[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මැටරැඹ හේමරතන නාහිමි පුණ්‍යානුමෝදනා පින්කමක්

මැටරැඹ හේමරතන නාහිමි පුණ්‍යානුමෝදනා පින්කමක්

ගාල්ල යටගල රාජමහා විහාරය, රුහුණු මාගම සිතුල්පව්ව රාජමහා විහාරය, රුහුණේ මඟුල් මහා විහාරය ප්‍රමුඛ අෂ්ට මහා විහාරාධිපති, ගාල්ල හෙට්ඨාචල පරිවේණාධිපති, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, උපාධ්‍යාය ධුරන්ධර, අග්ගමහාපණ්ඩිත මැටරඹ හේමරතන නාහිමිපාණන් වහන්සේ අපවත් වීමෙන් වර්ෂ පූර්ණ ගුණානුස්මරණ පුණ්‍ය මහෝත්සවය වත්මන් අෂ්ට මහා විහාරාධිපති තල්පේ අරියජෝති මාහිමිපාණන් වහන්සේ සහ අෂ්ට මහා විහාරාධිකාරි ලේල්වල සමිත හිමියන්ගේ අනුශාසනා පරිදි පසුගිය දා ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරස්ථානයේ දී සිදු කෙරුණි.

නොවැම්බර් මස 30 වන දින මහාචාර්ය අගලකඩ සිරිසුමන නාහිමිපාණන් වහන්සේ විසින් ධර්ම දේශනාව පවත්වන ලද අතර, දෙසැම්බර් මස පළමු වැනි දින දහවල ශතාධික සංඝගත දක්ෂිණාව පවත්වා නාහිමිපාණන් වහන්සේ වෙත පුණ්‍යානුමෝදනා සිදු කරන ලදහ.

අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනාහිමිපාණන් වහන්සේ විසින් මූලික ආගමික වතාවත් සිදු කළ අතර අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝසභික මුරුද්දෙණියේ ධම්මරතන නාහිමි, විද්‍යාලංකාර පරිවේණාධිපති වැලමිටියාවේ ඤාණරතන නාහිමි සහ තිස්සමහාරාම රාජමහා විහාරාධිපති දේවාලේගම ධම්මසේන නාහිමිපාණන් වහන්සේ භුක්තානුමෝදනා අනුශාසනා පවත්වන ලදහ. පහමුණේ සුමංගල නාහිමි ඇතුළු මල්වතු අස්ගිරි උභය මහා විහාරයීය කාරක සංඝ සභිකයන් වහන්සේ, මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි ඇතුළු ශතාධික මහා සංඝරත්නය මෙම සංඝගත දක්ෂිණාවට වැඩම කොට වදාළහ.

මැටරඹ හේමරතන නාහිමි අනුස්මරණ ශිෂ්‍යත්ව පදනමේ ප්‍රථම ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය ද මෙදින සිදු කෙරුණි.

උඳුවප් පුර පසළොස්වක

 දෙසැම්බර් 14 සෙනසුරාදා අ.භා. 05.02 පුර පසළොස්වක ලබා
15 ඉරිදා අ.භා. 02.36 ගෙවේ.
14 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 14

Second Quarterඅව අටවක

දෙසැම්බර් 22

Full Moonඅමාවක

දෙසැම්බර් 30

First Quarterපුර අටවක

ජනවාරි 07

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]