රැසක් වැඩ සිදුවුණු දිනක්
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය දින සැමරුම
ආචාර්ය
පදියතලාවේ අමරවංශ හිමි
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ආරම්භ කර වර්ෂ හතළිස් දෙකක් (42) සැමරීම
වෙනුවෙන් සංවිධානය කළ සැමරුම් උත්සවය පසුගිය 20 වැනි දින විශ්වවිද්‍යාලයීය ප්‍රධාන
ශ්‍රවණාගාරයේ දී වැඩමවා වදාළ අස්ගිරිය විහාර පාර්ශ්වයේ අනුනායක දර්ශනපති ආණමඩුවේ
ධම්මදස්සි අනුනායක මාහිමිපාණන් වහන්සේ සහ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ
ගෞරවාර්හ මහෝපාධ්‍යාය නෙලුවේ සුමනවංස නායක මාහිමිපාණන් වහන්සේගේ මූලාසනත්වයෙන් සහ
බෞද්ධ අධ්‍යයන පීඨාධිපති, විනේතෲ මහාචාර්ය, ආචාර්ය හෝමාගම ධම්මානන්ද හිමි, භාෂා
අධ්‍යයන පීඨාධිපති (වැඩ බලන) මහාචාර්ය, ආචාර්ය ගෝණදෙණියේ පඤ්ඤාරතන හිමි, පශ්චාද්
උපාධි අධ්‍යයන පීඨාධිපති මහාචාර්ය, ආචාර්ය මොරගොල්ලාගම උපතරන හිමි ඇතුළු මහාචාර්ය,
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කථිකාචාර්ය අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලු දෙනාත්, සිවු වසර ම
නියෝජනය කරන ගිහි-පැවිදි ශිෂ්‍ය විද්‍යාර්ථිනුත්, ලේඛකාධිකාරීතුමා,
මූල්‍යාධිකාරීතුමා ඇතුළු අනධ්‍යයන කාර්යමණ්ඩලයේ සියලු දෙනාත්, දේශීය හා විදේශීය
ආදිශිෂ්‍යයනුත්, ආරාධිත අමුත්තන් ඇතුළු බොහෝ දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඉතා උත්කර්ෂවත්
ලෙස පවත්වන්නට යෙදුණි.
මෙදින විශ්වවිද්‍යාලයීය සංවර්ධනයට දායකත්වය සැපයූ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය
ඇගයීමට ලක් වූ අතර ශිෂ්‍ය හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ නිර්මාණ කුසලතා ඇගයීම වෙනුවෙන්
සදැස්, නිසදැස් හා චිත්‍ර තරග ඉසව් යටතේ ජයග්‍රහණය කළ අයට සහතික පත්‍ර ප්‍රදානය ද
සිදු විය. තව ද විශ්වවිද්‍යාලයීය පර්යේෂණ සභාව විසින් තෝරා ගත් පසුගිය වසරේ
ප්‍රකාශයටපත් කළ පර්යේෂණ ලිපි, පර්යේෂණ කෘති හා විශ්වවිද්‍යාලයීය නාමය ලෝකයට ගෙනයාම
වෙනුවෙන් කටයුතු කළ අය වෙනුවෙන් සම්මාන, සහතික පත් හා මුදල් පරිත්‍යාගයන් ද
පිරිනමන්නට යෙදුණි. විශ්වවිද්‍යාලයීය ගීතය එළිදැක්වීම හා විශ්වවිද්‍යාලයේ ගමන් මඟ
පිළිබඳ වාර්තා වැඩසටහනක් ද මෙදින එළිදක්වන ලදී. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි
විශ්වවිද්‍යාලයේ නිර්මාතෘ මහාචාර්ය වල්පොල රාහුල නාහිමිපාණන් වහන්සේ සිහි කරමින්
අනුස්මරණ දේශනයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය,
කෝට්ටේ කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ ලේඛකාධිකාරී, මහාචාර්ය, ආචාර්ය
කොටපිටියේ රාහුල නාහිමියන් විසින් සිදු කරන ලදී.
උත්සව අවස්ථාව අලංකාරවත් කිරීමට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ දෙවැනි
මහෝපාධ්‍යායයන් වහන්සේ ලෙස කටයුතු කළ මහාචාර්ය, ආචාර්ය ගෞරවාර්හ කුඹුරුගමුවේ වජිර
නාහිමිපාණන් වහන්සේ රෝගී තත්ත්වයෙන් පසු වුවත් එදිනට වැඩම කර සිටීම අධ්‍යයන,
අනධ්‍යයන හා ශිෂ්‍ය සැමගේ ඉමහත් සතුටට කාරණාවක් විය.
