අසූ හත් වසරක් සපුරන
ශාසන කීර්තී ශ්‍රී සාසනවංසවංසාලංකාර මඩබාවිට සුමනවංශ නාහිමිපාණෝ
ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම අරුක්ගොඩ, වඩුවත්ත ග්‍රාමයට අයත් ශ්‍රි
ජයසුමනාරාමාධිපති ශ්‍රී ජයසුමන දහම් පාසලේ ප්‍රධානාචාර්ය, විශ්‍රාමලත්
පාඨශාලාචාර්ය, මුළු දිවයිනට ම සාම විනිසුරු, ශාසන කීර්තී ශ්‍රී සාසන වංසවංසාලංකාර
ශාස්ත්‍රවේදි පණ්ඩිත මඩබාවිට සුමනවංශ නායක ස්වාමින් වහන්සේගේ 87 වැනි ජන්ම දිනයට
සමගාමි ව ශ්‍රී ජයසුමන දහම් පාසල මඟින් ආශිර්වාද මහා බෝධි පුජා පින්කමක් මෙම මස 17
වැනි දා සවස 6.30 ට පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
ආශිර්වාද බෝධි පුජාව පවත්වනු ලබන දේශකයාණන් වහන්සේ කොටදෙණිය ශ්‍රී ශෛලබිම්බාරාම
විහාරාධිපති, පොල්ගහවෙල ශ්‍රී විජයානන්ද මහා පිරිවෙණේ ආචාර්ය,ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා
නිකායේ මිරිගම ප්‍රාදේශික සංඝ සභාවේ පටිපත්ති සංවර්ධන ලේඛකාධිකාරි,ශාස්ත්‍රවේදී
මීගලෑවේ විමලබුද්ධි නායක ස්වාමීන් වහන්සේ ය.
මේ උතුම් අවස්ථවේ අප දහම් පාසලේ උප ප්‍රධානාචාර්ය ( පරිපාලන ),සමාජ සුබ සාධන ශාසන
මාමක දේශබන්දු, විදුහල්පති, මුළු දිවයිනට ම සාම විනිසුරු,
ඩබ්ලිව්.ආර්.පී.එව්.විජේසුරිය මහතාගේ මෙම 26 වැනි දා 52 වැනි ජන්ම දිනයට ද, අප දහම්
පාසලේ උප ප්‍රධානාචාර්ය ( ප්‍රාථමික අංශ ) දේශාභිමානී විර පුත්‍ර දේශබන්ධු
ඩබ්ලිව්.ටී.එල්.නයනානන්ද මහතාගේ පසුගිය මස 15 ට යෙදි තිබු 44 වැනි ජන්ම දිනයට
ආශිර්වාද කිරීමට නියමිත ය.
මේ උතුම් කටයුත්ත සංවිධානය කරනු ලබනුයේ ශ්‍රී ජයසුමන දහම් පාසලේ ශ්‍රී බෝසත් මාධ්‍ය
ඒකකය හා 2025 ශිෂ්‍ය නායක මණ්ඩලය ගුරු සිසු මව්පිය, පස් පේරුවේ දායක පිරිසගේ
දායකත්වය මත ය. මේ මාහැඟි පින්කමට සම්බන්ධ වී පින් අනුමෝදන් කර ගන්නා ලෙස සිහිපත්
කරමි. ( වඩුවතු )
සඟ පරපුර බබළවන අතිපුජ්‍ය මඩබාවිට සුමනවංශ නාහිමියන්ට රට, දැය, සම්බුදු සසුන
වෙනුවෙන් වෙසෙස් මෙහෙවරක් සිදු කරන්නට උන්වහන්සේට තිසරණ සරණ ලැබේවා'යි ප්‍රාර්ථනා
කරමි.
කරමැටියේ රතනපාල නාහිමි |