ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ මැදින් පුර අටවක පෝදා 2025 මාර්තු 06 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
දෙබත්ගම වියන්එළිය ශ්‍රී රතන ජොත්‍යාරාම විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ
මාර්තු 06 බ්‍රහස්පතින්දා පූ.භා 10.55 පුර අටවක ලබා 07 සිකුරාදා පූ.භා 09.23 න් ගෙවේ. 06 බ්‍රහස්පතින්දා සිල්
පුර අටවක
මාර්තු 06
පසළොස්වක
මාර්තු 13
අව අටවක
මාර්තු 22
අමාවක
මාර්තු 29
තමන් ගැන ‘හොඳ’ අහන්න ලැබෙනවාට කවුරුත් කැමැතියි. කවුරු හරි තමන් ගැන හොඳ කිව්වා, ප්‍රශංසා කළා කියලා කිව්වොත් ‘මොනවද කිව්වේ?’ කියලා නො අසන, නොසොයන අය හොයාගන්න හරිම අඩුයි. ඒ වගේ ම යි, තමන් ගැන ඒ කරපු ප්‍රශංසාවන් ගැන හිත හිතා සිටින්නයි අපේ හිත කැමති. එක්කෝ ඒ කළ ප්‍රශංසාව බොහොම තදට හිතේ සනිටුහන් කරගෙන අකුරක් නෑර ආයෙ ආයෙමත් සිහිපත් කර ගන්නවා. සටහන් කළ දෙයක් නම් නැවත නැවත කියවනවා. පටිගත කර ගත් දෙයක් නම් යළි යළිත් අහනවා. ඕක තමයි අපේ චිත්ත ස්වභාවය. ප්‍රශංසාවට බොහොම යුහුසුළු ව හිත නැමෙනවා වුණත්, ඇති ම ගුණයක් ගැනත් ප්‍රශංසා කරන්න මේ හිත් නැමෙන්නේ බොහොම අඩුවෙන්. ඇගයීම් ලබන්න කැමති වුණාට අගයනවා අඩුයි. ප්‍රශංසා ලබන්න කැමති වුණාට ප්‍රශංසා කරනවා අඩුයි. අති දීර්ඝ සසර ගමනක යන, ඒ සසරට ම යොමු වෙන ආකාරයට පුරුදු පුහුණු වුණු සාමාන්‍ය හිත්වල ස්වභාවය මෙහෙම වුණාට සසරෙන් නිදහස් වුණ, සසරට නො වැටෙන අසාමාන්‍ය සිතක් උපදවා ගත්ත මුනිවරුන්ගේ සිත්වල ස්වභාවය මෙයට හාත්පසින් ම වෙනස්. එදා භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ රජගහනුවර වේළුවනාරාමයේ. ජාතිභූමි නම් වූ ගමෙන් පැවිදි වූ ශාක්‍ය පුත්‍රයාණන් වහන්සේ බොහෝ දෙනකු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියා. සතුටු සාමීචි කතා අවසානයේ සම්බුදු රජාණන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේගෙන් මෙසේ විමසා සිටියා. ‘පින්වත් මහණෙනි, ජාතිභූමිවැසි කවර හෝ භික්ෂුවක් සබ්‍රහ්මචාරීන් වහන්සේ අතර මහත් සම්භාවනාවට පාත්‍රව සිටිනවා ද?
පින්වතුනි, කිසිදු විටක පාපී ක්‍රියාවක් කරන්න එපා. පුණ්‍ය කටයුතු ම සිදු කරන්න. තුනුරුවන් කෙරෙහි පැහැදුණු සිතින් කටයුතු කරන්න නිතර ම වගබලා ගන්න. එය මරණ මොහොතේ දී හෝ විපාක දෙනවා. පරලොව දී සුව සේ විපාක විඳින්න හැකියාව ලැබෙනවා. දෙලොව ම සුගතියෙන් සුගතියට ම පත් වෙනවා. සිංහල රටේ අනුරාධපුර යුගයේ සිදු වූ කතාවක් මේ කියන්න යන්නේ. ඈත අතීතයේ එක්තරා බමුණකුට දාව පුත්‍රයෙක් උපන්නා. ඔහුට කිව්වේ ‘සිරිනාග’ කියලා. කුලය නිසා ගරුගාම්භීරත්වයෙන් තමයි මේ බමුණු කුමාරයා ජීවත් වුණේ. කාලයත් එක්කම බමුණු පියා මිය ගියා. ඔහුගේ ධනය වගේ ම පිරිවර ජනයාත් මේ බමුණු කුමාරයාට අයිති වුණා. ටික කාලයක් කටයුතු කර ගෙන ගියා. නිදහස් වෙලාවක බමුණු කුමාරයාට හිතුණා. ‘මට දැන් සෑහෙන පිරිසක් ඉන්නවා. තවත් පිරිසක් මා වටා එකතු කර ගත්තොත් මගේ කටයුතු කර ගෙන යන්න සේනාවක් හදා ගන්න පුළුවන්. එසේ මෙසේ සේනාවක් නෙවෙයි යුද්ධ සේනාවක් ම හදා ගන්න පුළුවන්. ඊට පස්සේ රජුට විරුද්ධව සටන් කරලා රට අල්ලා ගන්න පුළුවන් වේවි. බොහොම සැප සේ ජීවත් වෙන රජ කෙනෙක් වෙන්න පුළුවන් කියා හිතුවා. නැවත මෙහෙම කල්පනා කළා. ‘මට පිරිස ඉන්නවා තමා, ඒත් ඒ අය නඩත්තු කරන්න ලොකු මුදලක් මම දැනටත් වැය කරනවා. තවත් පිරිසක් බඳවා ගත්තොත් ඒ අයටත් පඩි ගෙවන්න ඕනෑ. කන්න බොන්න දෙන්න ඕනෑ. වාසස්ථානත් දෙන්න ඕනෑ. මේ හැම එකකට ම මුදල් තමයි ඕනෑ වෙන්නේ.
