිපියෙන් පැහැදිලි කෙරේ. මෙය අවබෝධ කර ගැනීම සඳහා මුලින් ම නාම රූප යනු මොනවාදැයි දැන ගැනීම අවශ්‍ය වේ. බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාද ධර්මයන් විස්තර කරන විටත් නාම රූප යන්න පැහැදිලි කොට ඇත. සතර මහා භූත සහ සතර මහා භූත නිසා යම්කිසි උපාදාය රූපයක් ඇතිවුණා නම් ඒ සියල්ල “රූපය” යනුවෙන් හැඳීන්වෙයි. ඵස්ස,වේදනා, සංඥා, චේතනා, මනසිකාර කියන කොටස් “නාම” වශයෙන් හඳුන්වනු ලැබේ. නාමය සහ රූපය කියන කොටස් දෙකෙහි එකතුව “නාමරූප” වශයෙන් හැඳීන්වේ. නාමය සහ රූපය, නාම රූප දෙකක් ඇති සත්ත්ව ලෝකවල පවතී. නාමය, රූපයේ පැවැත්ම සඳහාත්, රූපය, නාමයේ පැවැත්ම සඳහාත් අන්‍යොන්‍ය වශයෙන් එකිනෙකට උපකාර වේ.
අතීතයේ දඹදිව ‘මණ්ඩල‘ නම් නුවර වාසය කළ පුරුෂයෙක් දේශ සංචාරයේ සතුටු ව ගමින් ගමට, නගරයෙන් නගරයට, ජනපදයෙන් ජනපදයට, රාජධානියෙන් රාජධානියට ගමන් කරමින් විනෝද ජීවිතයක් ගත කළා. මේ යන ගමනේ දී දවසක් ‘චන්ද්‍රභාගා‘ කියන විශාල ගංගාවක් ළඟට පැමිණ එගොඩට යන්න ගංගාවේ එතෙර මෙතෙර යන නැවක් එනකම් බලන් හිටියා. ටික වේලාවකින් එගොඩට යන්න පුද්ගලයන් ටික ටික වැඩිවුණා. මේ පිරිස අතර දරු ගැබක් දරා ගත්ත අම්මා කෙනෙක් ද සිටියා. හැම දෙනා ම මුදල් ගෙවා ගඟෙන් එතෙර වුණා. ගංගාව මැදට යනකොට දරුවකු කුස දරාගෙන හිටිය අම්මාට දරුවා ලැබෙන්න ආසන්න වුණා. ඇයට දැන් බොහොම අමාරුයි. ඇය බිම වැතිරුණා. වේදනාවෙන් කෑගහන්න පටන් ගත්තා. විලි පහරන වේදනාව ඉවසා ගන්න බැරිව ශරීරයෙන් දහදිය ගලන්න පටන් ගත්තා. මේ අතරේ ම ඇය වේගයෙන් කෑ ගසමින් ‘අනේ මට කවුරුහරි වතුර ටිකක් දෙන්න‘ කියා ඉල්ලා සිටියා. ටික වේලාවකින් ඇය සිහිමූර්ජා වුණා. ඒත් හිටිය කවුරුවත් වතුර ටිකක්වත් දෙන්න ඉදිරිපත් වුණේ නෑ. චෝදනාවක් එල්ලවෙයි කියලා හිටිය පිරිස බොහොම බියට පත්වෙලා හිටියා. අර සංචාරයේ යමින් හිටිය පුද්ගලයාට ඇගේ කෑ ගැසීම ඇසී එතැනට පැමිණ සිදුවී තිබෙන සියල්ල අවබෝධ කර ගත්තා. හැමෝම හිතුවේ ඇය මියගිහින් කියලා. ඒත් ඇය කෙරෙහි උපන් කරුණාවෙන් මුහුණට ජලය ඉස ටික ටික වතුර පොවා ඇයගේ සිහිය ලබා ගත්තා. දරු උපතට අවශ්‍ය කටයුතු සම්පාදනය කළා. ඇයට පුතෙක් උපන්නා. දරුවාත් වඩාගෙන නැවෙන් බහින්නත් උදව් කළා. ඇයගේ ගමට යන්න අවශ්‍ය කටයුතුත් සම්පාදනය කර දුන්නා. ඇය තමන්ගේ දරුවා සමඟ ගමට පිටත්ව ගියා. සංචාරයේ යෙදුණු මේ කාරුණික පුද්ගලයා ජනපදයෙන් ජනපදය ඇවිද ගියා. ඉන් බොහෝ කලකට පස්සේ සංචාරයේ යෙදෙමින් අර ස්ත්‍රිය සිටින දනව්වට කිසියම් කටයුත්තකට පැමිණියා. ඒ වේලාව බොහෝම හවස් වෙලා. අඳුරන කිසිම කෙනෙක් නෑ. නවාතැන් ගන්න තැනක් කතා කර ගන්නවත් කෙනෙක් නැති තරම් ම රෑ බෝ වුණා.
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීමේ රාජ්‍ය මහෝත්සවයෙන්
උඩරට අමරපුර සාමග්‍රී සංඝ සභාවේ නායක පදවි ප්රදානෝත්සවය
ඉතිරිය»
අනෝමදස්සි බුදුරදුන් කල සරද මානවක ව කළ ප්‍රාර්ථනාවේ මහිමය
නිවීමේ සතුටට වදාළ උදාන
මිගලුද්දක ප්‍රේත වස්තුව: කළොත් යම් පාපයක් නොවේ කිසි කලෙක සැපයක්
සත්තිස් බෝධි පාක්ෂික ධර්ම
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ
සිතිවිලි පාලනය දැහැමි පවුලක පදනමයි
පිරිසුදු
මව් සෙනෙහස...
නිසි පියවර
ඓතිහාසික උරුමයක අභිමානනීය සලකුණ අනුරාධපුර දළදා මාලිගය
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]