[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

ඓතිහාසික උරුමයක අභිමානනීය සලකුණ අනුරාධපුර දළදා මාලිගය

දළදා වහන්සේ වැඩ සිටි මන්දිරය දාඨා ධාතුඝරය, දළදා ගේ, දළදා මන්දිරය, දළදා මාලිගය ලෙස ද හඳුන්වයි. කලින් කල පැමිණි විවිධ සතුරු උවදුරුවලින් දළදා වහන්සේ ආරක්ෂා කිරීම උදෙසා විවිධ ස්ථානයන්ට රැගෙන ගිය බව ඓතිහාසික සාධකයන්ගෙන් තහවුරු වේ. මහා පරිනිබ්බාන සූත්‍රයට අටුවා සපයන ලක්දිව සිංහල භික්ෂූන් වහන්සේ බුද්ධ ශරීරය ආදාහනය කිරීමෙන් පසු ඉතිරි වූ සතර දළදාවන් යැයි විවරණය කරයි. මෙම සතර දළදා වහන්සේගෙන් එක් දළදාවක් කලිඟුරට බ්‍රහ්මදත්ත රජුට බුද්ධෝපස්ථානය පිණිස ලැබූවකි. කාලිංග දේශය පාණ්ඩ්‍යයන්ගේ ආක්‍රමණයත් සමඟ දළදා වහන්සේගේ ආරක්ෂාව පතා සිය දියණිය හේමමාලාවන් සහ ඇයගේ ස්වාමියා වූ, දන්ත කුමරු, තම ලේ ඥාති බෑණනුවන්, වෙත දළදා වහන්සේ භාරකරමින්, ලක්දිව සිංහල රජුට භාරදෙන ලෙස පවසමින් ඉන්දියාවෙන් පිටත් කළහ. ක්‍රි.ව. 301 -328 කාලය තුළ දී කිත්සිරිමෙවන් රජුගේ රාජ්‍ය සමයේ දී ශ්‍රී ලංකාවට වැඩමවන ලද දළදා වහන්සේ මැණික් කරඬුවක තැන්පත් කොට ප්‍රථමයෙන් ම තැන්පත් කරන ලද්දේ දෙවනපෑතිස් රජතුමා විසින් ඉදි කරන ලද “ධම්මචක්ක” ගේහය නම් ගෘහයේ ය. එතැන් පටන් එම ගෘහය දාඨ ධාතුඝර නමින් හඳුන්වන්නට විය.

බක් පුර අටවක

 අප්‍රේල් 04 සිකුරාදා අ.භා. 08.20 පුර අටවක ලබා 05 සෙනසුරාදා අ.භා 07.34න් ගෙවේ.
05 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 05

Full Moonපසළොස්වක

අප්‍රේල් 12

Second Quarterඅව අටවක

අප්‍රේල් 21

Full Moonඅමාවක

අප්‍රේල් 27


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]