පින් ඇති දෙවිවරු
“දිනක් අපගේ මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ දෙව්ලොව වැඩම කළා. උත්තරා දෙව් දුවගේ
දිව්‍ය විමානය දැක ඒ පිළිබඳව අසා සිටියා.
“පින්වත් දෙව්දුව, ඔබ ඔය සුන්දර රූපයෙන් බැබළෙමින් ඉන්නේ හැම දිශාවක් ම බබළුවන ඖෂධී
තාරකාව වගේ. ඇත්තට ම ඔබට මේ වගේ ලස්සනක් ලැබුණේ කොහොම ද? මොන වගේ පිනකින් ද? සිතට
පි‍්‍රය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින් ද? ඔබගේ සිරුරෙන් විහිදෙන
එළියෙන් හැම දිශාවක් ම බබළවනවා. මිනිස් ලෝකයේ දී මොනවගේ පිනක් ද කර ගත්තේ?
“ස්වාමීනී, මම ගිහි ගෙදර ජීවිතයක් ගත කළේ. නමුත් කාටවත් මම ඊර්ෂ්‍යා කළේ නැහැ. මා
සතු දෙයින් තව කෙනකු සැප විඳිනවාට ඇති අකැමැත්ත කියන මසුරුකම මා තුළ තිබුණේ නැහැ.
මම එකට එක කළේත් නැහැ. ස්වාමියාට කීකරවයි සිටියේ. මම අප්‍රමාදී ව සතර පෝයට ම උපෝසථ
සීලය රැක්කා. නිතර ම සිල්පදයන්හි සංවර වුණා. ඉඳුරන් සංවර කර ගත්තා. දන් පැන් බෙදා
දුන්නා. ඒ විදිහටයි, මම ගිහි ගෙදර ගත කළේ”
“ස්වාමීනී, මම සිල්පද රකින්නේ කැමැත්තෙන් ම යි. මම චතුරාර්ය සත්‍ය ධර්මය තේරුම්
ගත්තා. ඒ නිසාමයි පැතුරුණු යශෝරාවය ඇති, සදහම් ඇස් ඇති බුදුරජාණන් වහන්සේගේ
ශ්‍රාවිකාවක් වුණේ.”
“ඉතින් ස්වාමීනි, මම මේ අනුභව කරන්නේ මගේ පින යි. ලෙඩක් දුකක් නැති ව සැප සේ ම යි
මම ඉන්නේ. ඒ පිනෙන් තමා මෙ තරම් ලස්සනක් මට ලැබුණේ. සිතට පී‍්‍රතිය උපදවන මේ සැප
සම්පත් සියල්ල ම ලැබුණේ එනිසා ම යි.”
“ස්වාමීනී, මගේ වචනයෙන් මම සරණ ගිය ඒ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සිරිපා කමල
සිරසින් වන්දනා කළ මැනව. උත්තරා නම් උපාසිකාව භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සිරිපා
කමල වන්දනා කරන්නී ය” කියා වදාළ මැන ස්වාමීනී මම සකෘදාගාමි ශ්‍රාවිකාවක් බව මට
භාග්‍යවතුන් වහන්සේ වදාළා” යැයි ඒ දෙව්දුව තමන්ගේ පිනෙහි අනුසස් කියා සිටියා.
|