[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

නිවන් පුර දොරටුව සංවර කර ගත් සිතයි

ගෙවාගෙන ආ සසර ගමන බොහෝ දිගු ය. මේ සසර ගමනින් බේරීමට නම් සිත පිරිසුදු කළ යුතු ම ය. පිරිසුදු නොකළ සිත තුළ මහා අනර්ථකාරී වූ සසර ගමන ම සකස් වේ. එය බුදුරජාණන් වහන්සේ මෙසේ පෙන්වා වදාළ සේක. “පින්වත් මහණෙනි, යම් විදිහකින් සමථ විදර්ශනා වශයෙන් දමනය නොකළ විට, වරදින් නොවැළැක්වූ විට, නොරැක ගත් විට, සංවර නොකළවිට, මහා අනර්ථයක් පිණිස හේතුවන විදිහේ යම් දෙයක් ඇත්නම්, පින්වත් මහණෙනි, ඒ මේ සිත තරම් වෙන එකම දෙයක්වත් මා දකින්නේ නෑ.” මෙසේ මහා භයානක අනතුරක රැඳී මිනිස් වග මෙය නොතකා ම සසර ගමනේ යති. මේ සිත සංවර නොවීම පිණිසත්, දමනය නොවීම පිණිසත් පවතින කරුණුවලින් සිත මුදවා ගැනීමෙන් පිළිසරණ සදා ගත හැකි ය. “පින්වත් මහණෙනි, ධ්‍යාන භාවනාවේ යෙදී වාසය කරන භික්ෂුව විසින් කලින් කල නිමිති තුනක් සිහිපත් කළ යුතු යි. කලින් කල සමාධි නිමිත්ත සිහිපත් කළ යුතුයි. කලින් කල වීරිය උපදවන කරුණු සිහිපත් කළ යුතුයි. කලින් කල උපේක්ෂාව ඇතිවන කරුණු සිහිපත් කළ යුතුයි. පින්වත් මහණෙනි, ධ්‍යාන භාවනාවේ යෙදී වාසය කරන භික්ෂුව විසින් ඒකාන්තයෙන් සමාධි නිමිත්ත පමණක් සිහි කරමින් සිටියහොත් ඒ සිත කුසීත බවට වැටීමට ඉඩ තිබෙනවා. පින්වත් මහණෙනි, ධ්‍යාන භාවනාවේ යෙදී වාසය කරන භික්ෂුව විසින් ඒකාන්තයෙන් වීරිය ඇතිවෙන නිමිත්ත පමණක් සිහිකරමින් සිටියහොත් ඒ සිත විසිරීමට වැටෙන්නේ ය යන කරුණට ඉඩ තිබෙනවා. පින්වත් මහණෙනි, යම් කලෙක ධ්‍යාන භාවනාවේ යෙදී වාසය කරන භික්ෂුව කලින් කල සමාධි නිමිත්ත සිහි කරනවා නම්, කලින් කල වීරිය ඇතිවෙන නිමිත්ත සිහි කරනවා නම්, කලින් කල උපේක්ෂා නිමිත්ත සිහි කරනවා නම්, ඒ සිත මෘදුත් වෙනවා. කර්මණ්‍යත් වෙනවා. ප්‍රභාෂ්වරත් වෙනවා. බිඳී යන ස්වභාවයත් නැති වෙනවා. ආශ්‍රවයන් ක්ෂය වීම පිණිස හොඳින් සමාධිමත් වෙනවා.” එසෙ නම් මේ සිත නිතර නිතර බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, මෛත්‍රී භාවනාව ආදී භාවනා අරමුණක් තුළ සමාධි නිමිත්තක් තුළ රැඳවිය යුතු ය.


බක් පුර අටවක

 අප්‍රේල් 04 සිකුරාදා අ.භා. 08.20 පුර අටවක ලබා 05 සෙනසුරාදා අ.භා 07.34න් ගෙවේ.
05 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 05

Full Moonපසළොස්වක

අප්‍රේල් 12

Second Quarterඅව අටවක

අප්‍රේල් 21

Full Moonඅමාවක

අප්‍රේල් 27


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]