[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

දානය නිධානයක් වන හැටි

අතීතයේ අනුරාධපුර රාජ්‍ය කර වූ රජ කෙනකුට සහාය වෙමින් අමාත්‍ය ධුරයක් දැරූ ‘දේව“ කියන අමාත්‍යවරයෙක් සේවකයන් පිරිවරා ගෙන මහත් තේජසකින් ‘මල්වැස්සා’ කියන ගමේ ජීවත් වුණා. දවසක් රාජ සභාවට ගොස් එන අතරේ, අනුරාධපුර නගරයට බටහිර දිශාවේ තමා බාරයේ තියෙන ගම්වල ඇවිදලා මිනිසුන්ගේ අඩුපාඩු හොයලා බලලා, දහවල් වන කොට ගෙදරට ගොඩවුණා. ගමන් වෙහෙසත්, දැඩි අව් රශ්මියත් නිසා අමාත්‍යවරයාට දැන් බොහොම බඩගිනියි. නිවෙසට ආ විගස කෑම මේසයට ගොස් කෑම බෙදාගෙන නිවෙසේ ඉදිරිපිට පුටුවක ඉදගෙන නිදහසේ කෑම කන්න පටන් ගත්තා. ආහාර සුවඳ දසත පැතිරී ගියා. ලොකු බඩගින්නකින් පෙළුණු බල්ලෙක් වෙවුල වෙවුලා එතැනට දුවගෙන එන්න පටන් ගත්තා. ඒ වෙලාවේ ඇමැතිවරයාගේ සේවකයෙක් ඌ එනවා දැකලා, මුගුරක් අරගෙන ඌට පහර දෙන්න ඉදිරියට ගියා. ‘දේව“ ඇමැතියා ඒක දැකලා ‘ඒයි පුරුෂය, ඔය බල්ලට ගහන්න එපා. පේන්නේ නැද්ද ඌ ලොකු බඩගින්නකින් ඉන්නවා කියලා. ඇවිද ගන්නවත් බැරි තරම් කුසගින්නෙන් වෙව්ලනවා.‘යි කිව්වා. බල්ලාට පහරදීම වළැක්වුවා. තමාගේ බත්පතින් ඒ සතාට කන්න පුළුවන් ආහාර අනලා මහත් බත් පිඬක් කන්නට දුන්නා. බල්ලාත්, මහත් ආශාවෙන් ඉක්මනින් ම බත් ටික කාලා වලිගය ගසන්න පටන් ගත්තා. ඒ බත් පිඬ නිසා ම ඇමැතිවරයාට පක්ෂපාතී බවක් දැක්වූවා. ඒ දිහා බලා හිටිය ‘දේව“ ඇමැතිට පුදුම සතුටක් හිතේ උපන්නා. අමාත්‍ය ධුරයත්, මහත් ඉසුරු නිසා උපන් මාන්නයක් සහිත ව ජීවත්වෙලා ආයුෂ කෙළවර මිය ගියා. ඇමැතිවරයාට මුළු ජීවිත කාලයට ම කර ගන්න පුළුවන් වුණේ මේ පින්කම විතරයි. ඔහු මිය ගිහින් ඒ ගමේ ම එක් අඹුසැමි යුවළකට දාව ඉපදුණා. ක්‍රමයෙන් වැඩිවියට පත් වෙලා ආවාහයක් ද කර ගත්තා. රැකියා කරමින් දරුවන් ද පෝෂණය කළා. එම ආත්ම භාවයෙත් ආයුෂ ක්‍රමයෙන් ඉවර වෙමින් තිබුණා. දරුවන් ආවාහ විවාහ කර දීලා ඒ ගමේ තිබුණු ‘මල්වැස්සා“ විහාරයට ගිහින් භික්ෂූන් වෙතින් ‘අභය තෙරුන්“ නමින් පැවිද්ද ලබා ගෙන සැඳෑ සමය ගත කරන්න පටන් ගත්තා.


මැදින් අව අටවක

 මාර්තු 22 සෙනසුරාදා පූ.භා 04.25 අව අටවක ලබා 23 ඉරිදා
පූ.භා 05.25න් ගෙවේ.
22 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 22

Full Moonඅමාවක

මාර්තු 29

First Quarterපුර අටවක

අප්‍රේල් 05

Full Moonපසළොස්වක

අප්‍රේල් 12


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]