[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

උපකාරයට ලොකු පොඩිකම්

අතීතයේ දඹදිව ‘මණ්ඩල‘ නම් නුවර වාසය කළ පුරුෂයෙක් දේශ සංචාරයේ සතුටු ව ගමින් ගමට, නගරයෙන් නගරයට, ජනපදයෙන් ජනපදයට, රාජධානියෙන් රාජධානියට ගමන් කරමින් විනෝද ජීවිතයක් ගත කළා. මේ යන ගමනේ දී දවසක් ‘චන්ද්‍රභාගා‘ කියන විශාල ගංගාවක් ළඟට පැමිණ එගොඩට යන්න ගංගාවේ එතෙර මෙතෙර යන නැවක් එනකම් බලන් හිටියා. ටික වේලාවකින් එගොඩට යන්න පුද්ගලයන් ටික ටික වැඩිවුණා. මේ පිරිස අතර දරු ගැබක් දරා ගත්ත අම්මා කෙනෙක් ද සිටියා. හැම දෙනා ම මුදල් ගෙවා ගඟෙන් එතෙර වුණා. ගංගාව මැදට යනකොට දරුවකු කුස දරාගෙන හිටිය අම්මාට දරුවා ලැබෙන්න ආසන්න වුණා. ඇයට දැන් බොහොම අමාරුයි. ඇය බිම වැතිරුණා. වේදනාවෙන් කෑගහන්න පටන් ගත්තා. විලි පහරන වේදනාව ඉවසා ගන්න බැරිව ශරීරයෙන් දහදිය ගලන්න පටන් ගත්තා. මේ අතරේ ම ඇය වේගයෙන් කෑ ගසමින් ‘අනේ මට කවුරුහරි වතුර ටිකක් දෙන්න‘ කියා ඉල්ලා සිටියා. ටික වේලාවකින් ඇය සිහිමූර්ජා වුණා. ඒත් හිටිය කවුරුවත් වතුර ටිකක්වත් දෙන්න ඉදිරිපත් වුණේ නෑ. චෝදනාවක් එල්ලවෙයි කියලා හිටිය පිරිස බොහොම බියට පත්වෙලා හිටියා. අර සංචාරයේ යමින් හිටිය පුද්ගලයාට ඇගේ කෑ ගැසීම ඇසී එතැනට පැමිණ සිදුවී තිබෙන සියල්ල අවබෝධ කර ගත්තා. හැමෝම හිතුවේ ඇය මියගිහින් කියලා. ඒත් ඇය කෙරෙහි උපන් කරුණාවෙන් මුහුණට ජලය ඉස ටික ටික වතුර පොවා ඇයගේ සිහිය ලබා ගත්තා. දරු උපතට අවශ්‍ය කටයුතු සම්පාදනය කළා. ඇයට පුතෙක් උපන්නා. දරුවාත් වඩාගෙන නැවෙන් බහින්නත් උදව් කළා. ඇයගේ ගමට යන්න අවශ්‍ය කටයුතුත් සම්පාදනය කර දුන්නා. ඇය තමන්ගේ දරුවා සමඟ ගමට පිටත්ව ගියා. සංචාරයේ යෙදුණු මේ කාරුණික පුද්ගලයා ජනපදයෙන් ජනපදය ඇවිද ගියා. ඉන් බොහෝ කලකට පස්සේ සංචාරයේ යෙදෙමින් අර ස්ත්‍රිය සිටින දනව්වට කිසියම් කටයුත්තකට පැමිණියා. ඒ වේලාව බොහෝම හවස් වෙලා. අඳුරන කිසිම කෙනෙක් නෑ. නවාතැන් ගන්න තැනක් කතා කර ගන්නවත් කෙනෙක් නැති තරම් ම රෑ බෝ වුණා.


බක් පුර අටවක

 අප්‍රේල් 04 සිකුරාදා අ.භා. 08.20 පුර අටවක ලබා 05 සෙනසුරාදා අ.භා 07.34න් ගෙවේ.
05 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 05

Full Moonපසළොස්වක

අප්‍රේල් 12

Second Quarterඅව අටවක

අප්‍රේල් 21

Full Moonඅමාවක

අප්‍රේල් 27


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]