[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

මැදින් අව අටවක පෝ දා 2025-03-22

දෙලොව යහපතට

සප්ත ව්‍රත පද නම් කවර බාධක හමුවේ වුව කඩ නොකොට රැකිය යුතු ගුණධර්මයන් සතරෙකි. මේ ජීවිතය පමණක් නොව පරලොව ජීවිතය ද ඉහළට ඔසවා තබන මේ ගුණධර්මයෝ ධම්මචාරී වීමෙහි ලා අප්‍රමාදී වන පුද්ගලයාට ඉතා පහසුවෙන් සුරැකිය හැකි ගුණධර්මයෝ ය.

දෙව්ලොවට අධිපති සක් දෙවිඳුන් ය. ශක්‍ර පදවිය ලබන්නට මඝ නම් තරුණයකු ව මිනිස් ලොව දී මේ ගුණධර්ම සත සපිරූ බව ධම්මපද ගාථා අටුවාවේ සඳහන් වේ .

බෞද්ධයා සෑම මොහොතක ම පමාවෙන් තොර ය. ඒ ධම්මානුධම්ම පටිපන්න වීමෙහි ලා ය. බුදුරජාණන් වහන්සේ දේශිත ශ්‍රී සද්ධර්මය තම ජීවිතයට ගලපා ගැනීමෙහි ලා උත්සුක වන ඒ පුද්ගලයාට මේ ගුණධර්මයෝ ද ජීවිතය බබළවන මහඟු මිණක් බවට පත්කර ගත හැකි ය. මේ ධර්මයන් ඉතා පහසුවෙන් ජීවිතයට පුරුදු පුහුණුූ කර ගත හැකිවීම සුවිශේෂී ය.

දිවි ඇති තෙක් මවුපියන් පෝෂණය කිරීම පළමු ව්‍රතය යි. දරුවන් වෙනුවෙන් මවුපිය හදෙහි උපදින ස්නේහය අප්‍රමාණ ය. ඔවුහු සිය දරුවන් රකිනුයේ සිය ප්‍රාණය හා සම කොට ය. තමන් වෙනුවෙන් කිසිදු බලාපොරොත්තුවක් නොමැති ව, පිරිසුදු සිතින් තම දරුවා වෙනුවෙන් ආදරය කළ හැකි, ආශිර්වාද කළ හැකි මවකට, පියෙකුට පමණි. එහෙයින්ම දරුවන් රැක ගැනීමෙහි ලා විඳින අපමණ දුක් කම්කටොලු ඔවුහු සුවයක් සේ ම සලකති. කිසිවිටෙක මැසිවිලි නොනගති. ඒ සැබෑ මවුපියන්ගේ ස්වභාවය යි. එසේ උස් මහත් කොට සමාජගත කරන දරුවෙක් තම අම්මා, තාත්තා නොසලකා හරිනවා නම් එය ලැබූ මනුෂ්‍යත්වයට ද නිගාවෙකි. එහෙත් මවුපිය ගුණ දන්නා දරුවෝ දිවි හිමියෙන් ඔවුහු රැක ගනිති. එය සක් දෙව් පදවිය ලබන්නට තරම් සුදුසු ගුණයකි.

අද අපේ ළමා, තරුණ පරපුර අතින් වේගයෙන් ගිලිහී යන ගුණධර්මයක් වන්නේ වැඩිහිටියන්ට ගෞරව කිරීම හා උපකාර කිරීමයි. නූතන තාක්ෂණික මෙවලම් හමුවේ, ඔවුන් ජීවත්වන වටපිටාව හමුවේ වැඩිහිටියන් නොසලකා හැරීම වේගවත් වී තිබේ. ඒ තුළ ඔවුන් ජීවිතයට ළඟා කර ගන්නා විනාශය සුළු පටු නොවේ. වැඩිහිටියන්ට ගරු නොකරන කෙනකු කිසිදු විටෙක ඔවුන්ගේ අවවාද නොපිළිපදී. ගණනකට නොගනී. වැඩිහිටියා යනු දීර්ඝ කාලයක් අපමණ ප්‍රශ්න ගැටලු අතර ජීවත්වෙමින් ලද අත්දැකීම් සහිත පුද්ගලයෙකි. ඔහු අන් අයට අවවාද කරන්නේ ඒ දැනුම් තේරුම් කරමිනි. එහෙත් අත්දැකීමෙන් දිළිඳු පරපුර එය නොතකා හැරීම තුළ නිර්මාණය වන්නේ ම ඔවුන්ගේ ජීවිතයේ පිරවිය නොහැකි හිඩැසකි.

අද බොහෝ තරුණ දරුවන්ගේ අභාග්‍ය සම්පන්න චර්යාරටාවන් එහි ප්‍රතිඵල ය. එය තමන්ගේ මෙලොව ජීවිතයට, පරලොව ජීවිතයට පමණක් නොව තමන් සමඟ ජීවත්වන අයට ද කරන අනර්ථයෙකි. මේ නිසා කුලදෙටුවන් හෙවත් වැඩිහිටියන් පිදීම, එසේත් නැතිනම් ගෞරවාරදර දැක්වීම, උපකාර කිරීම ජීවිතය තුළ පුරුදු පුහුණු කළ යුතු ම ව්‍රතයකි. සප්ත ව්‍රත අතරින් මේ දෙකරුණ වුව ජීවිතය ම බබළවන ගුණධර්මයෝ ය. මේ ගුණදම් පුරුදු පුහුණු කළ යුතු ම වටපිටාවකි වර්තමානයේ නිර්මාණය වී තිබෙන්නේ.

මැදින් අව අටවක

 මාර්තු 22 සෙනසුරාදා පූ.භා 04.25 අව අටවක ලබා 23 ඉරිදා
පූ.භා 05.25න් ගෙවේ.
22 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 22

Full Moonඅමාවක

මාර්තු 29

First Quarterපුර අටවක

අප්‍රේල් 05

Full Moonපසළොස්වක

අප්‍රේල් 12


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]