[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අමරපුර පුර හඳ

අමරපුර පුර හඳ

පුරහඳ සේ දිලෙන නුඹ කුස අමරපුර
නායක පදවියෙන් පුද ලැබ උතුරුතර
ගුණ නැණ සීල රැස් දහරින් එළිය කර
මෙත් හිමි වඩිති සඟ තරු මල් පුබුදු කර

ජන්මය ලද රුහුණෙ කරගොඩ උයන්ගොඩ
පැවිදි ව සබරගමු මිණිපුර බලංගොඩ
රැක ගෙන දහම යෙදෙමින් ලෝ සසුන් වැඩ
මහනා සමිඳු වැඩි මඟ කොපමණ ද හැඩ

බෝ සත් අනඳ මෙත් නා සමිඳු පරපුරේ
මූලස්ථානයෙහි වැජඹෙන රුවන්පුරේ
බෝ පත් සැලී ජයසිරිමහ රුවන්තුරේ
වේ සෙත්! මහා නා සමිඳුට නිරන්තරේ

පුන්කලසක් ය පිරි නැණ - ගුණයෙන් පැසුන
මෙත් ගඟුලක් ය සදහම් සිසිලස ගලන
සිත අරණක් ය නිති සිල් සුවඳින් පිරුණ
රන් වියනක් ය බබළන සම්බුදු සසුන

ඉංගි‍්‍රසි පාලි හෙළ සකු බස් පගුණ කෙරූ
තුන් පිටකය ම අතැඹුල සේ මුවග පිරූ
සරසවි ඇදුරු පිරිවෙන් අදියුරු ව හුරු
මහ නා සමිඳු නමදිමි පිළිවෙතින් සරු

මැදින් අව අටවක

 මාර්තු 22 සෙනසුරාදා පූ.භා 04.25 අව අටවක ලබා 23 ඉරිදා
පූ.භා 05.25න් ගෙවේ.
22 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 22

Full Moonඅමාවක

මාර්තු 29

First Quarterපුර අටවක

අප්‍රේල් 05

Full Moonපසළොස්වක

අප්‍රේල් 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]