[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

බන්ඩිරිප්පුව විහාරයේ බිතු සිතුවම් කෘතියෙනි

බිනර පුර අටවක

සැප්තැම්බර් 10 අඟහරුවාදා අ.භා. 11.10 පුර අටවක ලබා
11 බදාදා අ.භා. 11.44 ගෙවේ.
11 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 11

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 17

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 24

Full Moonඅමාවක

ඔක්තෝබර් 02

 

මානය වඩා අවමානයට පත්වෙන්න එපා

මානය මෙලොව පරලොව හා සසර ගමනට ම දුක් කැඳවන්නක් ලෙස බුදු දහමට අනුව පැහැදිලි වේ. බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳ විවිධ තැන්වල දී දේශනා කොට ඇත. මිනිසුන් මානයෙන් උදම් වන්නේ ලෝකය හා සත්වයා පිළිබඳ හරි අවබෝධයක් නොමැතිකමිනි. එය හරියාකාර ව අවබෝධ කර ගත් කල්හි මානය මුළුමනින් ම විනාශ වනු ඇත. පුහුදුන් ස්වභාවය මත ම මානය අඩු වැඩි වශයෙන් පවතී. පුහුදුන් සත්වයා යනු කෙලෙස්වලින් බරිත වූවන් ය. එම කෙලෙස්වල එක් අංගයක් ලෙස මානය ද පුහුදුන් ස්වභාවය මත නිරන්තරයෙන් ඉස්මතු වේ. සංයෝජන යනු බැම්ම යන අර්ථය ගෙන දෙන පදයකි. නිවන් දැකීමට නම් බැමි දහයක් බිඳ දැමිය යුතු ය. ඒවා දස සංයෝජන නමින් හැඳින් වේ. ඒවා පිළිවෙළින් ගත් කල්හි මේ අයුරින් දැක්වීමට පුළුවන. සක්කාය දිට්ඨි (ආත්ම දෘෂ්ටිය), විචිකිච්ඡා (සැකය), සීලබ්බත පරාමාස (වැරදි සීලව්‍රත අනුගමනය), කාම රාග (පඤ්චකාම තෘෂ්ණාව), පටිඝ (ද්වේෂය), රූප රාග (රූප රාගය), අරූප රාග (අරූප රාගය), මාන (මැනීම), උද්ධච්ච (උඩඟු බව) හා අවිඡ්ජා (නොදැනීම) වයි.ඉහත පිළිවෙළ අනුව විමසීමේ දී මානය හසුවන්නේ අටවන සංයෝජනය ලෙසයි.එනම් අරහත් වීමේ දී විනාශ වන බැම්මකි. එසේනම් අරහත් තත්ත්වයට පත්වන තුරු ම පවතින මානය ඒ දක්වා ම එහි අනිටු ප්‍රතිඵලත් විඳීමට සිදු වේ. මානය යනු මැනීම නම් එය අවස්ථා තුන් තැනක දී සිදු වනු ඇත. “සෙය්‍යා හමස්මිත්්‍යාදිනා මඤ්ඤතීති මානො” යන අභිධර්මයේ මානය පිළිබඳ විග්‍රහ වී ඇති පාඨයට අනුව එම අවස්ථා තුන නිරූපණය වේ. සෙයිය මාන (උසස් වෙමි’යි මැනීම), සදිස මාන (සමාන වෙමි’යි මැනීම), හීන මාන (පහත් වෙමි’යි මැනීම) යනුවෙන් අනුන් හා තමා සංසන්දනය කරමින් තුන් ආකාරයකින් සිදු වේ. නැවත මේ ත්‍රිවිධ මානය ම “සෙය්යස්ස සෙය්යෝ හමස්මි” (උසස් පුද්ගලයාට වඩා උසස් වෙමි) ආදී වශයෙන් එකිනෙකාට පරස්පර ව මේ මානය ඇති වන බැවින් නව විධ වේ. මෙය අභිධර්මයට අනුව ලෝභ මූලික දිට්ඨි සහගත විප්පයුක්ත සිත්වලට යෙදේ. ඉහතින් සඳහන් කළ ත්‍රිවිධ මානය නවාකාරයකට බෙදෙන අයුරු විමසා බලමු.

පිරිහෙන තැනට ඇදවැටෙන්නේ කුමට... ?

