ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ මැදින් පුර අටවක පෝදා 2025 මාර්තු 06 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
පින්වතුනි, කිසිදු විටක පාපී ක්‍රියාවක් කරන්න එපා. පුණ්‍ය කටයුතු ම සිදු කරන්න. තුනුරුවන් කෙරෙහි පැහැදුණු සිතින් කටයුතු කරන්න නිතර ම වගබලා ගන්න. එය මරණ මොහොතේ දී හෝ විපාක දෙනවා. පරලොව දී සුව සේ විපාක විඳින්න හැකියාව ලැබෙනවා. දෙලොව ම සුගතියෙන් සුගතියට ම පත් වෙනවා. සිංහල රටේ අනුරාධපුර යුගයේ සිදු වූ කතාවක් මේ කියන්න යන්නේ. ඈත අතීතයේ එක්තරා බමුණකුට දාව පුත්‍රයෙක් උපන්නා. ඔහුට කිව්වේ ‘සිරිනාග’ කියලා. කුලය නිසා ගරුගාම්භීරත්වයෙන් තමයි මේ බමුණු කුමාරයා ජීවත් වුණේ. කාලයත් එක්කම බමුණු පියා මිය ගියා. ඔහුගේ ධනය වගේ ම පිරිවර ජනයාත් මේ බමුණු කුමාරයාට අයිති වුණා. ටික කාලයක් කටයුතු කර ගෙන ගියා. නිදහස් වෙලාවක බමුණු කුමාරයාට හිතුණා. ‘මට දැන් සෑහෙන පිරිසක් ඉන්නවා. තවත් පිරිසක් මා වටා එකතු කර ගත්තොත් මගේ කටයුතු කර ගෙන යන්න සේනාවක් හදා ගන්න පුළුවන්. එසේ මෙසේ සේනාවක් නෙවෙයි යුද්ධ සේනාවක් ම හදා ගන්න පුළුවන්. ඊට පස්සේ රජුට විරුද්ධව සටන් කරලා රට අල්ලා ගන්න පුළුවන් වේවි. බොහොම සැප සේ ජීවත් වෙන රජ කෙනෙක් වෙන්න පුළුවන් කියා හිතුවා. නැවත මෙහෙම කල්පනා කළා. ‘මට පිරිස ඉන්නවා තමා, ඒත් ඒ අය නඩත්තු කරන්න ලොකු මුදලක් මම දැනටත් වැය කරනවා. තවත් පිරිසක් බඳවා ගත්තොත් ඒ අයටත් පඩි ගෙවන්න ඕනෑ. කන්න බොන්න දෙන්න ඕනෑ. වාසස්ථානත් දෙන්න ඕනෑ. මේ හැම එකකට ම මුදල් තමයි ඕනෑ වෙන්නේ. මුදල් හොයන්න ක්‍රමයක් සකසා ගන්න ඕනෑ‘යි කියලා දිගින් දිගට ම කල්පනා කළා. අවසානයේ දී තීරණය කළා ගම් නියම්ගම් කොල්ල කන්න. එහෙම කරමින් ලොකු ධනයක් උපදවා ගත්තා. පිරිවරත් වැඩි කර ගත්තා.
මාර්තු 06 බ්‍රහස්පතින්දා පූ.භා 10.55 පුර අටවක ලබා 07 සිකුරාදා පූ.භා 09.23 න් ගෙවේ. 06 බ්‍රහස්පතින්දා සිල්
පුර අටවක
මාර්තු 06
පසළොස්වක
මාර්තු 13
අව අටවක
මාර්තු 22
අමාවක
මාර්තු 29
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]