[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

ගුණ පැසසීමේ අසිරිය...

තමන් ගැන ‘හොඳ’ අහන්න ලැබෙනවාට කවුරුත් කැමැතියි. කවුරු හරි තමන් ගැන හොඳ කිව්වා, ප්‍රශංසා කළා කියලා කිව්වොත් ‘මොනවද කිව්වේ?’ කියලා නො අසන, නොසොයන අය හොයාගන්න හරිම අඩුයි. ඒ වගේ ම යි, තමන් ගැන ඒ කරපු ප්‍රශංසාවන් ගැන හිත හිතා සිටින්නයි අපේ හිත කැමති. එක්කෝ ඒ කළ ප්‍රශංසාව බොහොම තදට හිතේ සනිටුහන් කරගෙන අකුරක් නෑර ආයෙ ආයෙමත් සිහිපත් කර ගන්නවා. සටහන් කළ දෙයක් නම් නැවත නැවත කියවනවා. පටිගත කර ගත් දෙයක් නම් යළි යළිත් අහනවා. ඕක තමයි අපේ චිත්ත ස්වභාවය. ප්‍රශංසාවට බොහොම යුහුසුළු ව හිත නැමෙනවා වුණත්, ඇති ම ගුණයක් ගැනත් ප්‍රශංසා කරන්න මේ හිත් නැමෙන්නේ බොහොම අඩුවෙන්. ඇගයීම් ලබන්න කැමති වුණාට අගයනවා අඩුයි. ප්‍රශංසා ලබන්න කැමති වුණාට ප්‍රශංසා කරනවා අඩුයි. අති දීර්ඝ සසර ගමනක යන, ඒ සසරට ම යොමු වෙන ආකාරයට පුරුදු පුහුණු වුණු සාමාන්‍ය හිත්වල ස්වභාවය මෙහෙම වුණාට සසරෙන් නිදහස් වුණ, සසරට නො වැටෙන අසාමාන්‍ය සිතක් උපදවා ගත්ත මුනිවරුන්ගේ සිත්වල ස්වභාවය මෙයට හාත්පසින් ම වෙනස්. එදා භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ රජගහනුවර වේළුවනාරාමයේ. ජාතිභූමි නම් වූ ගමෙන් පැවිදි වූ ශාක්‍ය පුත්‍රයාණන් වහන්සේ බොහෝ දෙනකු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියා. සතුටු සාමීචි කතා අවසානයේ සම්බුදු රජාණන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේගෙන් මෙසේ විමසා සිටියා. ‘පින්වත් මහණෙනි, ජාතිභූමිවැසි කවර හෝ භික්ෂුවක් සබ්‍රහ්මචාරීන් වහන්සේ අතර මහත් සම්භාවනාවට පාත්‍රව සිටිනවා ද? තමනුත් අල්පේච්ඡයි කියලා, අල්පේච්ඡ භාවයේ ගුණ කියනවා කියලා, තමනුත් ලද දෙයින් සතුටු වෙමින් වාසය කරනවා කියලා, ලද දෙයින් සතුටු ව වාසය කිරීමේ ගුණ කියනවා කියලා.


මැදින් පුර අටවක

 මාර්තු 06 බ්‍රහස්පතින්දා පූ.භා 10.55 පුර අටවක ලබා 07 සිකුරාදා පූ.භා 09.23 න් ගෙවේ.
06 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 06

Full Moonපසළොස්වක

මාර්තු 13

Second Quarterඅව අටවක

මාර්තු 22

Full Moonඅමාවක

මාර්තු 29


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]