[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති නා හිමිපාණෝ

උත්තරීතර මහානායක පදවියෙන් සම්භාවනාවට පාත්‍රවෙති

අමරපුර සාමග්‍රි සංඝ සභාවේ අභිනව උත්තරීතර මහානායක නාහිමිපාණන් වහන්සේ ලෙස බළන්ගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙන් විහාරාධිපති රාස්සගල විහාර පාර්ශවයේ මහා නායක අතිපුජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති නාහිමියෝ,රාජගිරිය කළපලුවාව ශ්‍රී තපෝවනාරාමයේ දී පැවැති අමරපුර මහා නිකායේ පාලක සංඝ සභාවේ දීි පසුගිය දා (26) තෝරා පත් කරගනු ලැබීය. අග්ගමහා පණ්ඩිත අභිධජ මහා රට්ඨගුරු බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමිපාණන් වහන්සේගේ සෙවණේ උගත මනා බණ දහම් හැදැරූ කුල කුමරු වර්ෂ 1962 ජුනි මස 18 වන දින බළන්ගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙන් විහාරස්ථානයේ දී උතුම් වු ශාසනික පැවිද්ද ලැබුයේ කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති යන පැවිදි නාමයෙනි. සිංහල, පාලි, සංස්කෘත, බුද්ධ ධර්මය ඉංග්‍රිසි ආදි භික්ෂු ජීවිතයට අත්‍යවශ්‍ය විෂයයන් පිළිබඳ මුලික දැනුම සිය ගුරු දේවයන් වහන්සේ වන ආනන්ද මෛත්‍රෙය මහ නාහිමිපාණන් වහන්සේගෙන් ලබා වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා දියතලාව සුධර්මාලංකාර විද්‍යායතන පිරිවෙනට ඇතුළත් වූහ. ප්‍රාචීන, ප්‍රාරම්භ, මධ්‍යම ආදි විභාග හොඳීන් සමත් වුහ. පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් දර්ශනය පිළිබඳ ගෞරව උපාධිය ලබා ගත්හ.ඉක්බිති එම අධ්‍යයන අංශයේ මහාචාර්ය කේ.එන්.ජයතිලක මහතාගේ තේරිම අනුව එම අධ්‍යයන අංශයේ සහකාර කථිකාචාර්යවරයකු ලෙස සේවය කිරිමට ද උන් වහන්සේ භාග්‍ය සම්පන්න වුහ.


උඳුවප් පුර පසළොස්වක

 දෙසැම්බර් 14 සෙනසුරාදා අ.භා. 05.02 පුර පසළොස්වක ලබා
15 ඉරිදා අ.භා. 02.36 ගෙවේ.
14 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 14

Second Quarterඅව අටවක

දෙසැම්බර් 22

Full Moonඅමාවක

දෙසැම්බර් 30

First Quarterපුර අටවක

ජනවාරි 07

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]