විශ්‍රාමික මහෝපාධ්‍යාය, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, ඉත්තදෙමළියේ ඉන්දසර නාහිමිපාණන්
වහන්සේත්, බෞද්ධ අධ්‍යයන පීඨාධිපතිව කටයුතු කළ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය,
ආචාර්ය ඇකිරියගල නන්ද නාහිමියනුත් මෙම උත්සවයට වැඩම කර සිටියහ.
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ඕමල්පේ සෝමානන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් මෙදින
ආදිශිෂ්‍ය සංගමයක් පිහිටුවා ගැනීමට කටයුතු කළ අතර, ආදි ශිෂ්‍යයෝ හැත්තෑවකට ආසන්න
සංඛ්‍යාවක් සහභාගි වී සිටියහ. විශ්වවිද්‍යාලයීය දිනයට සමගාමී ව බෞද්ධ සංස්කෘතිය
අධ්‍යයනාංශයේ තාවකාලික කථිකාචාර්ය පූජ්‍ය සඟබෝපුර අකිල හිමියන්ගේ සම්බන්ධීකරණයෙන්
හා ගෞරවාර්හ මහෝපාධ්‍යායයන් වහන්සේ ඇතුළු විශ්වවිද්‍යාලයීය පාලනාධිකාරීයේ
උපදේශකත්වය යටතේ සිංගප්පූරුවේ සිට පැමිණි දූත පිරිසක් විසින් විශ්වවිද්‍යාලයීය
අභ්‍යන්තර ශිෂ්‍ය ප්‍රජාවට මූල්‍ය පරිත්‍යාගයක් ද, දහසකට අධික සංඛ්‍යාවකට දිවා
ආහාරය ද, ගැබිණි මාතාවන් සියයකට අවශ්‍ය භාණ්ඩ හා ද්‍රව්‍ය පරිත්‍යාගයක් ද, ආරාධිත
භික්ෂූන් වහන්සේ සියක් නමකට අධික ව දහවල් සංඝ ගත දක්ෂිණාවක් ද පිරිනමන්නට යෙදුණි.
විශ්වවිද්‍යාලයීය දිනය සැමරීම වෙනුවෙන් පෙබරවාරි මස 19 වැනි උදෑසන විශ්වවිද්‍යාලයීය
පරිශ්‍රයේ හරිත වැඩසටහනක් පැවැත් වූ අතර, මෙ දින සවස ගෞරවාර්හ මහෝපාධ්‍යායන්
වහන්සේගේ මූලිකත්වයෙන් අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහරෝහලට අනුබද්ධ පිළිකා වාට්ටුව
වෙත රු. 249000.00 ක මූල්‍ය වටිනාකමකින් යුක්ත ඖෂධ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කොන්කඳවල
විමලධම්ම හිමියන්ගේ සම්බන්ධීකරණයෙන් මෙම කටයුත්ත සංවිධානය කර තිබුණ අතර අධ්‍යයන,
අනධ්‍යයන හා ශිෂ්‍ය පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය. අපවත්වී වදාළ වල්පොල රාහුල නා
හිමියන්, මහාචාර්ය පිටිගල විජිත නාහිමියන් ප්‍රමුඛ අධ්‍යයන, අනධ්‍යයන හා ශිෂ්‍ය
පිරිසට පුණ්‍යානුමෝදනා කිරීම වෙනුවෙන් හා සියලු දෙනාට ආශීර්වාද ප්‍රාර්ථනා කිරීම
සඳහා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය පශ්චාද් උපාධි හා බාහිර විභාග
මධ්‍යස්ථානයේ දී පසුගිය 21 වැනි දින සර්වරාත්‍රික පරිත්‍රාණ දේශනාවක් පවත්වා, 22
වැනි දින උදෑසන සංඝගත දක්ෂිණාවක් ද පිරිනමන්නට යෙදුණි. බාහිර උපාධි පාඨමාලා සමායෝජක
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය බැරගම සද්ධානන්ද හිමියන්ගේ සම්බන්ධීකරණයෙන් බාහිර විභාග
එකමුතුවේ ගිහි-පැවිදි ශිෂ්‍ය විද්‍යාර්ථීන් විසින් අලංකාරවත් සංවිධානය කර තිබුණු
මෙම පින්කම අධ්‍යයන කාර්ය මණ්ඩලය ඇතුළු සියලු දෙනාගේ නොමද පැසසුමට ලක්විය.

|