[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

සක්කාය දිට්ඨිය අවබෝධ කර ගනිමු

බුදුරජාණන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාප නම් වූ වේළුවනාරාමයේ වැඩ වසන සේක. ඒ සමයේ විශාක නම් වූ උපාසක මහත්මයෙක් ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සේ කරා පැමිණියේ ය. එම අවස්ථාවේ විශාක උපාසක මහතා ධම්මදින්නා මෙහෙණින් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ කුමන දහමක් “සක්කාය” යැයි වදාරණ ලද්දේ දැයි ප්‍රශ්න කළේ ය. එවිට ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සේ මෙම පැහැදිලි කිරීම කළා ය. “පංච ඛො ඉමෙ ආවුසො
විසාඛ, උපාදනක්ඛන්ධා සක්කායො වුත්තෝ භගවතා, සෙය්‍යථිදං රූප උපාදන ඛන්ධො වේදනා උපාදාන ඛන්ධො සඤ්ඤා උපාදාන ඛන්ධො සංඛාරා උපාදාන ඛන්ධො විඤ්ඤාණ උපාදන ඛන්ධො ඉමෙ ඛො ආවුසො විසාඛ පඤ්චඋපාදනක්ඛන්ධා සක්කායො වුත්තො භගවතා”
මෙම පාලි පාඨයේ තේරුම මෙසේ ය. ඇවැත් විශාඛයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ උපාදානයට හේතු වූ නැතහොත් ප්‍රත්‍ය වූ ස්කන්ධ පහ සක්කාය යැයි වදාරණ ලදහ. ඒවා නම්, රූප උපාදානස්කන්ධය වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය,
සංඛාර උපාදානස්කන්ධය හා විඤ්ඤාණ උපාදානස්කන්ධය
යැයි ද විසාඛයෙනි, භාග්‍යවතුන් වහන්සේ මේ පඤ්චස්කන්ධය සක්කාය යැයි වදාරණ ලදි.


මැදින් අව අටවක

 මාර්තු 22 සෙනසුරාදා පූ.භා 04.25 අව අටවක ලබා 23 ඉරිදා
පූ.භා 05.25න් ගෙවේ.
22 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 22

Full Moonඅමාවක

මාර්තු 29

First Quarterපුර අටවක

අප්‍රේල් 05

Full Moonපසළොස්වක

අප්‍රේල් 12


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]