දැන් මෙැතන රැස්වුණ, පින්වත් ඥාතිවරුනි, මා කියන දේ අහන්න. මම සම්බුදු රජාණන් වහන්සේගේ ධර්මය කියා දෙන්නෙමි. ආයෙ ආයෙමත් ඉපදෙන්නට සිදුවීම නම් දුකක් ම යි. ඒ නිසා වීරිය කරන්න. කම්මැළිකමෙන් මිදෙන්න. බුදු රදුන්ගේ අනුශාසනාව අනුගමනය කරන්න. බට පතුරුවලින් කළ ගෙයක් සුනු විසුණු කර දමන ඇත් රජෙක් වගේ. මාර සේනාව නැති කර දමන්න. යම් කෙනෙක් මේ ධර්ම විනයේ අප්‍රමාදී ව හැසිරුනොත් ඉපදෙන මැරෙන සංසාරය අතහැර සියලු දුක් නිමා කරන්නට ඔහුට පුළුවන්. අභිභූත මහරහතන් වහන්සේ | ඉස්සෙල්ලා ම කරන්න ඕනැ දේ කල් දාල, ඒක පස්සෙ කරන්න නම් හිතාගෙන ඉන්නෙ, එයා ලබන්නට තියෙන සැපයෙන් පිරිහී යනවා. පස්සෙ ලැබෙන්නේ ශෝකය විතරයි. යම් දෙයක් කරනවා නම් අන්න ඒ ගැන විතරයි කිව යුත්තේ. නො කරන දේ කියන්නට ඕනෑ නැහැ. නොකරන දේ කියා කියා ඉන්න උදවියට බුද්ධිමතුන් ප්‍රශංසා කරන්නේ නැහැ.
ඇය මට මේ දිනවල කළ උපකාරය කෙතරම් ද? ඇය නිසයි මට භාග්‍යවතුන් වහන්සේ සහ සඟ පිරිසට අඩ මසක් පුරාම දන් පූජා කර ගන්නට ලැබුණේ. දහම් අසන්නට ලැබුණේ. මහත්ඵල මහානිශංස වන ආකාරයට පින් දහම් කර ගන්නේ. මැය මගේ ජීවිතයට මහත් සහනයක් ගෙන දුන්නා. සිරිමා ගැන මගේ සිතේ කිසිදු වෛරයක් නොමැති නම්, මේ උණු තෙල් සිසිල් ජලය වේවා'යි අධිෂ්ඨාන කළා. එදවස පුණ්ණ සිටුතුමා ජීවත් වුණේ රජගහ නුවරයි. ඔහුගේ බිරිඳ උත්තරා. ඔවුන්ට එක් දියණියක් සිටියා. ඇයගේ නම ද උත්තරා. පුණ්ණ සිටුවරයා ඇතුළු මේ පවුලේ සියලු ම දෙනා තෙරුවන් සරණ ගොස් උතුම් මාර්ගඵල අවබෝධ කර ගෙනයි සිටියේ. භාග්‍යවතුන් වහන්සේ ඇතුළු සඟ පිරිසට නිතර ම දන්පැන් පූජා කරමින්, ධර්මය අසමින්, විවිධ පින්කම් කිරීමත් ඔවුන්ගේ දින චරියාවේ කොටස් බවට පත්වී තිබුණා. කාලය ගෙවී යද්දී උත්තරා දියණිය විවාහ වන වයසට එළඹියා. රජගහ නුවර එක් සිටුවරයකුගේ පුතෙක්ට උත්තරා දියණිය ගැන විවාහ යෝජනාවක් ආවා. නමුත් ඒ පවුලේ සියලු ම දෙනා මිථ්‍යා දෘෂ්ටික අය යි. එනිසා පුණ්ණ සිටුතුමා ඒ විවාහයට එකඟ වූයේ නැහැ. “සිටුතුමනි, මගේ මේ උත්තරා දියණිය තෙරුවන් සරණ ගිය දියණියක්. ඔබගේ පුතා එසේ නොවේ. එනිසා ඔවුන්ගේ ගැළපීමක් නැහැ. ඒ දරුවන්ගේ ජීවිත අසාර්ථක වේවි.”
රැසක් වැඩ සිදුවුණු දිනක්: ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය දින සැමරුම
මහරගම අපේක්ෂා රෝහලට ඇටමිදුළු සහ රුධිර ජනන සෛල බද්ධ කිරීමේ ඒකයක්
කුල දරුවන් සසුන්ගත කිරීමේ පුණ්‍ය මහෝත්සවයක්
ඉතිරිය»
විචිකිච්ඡාව දුරු කරමු සෝවාන් මඟට ළං වෙමු
දහම දායාද කර ගැනීමේ අනුසස්
සැපයට හේතු වූ පිනක මහිම
සිත් නිවන පුදබිම බුද්ධංගල ආරණ්‍ය සෙනසුන
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]