[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

පුංචි සීගිරියේ අසිරිය දකින්න ගොනාගොල්ල රාජ මහා විහාරයට එන්න

ඓතිහාසික අම්පාර පුරවරයේ ගල්ඔය නිම්නය අසබඩ පුංචි සීගිරිය නමින් ජන සම්මුතියෙන් අභිෂේක ලත් විහාරස්ථානය ගොනාගොල්ල රාජ මහා විහාරස්ථානය යි. මෙහි යන එන තැන දක්නට ලැබෙන ශිලාමය නටබුන් හුදෙක් යන එන නරඹන්නන් දෙස බලා සිටින්නේ යුගයකින් ශේෂ වූ දැවැන්ත ඉතිහාසයක අභිමානය සුරක්ෂිත කර ගනිමිනි. ගොනාගොල්ල රාජ මහා විහාරය කලෙක දී පුංචි සීගිරිය ලෙස නම් ලබන්නට බලපාන්නට ඇති බවක් සිතිය හැක්කේ මෙහි ඇති අපූර්ව සිතුවම් කලාව බව ඉඳුරා ම කිව හැකි ය. මෙහි පවතින සිතුවම් ක්‍රි.ව තෙවැනි සියවසට අයත් බවක් එනම් මීට වසර (1800) කට වඩා පෞරාණිකත්වයක් ඇති බව, 1950 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කරන ලද පර්යේෂණ මඟින් තහවුරු කර ඇත. මෙහි දක්නට තිබූ බොහොමයක් සිතුවම් කාලයේ ඇවෑමෙන් සුන්දරත්වයේ මතකයන් පමණක් ඉතිරි කර අපට නොපෙනී මැකී ගොසින් ඇති අතර, ඉන් එකක්, දෙකක් පමණක් ඉතිරි වී ඇත. එසේ ඉතිරි ව ඇති සිතුවම් තුළින් නිරූපණය වන්නේ බෝසත්වරයකු ඉදිරියේ අයදින ලීලාවෙන් සිටින කාන්තා රූපයකි. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ අදහසට අනුව මැය පර්ජන්‍යය රැඟුමක් ඉදිරිපත් කරමින් සිටියි. මෙම ගොනාගොල්ල රාජ මහා විහාරයෙන් සොයාගත් ගිරි ලිපි කිහිපයක් පිළිබඳව ද තොරතුරු සිහිපත් කළ යුතු ය. බ්‍රාහ්මීය අක්ෂරවලින් සටහන් තබා ඇති මෙම ගිරි ලිපි ක්‍රි.ව 3-4 සියවස්වලට අයත් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් තහවුරු කර තිබේ. දෙවන ලිපියෙන් මහ රටෙහි කිසියම් ගමක වාසය කරන අබය නම් තැනැත්තා විසින් අළිතක විහාරයට කරන ලද වැසි සළු පූජා කිරීමක් ගැන සඳහන් වන අතර ම තෙවැනි ලිපියෙන් අළිතක මහා විහාරයේ පැවති අරියවංස පූජාව සඳහා කළ කහවණු පූජාවක් පිළිබඳ ව සඳහන් වේ.

බිනර පුර අටවක

සැප්තැම්බර් 10 අඟහරුවාදා අ.භා. 11.10 පුර අටවක ලබා
11 බදාදා අ.භා. 11.44 ගෙවේ.
11 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 11

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 17

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 24

Full Moonඅමාවක

ඔක්තෝබර් 02

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]