[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

ලෙන් විහාර සම්ප්‍රදායේ අසිරිමත් නාමය පිලිකුත්තුව රාජ මහා වෙහෙර බිම

ලෙන් විහාර සම්ප්‍රදායේ ආගමික හා පුරාවිද්‍යාත්මක වටිනාකමින් පොහොසත් ඓතිහාසික පුණ්‍ය භූමියකි පිලිකුත්තුව රාජමහා විහාරය. අඩි 400 - 450 ක් පමණ උස කඳුගැටයක් පුරා අක්කර 250ක් තරම් භූමි භාගයක පැතිරී තිබෙන මෙම විහාරයට අයත් භූමියෙන් අක්කර 52ක පමණ ප්‍රමාණයක් රාජමහා විහාරය සතුව පවතියි. ඉතිරි භූමි ප්‍රමාණයේ ඇති ස්මාරක පමණක් විහාරයට අයත් ව පවතියි. මෙරට වැඩිම ලෙන් සංඛ්‍යාවක් සහිත විහාරස්ථානයක් ලෙස ද මෙම පුද බිම සුප්‍රසිද්ධ ය. මෙම පුදබිම ආදී මානව ජනාවාසයක් ව පැවති බවට කරන ලද කැණීම් සාධක සපයයි. මහින්දාගමනයෙන් පසුව සිදු වූ දියුණුවත් සමඟ ම එතෙක් පැවැති ගල් ගුහා වැස්සෙන් ආරක්ෂාවීමට හැකි පරිදි කටාරම් කොටවා සඟරුවනට පිදූ බවට සෙල් ලිපි සාක්ෂි දරයි. එම කාලය දේවානම් පියතිස්ස රජ දවස බව පුරාවිද්‍යාඥයන්ගේ මතය වේ. ක්‍රි.පූ. 1 සියවසේ දී මේ භූමිය හා අවට වන පියස තුළ වලගම්බා රජු සැඟවී සිට සේනාව ඒකරාශී කොට නැවතත් අනුරාධපුර රාජධානියේ රජ වූ බව ජනප්‍රවාදයන් හි සඳහන් වේ. සැඟවී සිටි රාජකීයයන්ගේ රාජාභරණ සැඟ වූ නිසා පිලිකුත්තුව නාමය ව්‍යවහාර වූ බවට එක් මතයක් ද, සැඟවී සිටි රාජකීයයන්ට ඇඳුම් සැපයූ ගම පිලිකුත්තුව වූවා යැයි ද තවත් මතයක් ද වේ. පිලිකුත්තුව රාජමහා විහාරය සහිත භූමියෙහි ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවස පමණ ඈත අතීතයට දිව යයි. මෙම සියවසේ දී පමණ මෙහි වන අරණ බෞද්ධ භික්ෂූන් වහන්සේට භාවනානුයෝගී ව වැඩ සිටීමට සුදුසු වන පරිදි වැඩිදියුණු කොට තිබූ බව පැරැණි පුරාවිද්‍යා ලේඛනවල සඳහන් ය.

මැදින් අව අටවක

 මාර්තු 22 සෙනසුරාදා පූ.භා 04.25 අව අටවක ලබා 23 ඉරිදා
පූ.භා 05.25න් ගෙවේ.
22 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 22

Full Moonඅමාවක

මාර්තු 29

First Quarterපුර අටවක

අප්‍රේල් 05

Full Moonපසළොස්වක

අප්‍රේල් 12


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]