යහපත් වූ අන්තර්පුද්ගල සබඳතා ඇසුරෙන් ජන ජීවිතය පෝෂණය කරවීම බුදු දහමේ එක් මූලික පරමාර්ථයකි. එහි දී මෙලොව ජීවිතය සාර්ථක කොට ඒ ඔස්සේ ම පරලොව ජීවිතයේ ද සුබ සිද්ධිය උදා කර වීමට හේතුවන ඉගැන්වීම් රැසක් බුදු දහම තුළ විස්තර කෙරෙයි. බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වෙසෙන කල එක්තරා දෙවියෙක් පැමිණ බුදු රදුන්ට වැඳ එකත්පස්ව සිට මෙසේ සැළ කර සිටියහ. පරාභවන්තං පුරිසං - මයං පුච්ඡාම ගෝතමං -භගවන්තං පුට්ඨුමාගම්ම - කිං පරාභවතෝ මුඛං ගෞතමයන් වහන්ස, අපි පිරිහෙන පුද්ගලයා පිළිබඳ විමසමින් සිටිමු. ඒ පිළිබඳ ව භාග්‍යවතුන් වහන්සේගෙන් පිළිවිසීමට පැමිණියෙමු. පිරිහෙන්නා ගේ පිරිහීමට දොරටු කවරේ ද? මෙහිදී පුද්ගලයා ගේ පිරිහීමේ දොරටු හඳුන්වා දෙමින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ “පරාභව සූත්‍රය”යි. එය ඛුද්දක නිපාතයෙහි සුත්ත නිපාතයෙහි උරග වග්ගයට ඇතුළත් වෙයි. මෙහි පුද්ගලයකු පිරිහෙන තැනට ඇද දමන ප්‍රධාන කරුණු දොළහක් සඳහන් වෙයි. ඒ එකින් එක අනුපිළිවෙලින් මෙසේ ය. දියුණුවන්නා සේ ම පිරිහෙන්නා ද පහසුවෙන් හැඳිනගත හැකි ය. දියුණුවන්නා ධර්මයට කැමැති ය. පිරිහෙන්නා ධර්මයට ද්වේෂ කරයි. එය පිරිහීමේ පළමු දොරටුව යි. පිරිහෙන්නා අසත් පුරුෂයන් පි‍්‍රය කරයි. සත් පුරුෂයන් පි‍්‍රය නො කරයි. අසත් පුරුෂයන්ගේ මිථ්‍යා ඉගැන්වීම් පි‍්‍රය කරයි. එය පිරිහීමේ දෙවන දොරටුවයි. යම් පුද්ගලයෙක් නිතර ම නිඳනසුලු බවින් යුතු වෙත් ද, පිරිස් මැද ගැවසෙමින් කතාවෙන් ම දවස ගෙවත් ද, උත්සාහයෙන් තොර වෙත් ද, අලසකමින් යුක්ත වෙත් ද, කිපෙනසුලු කෙනෙක් යැයි ප්‍රකට ව සිටිත් ද පිරිහීමේ තෙවන දොරටුව එයයි. යම් පුද්ගලයෙක් හැකියාව තිබිය දී තරුණ විය ගෙවී ගොස් මහලුවියට පත් වූ මව හෝ පිය හෝ පෝෂණය නො කරත් ද එය සිවුවැනි පිරිහීමේ දොරටුව යි.යම් පුද්ගලයෙක් බමුණකු, ශ්‍රමණයන් වහන්සේ නමක හෝ වෙනත් කිසිම යදියෙකු හෝ බොරුවෙන් රවටත් ද? එය පිරිහීමේ පස් වැනි දොරටුව යි.

 

හෙළ කලාවේ අභිමානය මන නෙත් පිනවන අසිරිමත් මංගල්‍යය

සිරිසුගත තථාගත අප සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අසූහාර දහසක් දහම් කඳින් පහස ලද ශ්‍රීමත් දළදා වහන්සේ වැඩ සිටින ශ්‍රී දළදා මාලිගාව බෞද්ධ ජනතාවගේ ශ්‍රද්ධා භක්තිය වර්ධනය කරන්නා සේ ම ඉතා විචිත්‍ර කලාත්මක නිර්මාණ නිසා ජනතා නෙත් සිත් ප්‍රසාදයට පත්වන්නේ ය. සම්බුද්ධ ශාසනයේ චිර කාලීන පැවැත්ම උදෙසා ධර්ම විනය මෙන් ම ප්‍රායෝගික වශයෙන් ජනකාන්ත විෂයයන් ද අනිවාර්යයෙන් අවශ්‍ය වන්නේ ය. බුදු දහම ජන ජීවිතයට සම්බන්ධ කිරීමේ දී ප්‍රථමයෙන් පරිකල්පනයට අවධානය යොමු කොට ක්‍රමයෙන් ප්‍රඥාවට යොමු කළ වග ශාසන ඉතිහාසයෙන් ප්‍රත්‍යක්ෂ වන්නේ ය. අප බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනාරාමයේ දී පස්වග මහණුන් වහන්සේගේ චිත්ත සන්තානය ධර්මයට යොමු කළේ මනෝවිද්‍යානුකූල ව උපක්‍රමශීලීව ය. අංගුලිමාල, පටාචාරා, කිසාගෝතමී ආදී චරිත කතා එයට නිදර්ශන වන්නේ ය. ප්‍රකෘතියෙන් ප්‍රභාශ්වර වූ සිත ආගන්තුක අරමුණු නිසා සසල වන විට එය රුචි කරන අරමුණු කරා ම ගමන් කරන්නේ ය. එයින් ලබන වින්දනයට අවශ්‍ය විෂය ධාරාවන්ගෙන් ප්‍රධාන වන්නේ කලාව යි. විශේෂයෙන් බුදුදහම ජනකාන්ත කලාවන් බිහිවීමට උසස් තෝතැන්නක් වන්නේ ය. ශ්‍රී දළදා මාලිගාව මෙ තරම් මනස්කාන්තවීමට ප්‍රධාන හේතු කීපයකි. ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටීම, ශ්‍රී දළදා මාලිගාවේ විවිධ නිර්මාණ, පෙරහර මංගල්‍යය, සුන්දර පරිසරය, ඇඳුම් පැළඳුම් සොබාදහමේ මනස්කාන්ත දර්ශන උතුම් ලොව්තුරු සැපත ලබා ගැනීමට මහෝපකාරී වූ ආකාරය ථේරථේරී ගාථාවලින් දක්නට පුළුවන. කඳු හෙල්, ඇළ දොළ ගංගා මෙන් ම ආකශයේ ඉගිලෙන විහඟුන්ගේ දර්ශනය, සුමිහිරි නාදය චිත්තාකර්ෂණීය මෙන් ම එම සොබාදහමේ ඇති පරිණාම ස්වභාවය අරමුණු කර ගෙන නිර්වාණගාමී ප්‍රතිපදාවට පිළිපන් වග එම චරිත කතාවලින් ප්‍රත්‍යක්ෂ වන්නේ ය.

 

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]