[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

මිනිසත් බවේ ශ්‍රේෂ්ඨත්වය සදන අනුත්තරිය ධර්ම

අපි හැමවිට ම උත්සාහවත් වෙන්නේ ඉහළම තැනට යාමට යි. ඉහළම සැප ලබා ගැනීමටයි. පාසලේ ඉගෙනුම ලබන දරුවා පන්තියේ පළමු වැනියා වීම, පන්තියේ සියලු ම ළමුන්ට වඩා ඉහළ තැනක සිටීම, ක්‍රිඩාවට ගියා නම් එයින් පළමු තැන ලැබීම, ධාවන තරගයට ගියහම එයින් පළමු තැන ලැබීම, බලයෙන්, ධනයෙන්, වත්පොහොසත්කම්වලින් අනිකුත් අය අභිබවා ඉහළ ම තැනට පත්වීම කියන මේවා තමයි මේ පෘතග්ජන ස්වභාවයට අනුව අපි කාගේත් පැතුම වන්නේ. අප මෙහි දී මේ කියන සිතිවිලි ක්‍රමයේ වරදක් දකිනවා නොවෙයි. ධර්මානුකූල ව සිතා බැලීම වැදගත්කමයි අවධාරණය කළ යුතු වන්නේ. මේ චින්තන රටා අපට උරුම වෙලා තිබෙන්නේ අපි හැමවිට ම ආශාව, මුළාව වගේ ම තරහ, වෛරය, ක්‍රෝධය වැනි කෙලෙස් ගතිවලින් යුක්ත වන නිසා. තරගයේ දී තමන්ගේ දරුවා ඉහළ තැනකට ඔසවා තැබෙනවා නම්, ඒක තමා මව්පියන්ගේ ප්‍රාර්ථනාව. ජයං වෙරං පසවති දුක්ඛං සෙති පරාජිතො යන බුදු වදන අනුව නම් ඉහළ ම ජය තවත් අයකුගේ වෛරයට හේතු වෙනවා. පරාජිතයා දුකින් තැවෙනවා.බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනා අතර එනවා අනුත්තරිය සුත්ත කියලා සූත්‍රයක්. මෙයින් විස්තර කොට දක්වා තිබෙන්නේ ධර්මානුකූල ව අපේ සිතිවිලි, ආකල්ප ශුභවාදී ව සකස් කර ගැනීමෙන් ඉහළ ම තැනට ගමන් කරන ආකාරය යි. ඉහළ තැන ලබා ගන්නා ආකාරය යි. එහිදී බුදුරජාණන් වහන්සේ අනුත්තරිය ධර්ම හයක් පැහැදිලි කර තිබෙනවා. ඒ වගේ ම උන්වහන්සේ එහිදී මුලින් ම පෙන්වා දී තිබෙන්නේ ඉහළ ම ස්ථරය, නැති නම් තවත් ඊට අභියෝග කළ නොහැකි තත්වයක් අනුත්තරිය අර්ථයෙහි ඇති බවයි. තවත් විදියකින් කියනවා නම්, ඒ ඉහළ ම තත්වයට ගියාට පස්සේ ඉන් එහාට ගිය තවත් උත්තරයක් සොයා ගත නොහැකි බවයි. එහිදී පෙන්වා දෙන උත්තරිය හෙවත් ශ්‍රේෂ්ඨ ධර්ම හයක් තිබෙනවා. පළමු වැන්න තමා දස්සනානුත්තරිය කියන තත්වය. සුන්දරම දර්ශනය කුමක් ද? ශ්‍රේෂ්ඨ දැකීම කියන මේ කරුණ. අද තමන්ගේ හිත්ගත් සුන්දරම රූපය තමන් සතු කර ගන්නට නොහැකි වූ බොහෝ අවස්ථාවල ජීවිත හානි පවා සිදු කර ගන්න අවස්ථා කොපමණවත් තිබෙනවා.


උඳුවප් පුර පසළොස්වක

 දෙසැම්බර් 14 සෙනසුරාදා අ.භා. 05.02 පුර පසළොස්වක ලබා
15 ඉරිදා අ.භා. 02.36 ගෙවේ.
14 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 14

Second Quarterඅව අටවක

දෙසැම්බර් 22

Full Moonඅමාවක

දෙසැම්බර් 30

First Quarterපුර අටවක

ජනවාරි 07

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]